Author: LFN
වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. එමෙන්ම වියට්නාමයෙන් පොහොර ලබාගැනීමට කළ ඉල්ලීමට එරට රජය විසින් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදී ඇති බව ඒ මහතා කිව්වේය. “වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මැතිතුමනි. වියට්නාම් දූත මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පැමිණි සම්භාවනිය මහත්ම මහත්මියනි. අනෙකුත් සම්භාවනිය නියෝජිතවරුනි. මාධ්‍ය හිතවතුනි. ආයුබෝවන්, ප්‍රථමයෙන් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලාංකීක ජනතාව වෙනුවෙන් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ…
දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ්‍ය වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණීමට නියමිත බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතා පැවසීය. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය විසින් ඊයේ (7) අද (8) දිනයේ දෙනියාය කලාපයේ පාසල් 4ක් වසාදෑමීමට කටයුතු කළේය. දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්වි භාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් මෙලෙස වසාදැමීමට කටයුතු කරනු ලැබීය. අදාළ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් අතර රෝග ව්‍යාප්තිය ඉහළ යාම…
අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, අප්‍රේල් මස අස්වැසුම ප්‍රතිලාභ දීමනා සිංහල හා දෙමළ අවුරුදු සැමරුමට පෙර ගෙවීම සිය අරමුණ වූ බවය. ඒ අනුව පළමු අදියර සහ දෙවන අදියර අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා එම දීමනාව 2026.04.10 දින ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කළ බව සඳහන්ය. මෙම දීමනාවලට අමතරව මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අන්ත දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 7,500ක් ද දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 5,000ක් ද අවධානමට ලක්වූ කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද ගෙවීමට නියමිතව…
ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තියට පසුගිය මැයි 4 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවීම, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගත් සන්ධිස්ථානීය තීරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි. යුනිසෙෆ් ශ්‍රී ලංකා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම තීරණය ශ්‍රී ලංකාවේ ජාතික විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කරමින් ළමුන් සඳහා ආරක්ෂිත පවුල් පරිසරයක් තහවුරු කිරීමේ උත්සාහයන්ට වැදගත් පිටුබලයක් වන බවය. දරුවන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා යුනිසෙෆ් වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කර ඇති අතර, ජාතික විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය සැකසීම, නේවාසික සත්කාර ආයතනවල ජාතික සංගණනය සහ පළාත් ක්‍රියාකාරී සැලසුම් සංවර්ධනය සඳහා ද…
වැලිසර අතරමැදි කඳවුරෙන් පලාවිත් අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල යෙදුණු විදෙස් ජාතිකයන් 30 දෙනෙකු පොලීසිය විසින් අද (7) අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් බොරලැස්ගමුව 10 කණුව ප්‍රදේශයේ කුලියට ගත් ගොඩනැගිල්ලක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේය. සැකකාර විදේශීය ජාතිකයන් අතර චීන ජාතික තරුණියන් දෙදෙනෙක් ඇතුළු 21ක්, වියට්නාම් තරුණියක් ඇතුළු 9ක් සිටින බව පොලිසිය පැවසීය. එම සැකකරුවන් සමග පරිගණක 10, ඇපල් වර්ගයේ ජංගම දුරකථන 29ක්, අන්තර්ජාල පහසුකම් ලබාගන්නා උපාංග ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙවැනිම ආකාරයේ වරදකට ඉකුත් අප්‍රේල් 2වැනිදා විදෙස් ජාතිකයන් 152ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන්…
දෙහිවල ප්‍රදේශයේ රූපවාහිනී වෙළෙඳ සැලකට කාන්තාවන් හය දෙනෙකු ඇතුළු දස දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන ඇතුළු වී එහි සේවකයින්ට පහර දී රුපියල් 13 ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලා ගොස් ඇති බව දෙහිවල පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව, කොල්ලකරුවන්ගේ මෙම ක්‍රියාව CCTV කැමරාවක ද සටහන්ව ඇත. ඉකුත් 04 වැනි දින සවස 06.30ට පමණ නාඳුනන පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගැනීමට බව පවසා අදාළ වෙළෙඳ සැලට ඇතුළු වී ඇතැයි පොලිසිය පැවසීය. ඔවුන් ඒ සඳහා රුපියල් 45,000/= ක මුදලක් අයකැමි වෙත ලබා දී ඇති අතර, සේවකයින් ඔවුන්ට රූපවාහිනී යන්ත්‍රය…
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ ඊයේ(06) ගාල්ල, හබරාදූව සංචාරක ලැඟුම්හල තුළ දී සිදු කළ ඒකාබද්ධ වැටලීමක දී රුපියල් ලක්ෂ 120ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් ග්‍රෑම් 280 මිලිග්‍රෑම් 150ක්, හෑෂ් ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 10ක් සහ TCH ග්‍රෑම් 40ක් සමඟ විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ඇමරිකන් ඩොලර් 10ක්, යුරෝ 250ක් සහ දේශීය මුදල් 17,570.00ක් ද සොයාගෙන ඇත.
2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත, 2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා භාරගැනීම හෙට (08) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, 2026 මැයි 08 සිට මැයි 29 දක්වා අභියාචනා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව සඳහන් වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3ක් සඳහා (උපරිම) අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ සෘජුව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද බව අමාත්‍යාංශය පවසයි. එමෙන්ම අදාළ මාර්ගගත පද්ධතිය ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ පහසුකමද සලසා තිබේ. අදාළ කාලසීමාව තුළ පමණක් අභියාචනා භාරගන්නා බැවින්, සුදුසුකම්ලාභී සිසුන්ගේ දෙමාපියන්…
වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් රාජ්‍ය සංචාරයක් සඳහා අද (07) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55වන සංවත්සරය සැමරීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ සිදු කළ එරට සිදු කළ රාජ්‍ය සංචාරයේදී කළ ආරාධනාවට අනුවය. වත්මන් රජය යටතේ ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම සංචාරය සිදු වීම විශේෂත්වයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. වියට්නාම් ජනාධිපතිවරයකු මෙරට සංචාරයේ නිරත වන්නේ වසර 15කට පසුවවීමත් විශේෂත්වයකි. ලෝකයේ ප්‍රධාන නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් වර්තමානයේ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතර…
පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා තැබීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය ප්‍රකාශ කර ඇත. ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස වසා දමෙනු ඇත. අදාළ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් අතර රෝග ව්‍යාප්තිය ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස…