Author: LFN

පවතින වාහන අංක තහඩු හිඟයට ස්ථිර විසඳුම් ලබා දෙමින් ලබන ජුනි මස 10 වනදා සිට අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා වූ නව ටෙන්ඩරය නව සමාගමක් වෙත පවරා ඇති අතර, ඒ සඳහා වන ගිවිසුම්වලට පසුගිය මාර්තු 10 වනදා අත්සන් තබා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. එම ගිවිසුම්ගත කොන්දේසි අනුව මාස තුනක් ඇතුළත මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට එම සමාගම බැඳී සිටින බැවින්, ජුනි මස මැද භාගය වන විට අංක තහඩු ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙනු ඇත. අංක තහඩු මුද්‍රණය ප්‍රමාද වීම…

Read More

අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල ගණන් රු 25කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. මේ අතර, ලාෆ්ස් ගෑස් භාවිතයෙන් ආපනශාලා පවත්වාගෙන යන වෙළෙඳසැල්වල ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ නංවා තිබේ.  ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ එවැනි වෙළෙඳසැල් 25 % – 30% ත් අතර ප්‍රමාණයක් පවතින අතර, ඔවුන්ට ලාෆ්ස් ගෑස් මිල දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවය. ඒ අනුව ලාෆ්ස් භාවිතයෙන් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල්වල ප්ලේන් ටී එකක් රු 5කින් සහ කිරි තේ එකක් රු 10කින් ඉහළ නංවා තිබේ. මේ අතර කෙටි ආහාර…

Read More

ඊයේ (06) ඉන්දියාවේ සහාරන්පූර් දුම්රිය ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු වේගයෙන් පැමිණි දුම්රියක ගැටී මියයන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබේ. මියගිය කාන්තාවන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, ඔවුන් දුම්රියක නැගීමට ප්‍රමාද වී සිටි නිසා ඉක්මනින් මාරු වීමට උත්සාහ කර ඇති බවත් මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.

Read More

TVK පක්ෂයේ නායක තලපති විජේ අද (07) තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබුණද එය අද සිදු කිරීමට නොහැකි වී ඇති බව ඉන්දීය ප්‍රවෘත්ති නාලිකා වාර්තා කරනවා. ඒ, තමිල්නාඩුවේ බලය පිහිටුවීමට අවශ්‍ය 118ක බහුතර ආසන සංඛ්‍යාව විජේගේ පක්ෂයට මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්. විජේ ඇතුළු පක්ෂයේ නියෝජිතයින් මේ වන විට තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවී ඇති අතර, එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ දිවුරුම් දීමට අවශ්‍ය නම් අදාළ 118ක බහුතරය පෙන්වන ලෙසටයි. මේ අතර, තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය තීරණය කර තිබෙනවා.…

Read More

රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවුණා.

Read More

වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටිමින් මූල්‍ය වංචාවන් සිදුකළ වියට්නාම් ජාතික සැකකරුවන් හා සැකකාරියන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර විදෙස් ජාතික සැකකරුවන් 41 දෙනෙකු හා සැකකාරියන් 33 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි. ඊයේ (06) සවස කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් හා සැකාරියන් අවුරුදු 19 ත් 39 ත් අතර වයස්වල පසුවන පිරිසක්වන අතර කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. මේ අතර තවත් විදෙස් ජාතික සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටිමින්…

Read More

තමිල්නාඩුවේ මහ ඇමති ධුරට සුදුසුකම් ලැබූ සී. ජෝශප් විජේ නොහොත් ‘තලපති විජේට’ ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සුබ පැතුම් එක්කර තිබේ. ජෝශප් විජේ මහතා වෙත අද (6) සුබ පැතුම් ලිපියක් යොමුකරමින් ඇය සඳහන් කර ඇත්තේ, මෙවර මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් ඔහු අත්පත් කරගෙන ඇති බවය. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත්කර ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, නව පාලනය යටතේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පවසා තිබේ. තවද තලපති විජේගේ ඉදිරි කටයුතු සඳහා ශක්තිය සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන බවත් සිය සුබ පැතුම් පණිවුඩයෙන් හිටපු ජනපතිනිය පවසා ඇත.

Read More

රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ලොව ප්‍රථම පැය 24 පුරා විකාශය වන පුවත් නාලිකාව වන CNN ආයතනය පිහිටවූ ප්‍රකට මාධ්‍ය ව්‍යවසායක සහ සමාජ සේවක ටෙඩ් ටර්නර් (Ted Turner) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 87 වන වියේ පසුවිය. ඔහායෝ ප්‍රාන්තයේ උපත ලබා පසුව ඇට්ලන්ටා නගරය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර දියත් කළ ටර්නර්, සිය ප්‍රකාශනශීලී ස්වභාවය නිසා “The Mouth of the South” යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වා තිබේ. 1980 ජූනි 1 වනදා ඔහු විසින් CNN නාලිකාව ආරම්භ කරන විට බොහෝ දෙනා එය අසාර්ථක වනු ඇතැයි අනාවැකි පළ කර ඇත. එහෙත්, 1991 ගල්ෆ් යුද්ධය සජීවීව විකාශය කිරීමත් සමඟ ලොව පුරා පුවත්…

Read More

ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 6,245ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,500ක්.

Read More

සටන් විරාමයකට එකඟවීමෙන් අනතුරුව පළමු වරට ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ලෙබනනයේ බේරූට් වෙත ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථානයක් වන බේරූට් නගරයේ දහියෙහ් (Dahieh) ප්‍රදේශය වෙතය. ප්‍රහාරය එල්ල වීමත් සමඟ විශාල ගින්නක් ඇතිව තිබෙන අතර, ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ රඩ්වාන් බළකායේ අණදෙන නිලධාරියෙකු ඉලක්ක කර එල්ල කළ මෙම ප්‍රහාරය තමන් පෞද්ගලිකව අනුමත කළ බවය. හිස්බුල්ලා සාමාජිකයින් රැස්වීමක සිටියදී මෙම ප්‍රහාරය එරට වේලාවෙන් රාත්‍රී 8ට පමණ එල්ල වී ඇති අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය මෙතෙක්…

Read More