Author: LFN

සංචාරක කිලෝ ග්‍රෑම් 85ට අඩු නවසීලන්ත රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් රග්බි තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය හෙට (03) මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය ඉකුත් 25 වැනිදා රාත්‍රි තරගයක් ලෙසින් කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අතර එහිදී ලකුණු 27-16ක් ලෙස ජය හිමිකර ගැනීමට නවසීලන්ත පිල සමත් විය. පළමු තරගය ප්‍රවේශපත් මිලදී ගනිමින් නැරැඹීමට සිදු වූ පසුබිමක අනිද්දා තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරැඹීමට අවස්ථාව සලසා තිබීම විශේෂත්වයකි. තරගාවලිය ඇරැඹි ඉකුත් වසරට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත්දා පැවැති තරගයේදී නවසිලන්ත කණ්ඩායමට තියුණු අභියෝගයක් එල්ල කිරීමට සමත් වීම කැපී පෙනුණි. කෙසේ වෙතත් අනිද්දා…

Read More

භික්ෂුන් වහ­න්සේට එරෙ­හිව පසු­ගිය කාලයේ මතුවී ඇති නීති­වි­රෝධි සහ සදා­චාර විරෝධි චෝදනා හේතු­වෙන් බෞද්ධ සමා­ජය තුළ දැඩි කම්පා­වක් ඇතිවී තිබෙන බව ඇඹි­ලි­පි­ටි­යේදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් උන්ව­හන්සේ සඳ­හන් කළහ. මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ: “කටු­නා­යක ගුව­න්තො­ටු­පොළේ ඇති වූ සිද්ධිය සම්බ­න්ධ­යෙන් 22නමක් චෝදනා ලබලා තියෙ­නවා. මෙරට 39,700ක් පමණ වන භික්ෂු පිරිස අතර ඉතාම සුළු පිරි­සක් තමයි මේ ශාසන විරෝ­ධීව, විනය විරෝ­ධීව ක්‍රියා කරන්නේ. මෙවැනි භික්ෂුන් වහන්සේ නීති­වි­රෝධි හා සදා­චාර විරෝධී ක්‍රියා­ව­ලට සම්බ­න්ධ­වීම නිසා සමස්ත සංඝයා වහන්සේ ගැන සැක­යක් මතු­වෙන තත්ත්ව­යක් ඇතිවී තිබෙ­නවා. මෙවැනි චෝදනා සම්බ­න්ධ­යෙන් දැන් සමා­ජයේ විශාල කතා­බ­හක් පව­ති­නවා. මෙවැනි සිද්ධීන් හේතු­වෙන් විශේ­ෂ­යෙන්ම දාන­මාන දී සිවු­ප­ස­යෙන් භික්ෂුන් වහ­න්සේට…

Read More

දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අයත් ලාන්ස් කොප්‍රල් ඒ.පී. මරියලුජිසන්ගේ දේහයට පූර්ණ හමුදා ගෞරව පිරිනැමීම අද (01) කිලිනොච්චිය, අයියකකච්චි ප්‍රදේශයේ සාවත්ති පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. 2014 ජූනි මස 01 දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු ලාන්ස් කොප්‍රල් මරියලුජිසන් 12 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අනුයුක්ත කිරීමෙන් අනතුරුව එහි සේවය කරමින් සිටියදී, මුරිකන්ඩි ප්‍රදේශයේදී 2026 අප්‍රේල් මස 19 වන දින සිදුවූ දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා තිබුණි. අනතුරෙන් පසු ඔහු යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය සෙබළාට අවසන්…

Read More

ඉරානට එරෙහි යුද්ධය සම්බන්ධ ප්‍රකාශ කරමින් ඊට මැදිහත් නොවන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ස් ට්‍රම්ප්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස් වෙත අනතුරු අඟවා තිබේ. අමෙරිකාව, ඉරාන සාම නියෝජිතයින් හමුවේ නින්දාවට පත්ව ඇති බවට මර්ස් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා ඇත. එමෙන්ම ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු සෙබළු දහස් ගණනක් ඉන් ඉවත්කර ගැනීම සම්බන්ධවත් මේ වනවිට අමෙරිකාවේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ. මේ අතර නුදුරේදීම අමෙරිකාව ඉරානය වෙත පහරදීමට අවස්ථාවක් ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා ඉඟිකර තිබේ. කෙසේ නමුත් ඉරානය ද පවසන්නේ, අමෙරිකාව සිය වරායන් අවහිර කිරීම ‘ඉවසිය නොහැකි’ මට්ටමක් කරා පැමිණ ඇති බවය. මේ අතර හෝමුස් සමුද්‍රසන්ධියේ පවතින අනාරක්ෂිත තත්ත්වයට අමෙරිකාව සහ…

