Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත රජය මධ්‍යසාර පාන වර්ග සඳහා සුරාබදු ක්‍රමයේ දැඩි වෙනස්කම් සිදු කිරීමට තීරණය කර ඇති අතර, එම අනුව මැයි 1 වන දින සිට මත්පැන් මිල ගණන් සියයට 20 දක්වා ඉහළ යාමට නියමිත බව වාර්තා වේ. නව බදු ක්‍රමය යටතේ මෙතෙක් මත්පැන් මිල මත පදනම්ව අය කළ බදු වෙනුවට, දැන් මධ්‍යසාරයේ ඇති ඇල්කොහොල් ප්‍රමාණය (ABV) මත බදු අය කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම වෙනස හේතුවෙන් අධික මධ්‍යසාර අන්තර්ගතයක් ඇති පාන වර්ගවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. අඩු මධ්‍යසාර අන්තර්ගතයක් ඇති පාන වර්ගවල මිලවල විශාල වෙනසක් නොවනු ඇති අතර, සමහර අවස්ථාවල මිල අඩුවීමටද හැකි බව වාර්තා සඳහන් කරයි.…
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඉදිරි ජාත්‍යන්තර තරගාවලියන්හි සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රීඩක ගෙවීම් ක්‍රමවේදය මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ. ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සහ ජයග්‍රහණ දිරිගැන්වීම අරමුණු කරගනිමින්, නව බෝනස් ගෙවීම් මෙන්ම වැටුප් කප්පාදු කිරීම්ද ඇතුළත් කර මෙම ගෙවීම් ක්‍රමවේදය සකසා ඇති බව සඳහන්ය. ඒ අනුව ඉදිරියට තරගාවලි ජයග්‍රහණ සඳහා බෝනස් හිමිවන්නේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 (Top 4)ට එරෙහිව ලබන ජයග්‍රහණ සඳහා පමණක් බව වාර්තා වේ. මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි පළමු කණ්ඩායම් 9 අතර සිට ඕනෑම කණ්ඩායමකට එරෙහිව තරගාවලි ජයග්‍රහණයකට බෝනස් හිමිව ඇත. එමෙන්ම ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 යන ඕනෑම ආකෘතියක…
වැඩිමිලට සහල් සහ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල, ගිරාඳුරුකෝට්ටේ, හපුතලේ ආදී ස්ථාවල පිහිටි වෙළෙඳසැල් කිහිපයක් එම අධිකාරිය විසින් පසුගිය 24 වැනිදා හදිසි වැටලීමක් සිදු කර තිබේ. එහිදී කීරි සම්බා සහ අනෙකුත් සහල් අලෙවි කළ යුතු පාලන මිල ඉක්මවා අලෙවි කරන බවට කරුණු අනාවරණය වී ඇති අතර ඒ අනුව අදාළ වෙළෙඳසැල් වෙත නීතිමය පියවර ගැනීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. සිදුකරන ලද නීතිමය පියවරයන් මගින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට, ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට, තංගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂයක,…
පසුගියදා පිලී පැනීමට ලක්වු ‘‘සාගරිකා‘‘ දුම්රිය අද (27) සිට යළි ධාවනය සදහා එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පැවසුවේ අදාළ දුම්රිය අද (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බවය. පසුගිය 24 වනදා බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේදී පිලීපැනීමට ලක් වූ අතර එහිදි දුම්රියේ මැදිරි 13න් 11ක් පිලීපැනීමට ලක්විය. එමෙන්ම පිලී පැනීමට ලක්වු සාගරිකා දුම්රියේ ගමන් කළ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු දුම්රිය ධාවන කටයුතුවලින් තාවකාලිකව ඉවත් කර තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් වන තුරු ඔවුන් දුම්රිය ධාවන කටයුතු සදහා සහභාගී කර නොගැනීමට තීරණය කර…
සටන් විරාමය ක්‍රියාත්මක වන පසුබිමක ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනන වැසියන් 14දෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා තිබේ. ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු ද සිටින බවය. පවතින සටන් විරාමය නොතකා ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ නගර හතක වැසියන්ට වහාම ඉවත් වන ලෙස අනතුරු අඟවා තිබුණි. කෙසේවෙතත් මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළෙකු ද මියගොස් ඇති බව ඊශ්‍රායලය තහවුරු කර ඇති අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ තම රටේ සහ සොල්දාදුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩිව ක්‍රියා කරන බවය. මෙවන් පසුබිමක ඊශ්‍රායලය සටන් විරාමය උල්ලංඝනය කරන්නේ නම් තමන් ද ප්‍රහාර නතර නොකරන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීම් මගින් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 302කට ආසන්න ප්‍රමාණයක් අද (27) දිනයේදී විනාශ කිරීමට නියමිතව තිබේ. අදාළ වැටලීම්වලට අදාළව බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු හෙරොයින් කිලෝ 22 ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 172ක් හා ගංජා කිලෝ 247 ග්‍රෑම් 940ක ප්‍රමාණයක් මෙලෙස විනාශ කිරීමට නියමිතව ඇත. ඊට අදාළව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තිබූ මත්ද්‍රව්‍ය තොගය අද අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පුත්තලමේ පිහිටි වනාතවිල්ලුව ලැක්ටෝවත්ත දහන උඳුන වෙත ගෙන යාම ආරම්භ කෙරිණි.
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද (27) යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ වේ. අද දිනයේ පාද යාත්‍රාව කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ. හෙට (28) දිනයේ දී සාම පාද යාත්‍රාවට සමගාමීව කැලණිය රජමහා විහාරයේ පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡවක්ද පැවැත්වීමට නියමිත අතර අනතුරුව පාද යාත්‍රාව කැලණිය විහාරයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය. එදින “ඒහි පස්සිකෝ” සාම පා ගමනේ රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී සිදුකිරීමට නියමිතව තිබේ. දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල…
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ඊයේ (25) රාත්‍රී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකාර චීවරධාරින් අත්අඩංගුවට ගත් බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය. එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ , විවිධ රසකැවිළි සමග ව්‍යාජ පතුල් සකස් කර ඒවා තුළ කිලෝ ග්‍රෑම් 110 කට අධික ” කුෂ්” සහ ” හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව සඳහන්ය. සෑම චීවරධාරියෙකුගේම ගමන් මළු තුළ කිලෝ ග්‍රෑම් 05 කට අධික මත්ද්‍රව්‍ය තිබී ඇති බව…
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද (26) තෝලංගමුව ජාතික පාසල අසලින් ආරම්භ විය. අද දිනයේ පාද යාත්‍රාව යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කිරීමට නියමිතය. පාද යාත්‍රාව හෙට දිනයේ යක්කල අබේසේකරාරාමයේ සිට කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ. අප්‍රේල් 28 වනදා සාම පාද යාත්‍රාවට සමගාමීව කැලණිය රජමහා විහාරයේ පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡවක්ද පැවැත්වීමට නියමිත අතර අනතුරුව පාද යාත්‍රාව කැලණිය විහාරයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය. එදින “ඒහි පස්සිකෝ” සාම පා ගමනේ රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී සිදුකිරීමට නියමිතව තිබේ. දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර…