Author: LFN

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS සින්ධුකේසරි’ සබ්මැරීනය කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම සබ්මැරීනය ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ. සබ්මැරීනය කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. මෙම සබ්මැරීනය දිගින් මීටර් 72.6ක් වන අතර, එහි කාර්ය මණ්ඩලය නාවිකයන් 67 දෙනෙක්. මෙම නිල සංචාරය නිම කරමින් ‘INS සින්ධුකේසරි’ සබ්මැරීනය හෙට (05) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Read More

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (03) දිනයේදී සිදුකරන ලද මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට ලක් කළ බවය. එහිදී සැකපිට පුද්ගලයින් 548ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 147දෙනෙකුද හඳුනාගෙන තිබේ. එමෙන්ම මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 212දෙනෙකුද විවෘත වරෙන්තුකරුවන් 158දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තවද බීමත් රියදුරන් 135ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයින් 83දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,996කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කර තිබේ.

Read More

අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශයේ දී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබ් 01ක්, ජීව පතරොම් 16ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පිස්තෝල අවිය මීට දින කිහිපයකට පෙර වෙනත් පුද්ගලයෙකු විසින් මොහුට ලබාදී ඇති බවට අනාවරණය වී ඇති අතර එම සැකකරුද පෙරේදා (03) දින රාත්‍රීයේ දී අම්බලන්ගොඩ, වාද්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 22ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නමැත්තාගේ…

Read More

එක්සත් ජනපදය ඉරානය සමඟ ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමෙරිකානු හමුදා යෙදවීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. මෙම නව සමුද්‍රීය මෙහෙයුම “Project Freedom” ලෙස නම් කර ඇති අතර, අවහිරය හේතුවෙන් සිරවී ඇති ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවෙමින් පවතින නෞකාවල කාර්ය මණ්ඩල වෙනුවෙන් කරන ලද මානුෂීය මැදිහත්වීමක් ලෙස ද ඔහු මෙය හඳුන්වා ඇත. “අපි එම නෞකා සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සමුද්‍ර සන්ධියෙන් පිටතට ගැනීමට උපරිම උත්සාහයක් ගන්නවා. ප්‍රදේශය නාවික ගමනාගමනයට ආරක්ෂිත වන තෙක් ඔවුන් නැවත නොපැමිණෙන බව සෑම…

Read More

කටුගස්තොට, ගුහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම් අධික්ෂකවරයෙකු බවත් වාර්තා වේ. තුවාල ලැබූ එම පුද්ගලයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්ය.

Read More

තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පෙරවරුවේ එම නිල පිලිගැනීමේ උත්සවය  ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරුවේ ආරම්භ වීමට නියමිතය. නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව දෙරටේ නායකයින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතව තිබේ. දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය. තවද විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිඹිබු කරමින් ඒ මහතාගේ මෙම සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කෙරෙනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන්…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. බස්නාහිර පළාතෙත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව සඳහන්. එමෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම නිවේදනයේ…

Read More

රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරුවන් ඊයේ (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.ඩී ජනක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සහ නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීමේ චෝදනාව මත මෙම පිරිස රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයකදී අත්අඩංගුවට ගනු ලැබූ අතර එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ විදෙස් ජාතිකයින් 120කි. එම පිරිස අතරට චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරන පිරිස් සිටින බවද සඳහන්ය. එහිදී ඔවුන් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකථන රැසක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබුණි. සැකකරුවන් පිරිස අදාළ මහල් නිවාසයේ මහල් කිහිපයක් කුලී…

Read More

රුපියල් 129,600 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අනුරාධපුර, පණ්ඩුලගම යුද හමුදා කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ සජිත් සමීර දිසානායක නැමති හමුදා සේවකයාය. අල්ලස් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, යුද හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින පුද්ගලයෙකුට ඔහුගේ විශ්‍රාම ණය මුදල් පියවීමට උදව් කළ හැකි බව පවසා සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවය. පැමිණිලිකරුගේ ණය විස්තර ලබාගෙන ඇති සැකකරු, රුපියල් ලක්ෂ 25 ක ආධාර මුදලක් ලබා දෙන බව පවසා ඇත. එම ආධාරය ලබා ගැනීමට පෙර ගෙවිය යුතු මුදල් ලෙස…

Read More

පන්නල, හුණුවිල ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වන හුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පන්නල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More