Read More

ඌරුබොක්ක නගර මධ්‍යයේ මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් ඊයේ (30) දින සොයාගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඉන් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දස දහස් සංඛ්‍යාත පිරිසක් මුහුණ දෙන උග්‍ර පානීය ජල අර්බුදයට විසඳුමක් ලැබෙනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය. කුඩා පෑවිල්ලටත් ඌරුබොක්කේ ළිං ජලය සිදී පානීය ජල අර්බුදයක් මතු වන බවත් ඊට පිළියම් ලෙස බවුසර් මගින් ජල බෙදා හැරීමට සිදුවන බවද එහෙත් මෙවර එය ද සිදු නොවූ බව ප්‍රදේශවාසීන් ප්‍රාදේශීය සභාවට චෝදනා කළහ. එමෙන්ම ඌරුබොක්ක නගරයත්, දම්පහල මාර්ගය, හුලංකන්ද පාර, හීගොඩ පාර, අමුහේන්ගොඩ, හොරගස්මන්ඩිය, කටුවන පාර, කීරපිටිය පාර ආදී ගම්මාන රැසක ජනතාවත්…

Read More

මාදම්පිටිය පොලිස් වසමේ රන්මුතු සෙවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) රාත්‍රීයේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 210ක්, හෙරොයින් ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 570ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 135,500ක මුදලක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා මාදම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ලෝක කම්කරු දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් අද (01) සංවිධානය කරනු ලබන මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. මෙවර සමගි ජන බලවේගයේ මැයි දින රැලිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත. එම මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපතිවරයා සිය සුභාසිංසන එක්කරමින් සඳහන් කර ඇත්තේ වර්ථමාන රජයේ නියම ස්වරූපය පෙන්වමින් හොරකම්, වංචා, දූෂණ, තර්ජන ගර්ජන මනාව ඔප්පු කළ කාලපරිච්ඡේදයක් ලෙස පසුගිය වර සැලකිය හැකි බවත් ගල් අඟුරු වංචාව, මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මංකොල්ලය ඒ අතරින් මෑත කාලයේ සිදුවූ මහා පරිමාණ…

Read More

රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන ඇති සේවකයන්ට ස්ථීර පත්වීම් ලබාදීමට අදාළ 11/2026 දරන චක්‍රලේඛය නිකුත්කර තිබේ. ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම චක්‍ර ලේඛය, අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපති මණ්ඩල ප්‍රධානීන් වෙත යොමුකර ඇත. මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියේ, මෙම තීරණයත් සමග සේවකයන් 9,800කට ආසන්න පිරිසකට ස්ථීර පත්වීම් ලබාගැනීමට අනුමැතිය හිමිවන බවය. 2026 අයවැය යෝජනා මඟින් ප්‍රකාශිත පරිදි රාජ්‍ය අංශයේ ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක,…

Read More

මහනුවර පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකුට ,හෙරොයින් සහ අයිෂ් මත් ද්‍රව්‍ය ලබාදීමට උත්සාහ දැරූ 38 හැවිරිදි මවක් සහ 19 හැවිරිදි දියණියක් අයිෂ් මත් ද්‍රව්‍ය මිලිග්‍රෑම් 680 ක් ,සහ හෙරොයින් මත් ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3140 ක් ,සමග බෝගම්බර බන්ධනාගාර නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. ඉතා සූක්ෂම ලෙස චොකලට් ක්‍රීම් තවරන ලද විස්කෝතූ තුල ක්‍රීම් අස්සේ සඟවා මෙම මත් ද්‍රව්‍ය සැකකරුට ලබාදීමට උත්සාහ දැරූ සැකකාරියන් දෙදෙනා බන්ධනාගාරයේ අමුත්තන් හමුවන කාමරයේදී අත් අඩංගුවට ගත් බව බෝගම්බර බන්ධනාගාර අධීකාරී සම්පත් වර්ණකුලසූරිය මහතා කල විමසීමකදී කීය. මෙම සැකකාරියන් පල්ලේකැලේ පොලීසියට බාරදීමට බෝගම්බර බන්ධනාගාර අධිකාරී සම්පත් වර්ණකුලසූරිය මහතාගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂණ පවත්වති.සැකකාරියන්…

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම – දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මංතීරුවේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇති බව පොලීසිය පවසයි. අද (01) දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගැලනිගම දොඩංගොඩ අතර කිලෝමීටර් 17 හා 19, 28 හා 30 යන කොටස් දෙකෙහි මාතර දෙසට දිවෙන මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සිදුකරනු ලබයි. මෙම කොටස් දෙක අතර රථවාහන ධාවනය කොළඹ දෙසට ඇති මංතීරු 02 දෙපසට ගමන් කළ හැකි පරිදි බෙදා රථවාහන ධාවනයට කටයුතු සලසා ඇති බව පොලීසිය පවසයි. මෙම හේතුවෙන් එම ස්ථාන ආසන්නයේ රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් හා අනතුරු සිදුවිය හැකි බැවින් එම ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී සැලකිලිමත්ව රිය ධාවනය…

Read More