Author: LFN

තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දුන් සී. ජෝසප් විජේ හට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක් කර තිබේ. X සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ තමිල්නාඩුව වෙනුවෙන් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක් කරන බවය. කෝපය සහ පැරණි තුවාල මත පමණක් ගොඩනැඟුණු සමාජ අවසානයේ හුදකලා වන බවත්, සාධාරණත්වය සහ සහජීවනය මත ගොඩනැඟුණු සමාජ මිනිසුන් සැබෑ ලෙසම අපේක්ෂා කරන අනාගතයක් නිර්මාණය කරන බවත් ඉතිහාසය විසින් පෙන්වා දී ඇති බවද එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත. ලෝකය තුළ මේ වනවිට විශාල වශයෙන් බෙදීම් පවතින බවත් භාෂාව, ආගම හෝ අනන්‍යතාවය කුමක් වුවත්, කලාපය පුරා සිටින මිනිසුන් සැබවින්ම අපේක්ෂා…

Read More

පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගන, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර වැව, මහනුවර දිස්ත්‍රික්කයේ වෑ මැඩිල්ල ජලාශය, දේවහූව, නාලන්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල, යෝධ ඇල, වෙහෙරෙගල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටාආර යන ජලාශ පවතින බවය. රාජාංගන ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 9,300කට අධික ජල ප්‍රමාණයක් කලා ඔය වෙත නිකුත් කරමින් පවතින බව පැවසූ ඒ මහතා…

Read More

අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්තේ චාමර’ අද (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය. මොහු දිගු කළක් ඩුබාටි හී සැඟව සිට මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. සැකකරු 48 හැවිරිදි රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු විසින් තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම, ගනේමුල්ල සංජීව ඝාතනය සදහා ගිනිඅවිය ලබා දීම ඇතුළු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙන්ම මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු ද වේ . සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ පසු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියේය.

Read More

යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ධාවන කටයුතු අද (11) සිට යළි ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සෑම සතියකම සදුදා, බදාදා සහ සිකුරාදා දිනවල යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වීමට නියමිතය. සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල එම දුම්රිය කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන බව ද සඳහන්. දුම්රිය දොපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ වායු සමනය කළ පළමු පන්තියේ මැදිරි 04කින් සමන්විත යාල්දේවි දුම්රියේ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා දී ඇති බවය.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (11) රාත්‍රී 9.00 දක්වා අදාළ බල පැවැත්වීම ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, කුරුණැගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, අඹන්ගඟ කොරලේ, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර‍, වැල්ලවාය, රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අදියර 1 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙස දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවය.

Read More

මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. 2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රෙල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබා දුන්නේය. එහිදී සියයට 8ත් – සියයට 14.4ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු ඉහල දැමීමට පියවර ගැනුණි. මෙවන් පසුබිමක යළිත් වරක් මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුවක්, නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණේ පසුගිය අප්‍රේල් 27 වැනිදාය. ඒ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන…

Read More

ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය නොමැතිව ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවකට මෙලෙස මුද්‍රා තබා ඇත. ලද තොරතුරකට අනුව එම අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (09) දින මෙම කර්මාන්ත ශාලාව හදිසි වැටලීමක් කර තිබේ. එහිදී කර්මාන්ත ශාලාව වසර තුනක පමණ කාලයක සිට මෙම ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති බවත් ඔවුන් සිය අනෙකුත් නිෂ්පාදන සමග මිලිමීටර් 6 ප්‍රමාණයේ ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් අනාවරණය වී ඇත. යකඩ කම්බි සඳා වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහතිකය…

Read More

පවතින වර්ෂාපතනයත් සමග දිවයින පුරා පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ මෙම ජලාශ අතරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, මොනරාගල දිස්ත්‍රික්කයේ වෙහෙරගල, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, කුරුණැගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය යන ජලාශ පවතින බවය. ඒ අතරින් මේ වන විට ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර එමගින් තත්ත්පරයකට ඝන අඩි 4,000කට අධික ජල ප්‍රමාණයක් කිරිඳිඔය වෙත නිකුත් කරමින් පවතින අතර වෙහෙරගල ජලාශයද වාන් දොරටු 6ක් විවෘත කරමින් තත්ත්පරයකට ඝන අඩි 1,400කට අධික ජල…

Read More

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව තත්ත්පරයට ඝන අඩි 11,100 බැගින් ජලය දැදුරුඔයට නිකුත් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර අද (01) පස්වරු 01.15 පමණ වනවිට රාජංගනය ජලාශයේ වාන්දොරු 8ක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් ද වාන් දොරටු හතරක් අඩු තුන බැගින් ද වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය. එමගින් ඝන අඩි 8,113ක ජලය මුදාහැරෙන බව ඔවුන් ප්‍රකාශ කරයි.

Read More

අද (09) අලුයම් කාලයේදී යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ රෝහලේ ඖෂධ ගබඩාව තුළ බව වාර්තා වෙයි. ගින්න මැඩපැවැත්වීම සඳහා යාපනය මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, රෝහල් සේවකයින්, ආරක්ෂක අංශ සහ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි. ගින්නට හේතුව හෝ ඉන් සිදුවූ අලාභ හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

Read More