Author: LFN
TVK පක්ෂයේ නායක තලපති විජේ අද (07) තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබුණද එය අද සිදු කිරීමට නොහැකි වී ඇති බව ඉන්දීය ප්‍රවෘත්ති නාලිකා වාර්තා කරනවා. ඒ, තමිල්නාඩුවේ බලය පිහිටුවීමට අවශ්‍ය 118ක බහුතර ආසන සංඛ්‍යාව විජේගේ පක්ෂයට මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්. විජේ ඇතුළු පක්ෂයේ නියෝජිතයින් මේ වන විට තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවී ඇති අතර, එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ දිවුරුම් දීමට අවශ්‍ය නම් අදාළ 118ක බහුතරය පෙන්වන ලෙසටයි. මේ අතර, තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය තීරණය කර තිබෙනවා.…
රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවුණා.
වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටිමින් මූල්‍ය වංචාවන් සිදුකළ වියට්නාම් ජාතික සැකකරුවන් හා සැකකාරියන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර විදෙස් ජාතික සැකකරුවන් 41 දෙනෙකු හා සැකකාරියන් 33 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි. ඊයේ (06) සවස කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් හා සැකාරියන් අවුරුදු 19 ත් 39 ත් අතර වයස්වල පසුවන පිරිසක්වන අතර කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. මේ අතර තවත් විදෙස් ජාතික සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටිමින්…
තමිල්නාඩුවේ මහ ඇමති ධුරට සුදුසුකම් ලැබූ සී. ජෝශප් විජේ නොහොත් ‘තලපති විජේට’ ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සුබ පැතුම් එක්කර තිබේ. ජෝශප් විජේ මහතා වෙත අද (6) සුබ පැතුම් ලිපියක් යොමුකරමින් ඇය සඳහන් කර ඇත්තේ, මෙවර මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් ඔහු අත්පත් කරගෙන ඇති බවය. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත්කර ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, නව පාලනය යටතේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පවසා තිබේ. තවද තලපති විජේගේ ඉදිරි කටයුතු සඳහා ශක්තිය සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන බවත් සිය සුබ පැතුම් පණිවුඩයෙන් හිටපු ජනපතිනිය පවසා ඇත.
රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ලොව ප්‍රථම පැය 24 පුරා විකාශය වන පුවත් නාලිකාව වන CNN ආයතනය පිහිටවූ ප්‍රකට මාධ්‍ය ව්‍යවසායක සහ සමාජ සේවක ටෙඩ් ටර්නර් (Ted Turner) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 87 වන වියේ පසුවිය. ඔහායෝ ප්‍රාන්තයේ උපත ලබා පසුව ඇට්ලන්ටා නගරය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර දියත් කළ ටර්නර්, සිය ප්‍රකාශනශීලී ස්වභාවය නිසා “The Mouth of the South” යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වා තිබේ. 1980 ජූනි 1 වනදා ඔහු විසින් CNN නාලිකාව ආරම්භ කරන විට බොහෝ දෙනා එය අසාර්ථක වනු ඇතැයි අනාවැකි පළ කර ඇත. එහෙත්, 1991 ගල්ෆ් යුද්ධය සජීවීව විකාශය කිරීමත් සමඟ ලොව පුරා පුවත්…
ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 6,245ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,500ක්.
සටන් විරාමයකට එකඟවීමෙන් අනතුරුව පළමු වරට ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ලෙබනනයේ බේරූට් වෙත ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථානයක් වන බේරූට් නගරයේ දහියෙහ් (Dahieh) ප්‍රදේශය වෙතය. ප්‍රහාරය එල්ල වීමත් සමඟ විශාල ගින්නක් ඇතිව තිබෙන අතර, ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ රඩ්වාන් බළකායේ අණදෙන නිලධාරියෙකු ඉලක්ක කර එල්ල කළ මෙම ප්‍රහාරය තමන් පෞද්ගලිකව අනුමත කළ බවය. හිස්බුල්ලා සාමාජිකයින් රැස්වීමක සිටියදී මෙම ප්‍රහාරය එරට වේලාවෙන් රාත්‍රී 8ට පමණ එල්ල වී ඇති අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය මෙතෙක්…
වියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) මහතා නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව වියට්නාම් ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 200ක් පමණ මෙම සංචාරය සඳහා සහභාගී වනු ඇති බව ද සඳහන්ය. වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ. මේ අතර වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
හන්ටා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් දැඩි අවධානයට ලක් වූ ඕලන්දයට අයත් MV Hondius නමැති විනෝද චාරිකා නෞකාවේ සිටි රෝගීන් තිදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉවත් කිරීමෙන් අනතුරුව කේප් වර්ඩ් දූපත්වලින් පිටත්ව ගොස් තිබේ. මෙලෙස ඉවත් කරන ලද්දේ 56 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු, 41 හැවිරිදි ඕලන්ද ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සහ 65 හැවිරිදි ජර්මානු ජාතිකයෙකු බව සඳහන් වේ. ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නෙදර්ලන්තය වෙත ගුවන් මගින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. ඉවත් කළ පිරිසෙන් දෙදෙනෙකු දැනටමත් නෙදර්ලන්තයේ රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර, තෙවැන්නා රැගත් ගුවන් යානය ප්‍රමාද වී ඇති බව නෞකාවේ මෙහෙයුම්කරු වන Oceanwide Expeditions ආයතනය ප්‍රකාශ කර ඇත. මීට…
කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරයා විසින් ඊයේ (06) දිනයේ තමා වෙත භාරදුන් බව කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා සඳහන් කළේය. නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව බී.ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කර තිබේ. කුරුණෑගල මහ නගර සභාව සඳහා අංක එක ගංගොඩ කොට්ඨාශයෙන් වැඩිම මනාප ලබාගනිමින් මෙම මන්ත්‍රීවරයා කුරුණෑගල මහ නගර සභාව සඳහා තේරී පත්ව තිබුණි. අනවසර වෙළෙඳාම්, අනවසර ඉදිකිරීම්, අවිධිමත් ඉන්ධන භාවිතය, අවිධිමත් අතිකාල ගෙවීම්,…