Author: LFN
ඉතිහාසයේ පළමුවරට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවා තිබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේ අදහස් පළ කරමිනි. “දශක ගණනාවක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා, අමාත්‍යාංශ හසුරුවලා, රට විනාශ කරපු බංකලොත් කරපු රටක් තමයි අපි භාරගත්තේ. දැන් අපිට ඇවිත් උපදෙස් දෙනවා ප්‍රගති වාර්තාව, එල් බෝඩ් එක ගැන. ඔවුන්ගේ දේශපාලන පක්ෂත් දැන් විනාශ වෙලා නන්නත්තාර වෙලා යනඑන මං නැතිවී තිබෙනවා. අපි රට භාර අරගෙන එක අවුරුද්දක් ඇතුළත, පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 109 ආසන්නයට ළං වුණා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ඒක පුද්ගල ආදායම…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අදත් පහළ යෑමක් පෙන්නුම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යමින් ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයකට පැමිණ ඇති බවය. ඒ අනුව, ලෝක වෙළෙඳපොළ දත්ත අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 99.43ක් ලෙස සටහන්ව ඇත. මීට අමතර WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 93.17ක් ලෙසත්, මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 96.20ක් ලෙසත් සටහන් වී තිබේ. මෙය පසුගිය දිනයට සාපේක්ෂව සියයට 2කට ආසන්න පහළ යාමකි. මේ අතර යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සකස් කර ඇති කරුණු 14කින් යුතු නව අවබෝධතා ගිවිසුම තමන් සලකා බලමින් සිටින බව ඉරානය…
ඇප මත මුදාහැර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝගයක් නිකුත් කළේය. අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත්කර ඇත. කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි. අල්ලස් කොමිසම මෝසමක් මාර්ගයෙන් එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන…
පළමු ශ්‍රේණිය සඳහා ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණය සඳහා සකස් කරන විධිමත් ක්‍රියාවලියට ගුරු උපදේශකවරුන් ද සම්බන්ධ කර ගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ පස්වන සභාවාරය ඊයේ (06) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇයගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදීය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය කරමින්, ඉදිරි කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය කරුණු එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. ඩිජිටල් කාර්යසාධක බලකායේ නිර්දේශ අනුව පාසල් තුළ තාක්ෂණික පහසුකම් සංවර්ධනයට අදාළ සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, නව ඉගැන්වීම් ක්‍රියාවලිය ඔස්සේ සිසුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය වීම නිශ්චිත මිනුම් ක්‍රමවේදයක් මගින් ඇගයීමට ලක්…
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පෙර වව්නතිව් හිදී සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා මේ මස 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මොවුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ පරීක්ෂණ නොමග යැවීම සදහා කුමන්ත්‍රණය කළ බවට වන චෝදනා යටතේයි. මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සිදු කළ එකක් බව පාස්කු ප්‍රහාරය සිදු වීමෙන් පසුව ඒ පිළිබඳව කරන ලද විමර්ශන මගින් හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් පොලිසියට දැනුම් දී තිබෙනවා.
ගතවූ වසර තුන තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 12,000ක් පමණ ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි. 2023, 2024 සහ 2025 වසරවල ලැබී ඇති එම පැමිණිලිවලින් 2,300ක් පමණ විසඳා ඇති බව ආනන්ද විජේපාල මහතා කියා සිටියේය. 2023 වසරේදී කාන්තාවන්ට එරෙහිව සයිබර් අපරාධ 4103ක් ලැබී ඇති අතර ඉන් 753ක් විසඳා ඇත. තවත් පැමිණිලි 3348ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සහ නඩු පැවරීම් සිදු කෙරේ. 2024 වසරේදී ලැබුණු පැමිණිලි 3159 අතුරින් 982ක් විසඳා ඇති බව ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය. එහිදී තවත් පැමිණිලි 2177ක් පිළිබඳව විමර්ශන…
2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්වම ග්‍රීක බැඳුම්කර මිලදීගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ, මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසිය කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේය. රුපියල් මිලියන 100 තැන්පත් කිරීමේ කොන්දේසියට යටත්ව නඩුව ඉල්ලා අස්කරගැනීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණද, එම එකඟතාව පරිදි නියමිත කාලය තුළ අදාළ මුදල තැන්පත් කරමින්…
පවතින වාහන අංක තහඩු හිඟයට ස්ථිර විසඳුම් ලබා දෙමින් ලබන ජුනි මස 10 වනදා සිට අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා වූ නව ටෙන්ඩරය නව සමාගමක් වෙත පවරා ඇති අතර, ඒ සඳහා වන ගිවිසුම්වලට පසුගිය මාර්තු 10 වනදා අත්සන් තබා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. එම ගිවිසුම්ගත කොන්දේසි අනුව මාස තුනක් ඇතුළත මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට එම සමාගම බැඳී සිටින බැවින්, ජුනි මස මැද භාගය වන විට අංක තහඩු ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙනු ඇත. අංක තහඩු මුද්‍රණය ප්‍රමාද වීම…
අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල ගණන් රු 25කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. මේ අතර, ලාෆ්ස් ගෑස් භාවිතයෙන් ආපනශාලා පවත්වාගෙන යන වෙළෙඳසැල්වල ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ නංවා තිබේ. ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ එවැනි වෙළෙඳසැල් 25 % – 30% ත් අතර ප්‍රමාණයක් පවතින අතර, ඔවුන්ට ලාෆ්ස් ගෑස් මිල දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවය. ඒ අනුව ලාෆ්ස් භාවිතයෙන් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල්වල ප්ලේන් ටී එකක් රු 5කින් සහ කිරි තේ එකක් රු 10කින් ඉහළ නංවා තිබේ. මේ අතර කෙටි ආහාර…
ඊයේ (06) ඉන්දියාවේ සහාරන්පූර් දුම්රිය ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු වේගයෙන් පැමිණි දුම්රියක ගැටී මියයන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබේ. මියගිය කාන්තාවන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, ඔවුන් දුම්රියක නැගීමට ප්‍රමාද වී සිටි නිසා ඉක්මනින් මාරු වීමට උත්සාහ කර ඇති බවත් මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.