Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මත්ද්‍රව්‍ය සිද්ධියට හසුවූ චීවරධාරීන්ට උපැවිදිවන ලෙස ඉල්ලීමක්
    Local News

    මත්ද්‍රව්‍ය සිද්ධියට හසුවූ චීවරධාරීන්ට උපැවිදිවන ලෙස ඉල්ලීමක්

    By LFNMay 15, 2026No Comments2 Mins Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින චීවරධාරීන් 23දෙනාට උපැවිදිවන ත්‍රෛයිනිකායික ලේඛකාධිකාරී හිමිවරු විසින් එම චීවරධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    වෙල්ලස්ස, බින්තැන්න, නැගෙනහිර තෙපලාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සංඝකීර්ති ශ්‍රී සරණංකර දේවරක්ඛිත පූජ්‍ය මහඔය ජිනරතන ස්වාමීන් වහන්සේ පිළිගැනීම සඳහා ඊයේ (15) පැවති පිංකමට වැඩමකළ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ මේ බව පැවසූහ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පවසා සිටියේ, එම චීවරධාරීන්ට කැමැත්තෙන් සිවුරු අත්හරින ලෙස යෝජනා කළ බවත්, නිර්දෝෂී වුණොත් යළි පැවිදි කිරීමට අවසර ලබාදෙන බවත් පැවසූ බවය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි,

    “අපේ සංඝ සමාජය හැටියට අපිට විශාල අර්බුදයක්, කොහොමද මේ වැරදි කරන පුද්ගලයෝ සසුනෙන් නෙරපන්නේ කියන එක.

    ඊයේ පෙරේදා යම් සිද්ධියකට මුහුණ දුන් 23 දෙනෙක් සිරගතව ඉන්නවා. ජනාධිපතිතුමාත්, නීතිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ත්‍රෛයිනියාකිය ලේඛකාධිකාරී හාමුදුරුවරු එම 23 දෙනා හමුවීමට ගිහින් සාකච්ඡා කළා. 

    ඔබ වහන්සේලාගේ කටයුතුවලින් ශාසනයට විශාල අපවාදයක්…මේ රටට පමණක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙනුත් අපිට සිද්ධ වෙලා තිබෙනවා කියා දැනුම්දුන්නා. 

    ඒ නිසා කැමැත්තෙන් සිවුරු අරින්න, නිර්දෝෂී වුණොත් ආපහු ඔය විදිහටම පැවිදි කරන්නන්. සිවුර දරාගෙන ඔළුව වහගෙන පෝලිම් ගැහිලා අධිකරණයට යන්න ගියහම බෞද්ධයෝ කලකිරෙනවා කියලා දැනුම්දුන්නා.  

    එතන හතර පස් දෙනෙක් කැමති වුණේ නෑ. එතන සාමණේර අය බොහෝ පිරිසක් සිටියේ. ඉතින් ඒ අය යම් පෙළඹවීමකට ගොදුරු වී තිබූ බවයි අපිට දැනුනේ” යැයි උන් වහන්සේ පැවසූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026

    “සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..” – බලශක්ති ඇමති

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.