Author: LFN

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තුවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය. සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර…

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලීසිය මගින් ඊයේ (5) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. එහිදී අදාළ සැකකරුවන් එළැඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරයා අධිකරණය නියම කර තිබේ. අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන සැකකරුවන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. මෙහිදී කෙසෙල්වත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම මඟින් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා මිලදී ගත් රුපියල් මිලියන ගණනක් වටිනා නිවාස සහ ඉඩම් රැසක් තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය පියවර ගෙන ඇත. පානදුර, මහවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ ඔහුගේ ඥාතීන් පිරිසක් විසින් සිදුකරන ලද මෙම ජාවාරම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම පියවර ගෙන තිබේ. මෙම සිද්ධියට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකළ නිලධාරීන් විසින් සැකකාරියන් සිව්දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය මාර්තු මස 13වෙනදා සහ පසුගිය අප්‍රේල් මස 02 වෙනිදා යන දිනවලදී සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. වෙනත් මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන්…

Read More

මෙරට තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට (US Post) ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,000කට අධික මුදලක් අවස්ථා 2කදී තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (6) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. එහිදී අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ, ව්‍යාජ ඊමේල් 03කින් ලද තොරතුරවලට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම මුදල් බැහැර කිරීම් සිදුකර ඇති බවය. තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද මුල්වරට කරුණු වාර්තාකළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෙම කරුණු දැක්වීම සිදු කළේය.…

Read More

මෙරට ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, කළමනාකරු ඇතුළු තුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අවස්ථාවේදීය. එහිදී ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු හා රාජ්‍ය සේවකයින්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට බදුන් කෙරිණි. රජයේ ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණය සඳහා වන වැඩසටහන් හා එහි ප්‍රගතිය  සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඒ සඳහා ලෝක බැංකුවේ සහාය ලබාදීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු…

Read More

තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේ වෙත, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. අද (06) පැවති පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු මෙම සුබ පැතුම් එක්කළේය. එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලට බලපාන කරුණු කිහිපයක් තලපති විජේගේ අවධානයට යොමුකර ඇති තොන්ඩමන් මහතා, කච්චතිව් දූපත සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. එමෙන්ම වසර ගණනාවක සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුහුණදෙන ප්‍රායෝගික ගැටලුවක් වන ධීවර ගැටලුව විසඳීමට වැඩි අවධානයක් යොමුකරන ලෙසත් මෙහිදී ඉල්ලා තිබේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවන් තොන්ඩමන් මහතා, “තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති ලෙස දිවුරුම්දීමට නියමිතව සිටින විජේ මහතාට මම සුබ…

Read More

පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ගෙවීම් අංශයේ මුදල් භාරව කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකි ඔහු පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් තිස්පන් ලක්ෂ හතලිස්දහස් හාරසිය පහලොවක මුදලක් වංචා කර ඇති බව පොලීසිය පැවසීය. පොදු දේපොළ පනත යටතේ සැකකරුට චෝදනා එල්ල කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය. පොලිස්පතිවරයාගේ උපෙදස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධික්ෂණයෙන් නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා විසින් විමර්ශන සිදුකරයි.

Read More

ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව, ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 50 දක්වා වැඩි කර ඇත. මෙම සංශෝධිත බදු අනුපාතය 2026 මැයි 5 වන දින සිට 2026 දෙසැම්බර් 31 වන දින දක්වා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. එමෙන්ම, 2025 දෙසැම්බර් 31 දින නිකුත් කළ අංක 2469/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පැවති පෙර බදු නියමයද මේ සමඟ සංශෝධනය කර තිබේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී 2026 මැයි 04 දින මෙම ගැසට්…

Read More

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයගත් තලපති විජේ හෙට මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට සැලසුම් කරමින් සිටින බවට ඉන්දීය මාධ්‍ය පවසයි. මේ අනුව රජයක් පිහිටුවීමට අවශ්‍ය බලය තහවුරු කරගැනීමට ඔහුගේ TVK පක්ෂය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. ඉන්දියානු ද්‍රවිඩ ප්‍රජාවගේ බලකොටුව ලෙස සැලකෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. ඒ අනුව ප්‍රාන්ත ආසන 234න් 108ක් දිනා එම ප්‍රාන්තයේ ජය තහවුරු කරගත්තේ ජෝෂප් විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය විසිනි. කෙසේ වෙතත් ප්‍රාන්තයේ මහඇමති ලෙස පත්වීමට නම් එක් පක්ෂයක් හෝ සන්ධානයක් ආසන 118ක් තහවුරු කරගත යුතු වේ. මේ අනුව විජේගේ පක්ෂයට සහාය ලබාදීමට ආසන 5ක් සතු කොංග්‍රස පක්ෂය දැනටමත් ඉදිරිපත්ව සිටියි.…

Read More

මැයි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට එම සමාගම තීරණය කර ඇත. මේ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිළ ගණන් වලංගු වේ. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහත පරිදි වේ. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,765යි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,910යි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 890යි.

Read More