Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්
    Local News

    වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

    By LFNMay 21, 2026No Comments1 Min Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුද්ධ රෂ්මි වෙසක් කලාපයේ සංවිධාන කටයුතු සහ වෙසක් කලාපය පැවැත්වෙන කාලය තුළ බලශක්ති භාවිතය පිළිබඳ අවධානය යොමුව තිබේ.

    ඒ බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳ ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් සාකච්ඡාවේ දීය.

    ඒ අනුව ඉන්ධන හා විදුලිය භාවිතා කිරීම සඳහා රජය මඟින් පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීම පිළිබඳව දැනුවත් කළ අතර, වෙසක් කලාපයේ කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම උදෙසා පත්කළ කමිටුවල නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීම ද සිදුකර තිබුණි.

    පවතින අර්බුදය හේතුවෙන් පෙර වසරවලට සාපේක්ෂව ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මෙවර තීරණය කර ඇත.

    ඒ අනුව අවම ඉන්ධන හා විදුලි පිරිවැයක් සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත්පහන් කරවන පරිදි වෙසක් අසිරියෙන් අලංකාර කිරීමට බුද්ධ රෂ්මි වෙසක් කලාපය තුළ කටයුතු කර තිබෙන බවත්, මෙවර වෙසක් කලාපය රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන බවත් කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පැවසූහ.

    මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා බලශක්ති අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.