Author: LFN

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි. වැඩතහනමට ලක්ව සිටින මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට අද පස්වරුවේ කුලියාපිටිය පොලීසියට තොරතුරක් ලැබී ඇත. පොලිසිය පැවසුවේ රාජපක්ෂ මහතා ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු දියණිය ඒ පිළිබඳව මවට දැනුම්දීමෙන් අනතුරුව ඇය විසින් පොලිසිය දැනුම්වත් කර ඇති බවය. ඒ අනුව පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාකිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන…

Read More

කැප්පෙටිපොළ සහතික කල පිරිමි පාසලේ සිටි දරුවන් පිරිසකට හිංසාකාරි ලෙස බටවලින් හා පොලුවලින් පහරදුන් එහි අධීක්ෂණ නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු වැලිමඩ පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර එම පාසලේ දරුවන්ට වෘත්තීය මගපෙන්වීම ලබාදුන් අරක්කැමියෙකු, විදුලි කාර්මිකයෙකු හා පෙදරේරු උපදේශකයකු ද සිටින බව සඳහන්ය. විවිධ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ වයස 13 -18 අතර දරුවන්ව පුනුරුත්තාපනය කිරීම සඳහා මෙම පාසල පවත්වාගෙන යනු ලබන්නක්ය. එසේ නමුත් එහි දරුවන් පිරිසකට හිංසාකාරි ලෙස සිදුකරන පහරදීම් දරාගැනීමට නොහැකිව, එම දරුවන් ඒ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ට දුරකතනයෙන් දැනුම්දී තිබේ. ඉන් පසු ක්‍රියාත්මක වූ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස ළමා කාර්යංශය හා පළාත්…

Read More

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට දැරූ අසාර්ථක උත්සාහයට සම්බන්ධ සැකකරු ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ලබාගත් ඡායාරූප ඇතුළු නවතම තොරතුරු රැසක් එරට බලධාරීන් විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත. වොෂින්ටන් හි හිල්ටන් හෝටලයේ පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය සැලසුම් කර තිබුණි. සැකකරු වන 31 හැවිරිදි කෝල් ඇලන් නමැත්තා, සෙනසුරාදා රාත්‍රී 8.03 ට පමණ හෝටල් කාමරයේ කැඩපතක් ඉදිරියේ ආයුධ සන්නද්ධව සිටින සිය ඡායාරූපයක් ලබාගෙන තිබේ. කළු පැහැති ඇඳුමකින් සහ රතු ටයි පටියකින් සැරසී සිටි ඔහුගේ සිරුරේ උණ්ඩ, පිස්තෝල, පිහි සහ කම්බි කපන උපකරණ සඟවා තිබූ බව එම ඡායාරූපවලින් පැහැදිලි වේ. ප්‍රහාරය සැලසුම් කළ අවස්ථාවේ සැකකරු…

Read More

අඹේවෙල, පට්ටිපොල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයක් විසින් පාලන මිල උල්ලංඝනය කරමින් පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රුපියල් 500,000ක දඩයක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ගැසට් නිවේදන අනුව මිලිලීටර් 500 ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් ලෙස නියම කර තිබුණද, අදාළ ආයතනය එය රුපියල් 100කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. මෙම වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කර ඇති අතර, උපාය දූතයෙකු මගින් සාක්ෂි රැස් කර ඇති බව වාර්තා වෙයි. අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, වරද පිළිගත් සමාගමට අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇත.

Read More

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග රාජපක්ෂ මහතා අභිරහස් ලෙස මියගොස් තිබේ. ඔහුගේ මළසිරුර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී හමුවී ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් පොලිසිය දැනුවත් කර තිබේ. ඒ අනුව මේ වනවිට පොලිසිය අදාළ ස්ථානය වෙත ගොස් මූලික විමර්ශන ආරම්භ කර ඇත. කෙසේවෙතත් කවුරුන් විසින් හෝ මොහුව ඝාතනය කළේද ? එසේ නොමැතිනම් සියදිවි හානි කරගත්තේද ? හෝ අත්වැරදීමකින් පාදයේ නහරයක් කැපී යෑම හේතුවෙන් මියගියේද ? යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත. අමෙරිකානු ඩොලර්…

Read More

කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ‍ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය මාර්තු මාසයේ සියයට 2.2ක් ලෙස වාර්තා වූ බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2026 අප්‍රේල් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  සියයට 2.8ක් දක්වා වැඩිවී ඇති අතර  2026 මාර්තු මාසයේදී එය වාර්තා වූයේ සියයට 0.7ක් ලෙසිනි. එමෙන්ම, 2026 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 මාර්තු මාසයේදී එය සියයට 2.9ක් ලෙස වාර්තා විය.

Read More

2010 වර්ෂයෙන් පසු උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරිමට නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට භාරදී තිබේ. මෙම වැඩපිළිවෙළ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් සකස් කර ඇති අතර, අනාගත පරපුර දුම්කොළ හා දුම්වැටි නිෂ්පාදනවලින් සුරක්ෂිත කිරීම එහි ප්‍රධාන අරමුණ වේ. ඒ අනුව දුම්කොළ සහ මධ්‍යසාර නිසා සිදුවන සමාජ ව්‍යසනය අවම කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ අනෙකුත් වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් විද්වත් වෘත්තික සංවිධානය මෙන් ම රාජ්‍ය නොවන ආයතන සහ අනෙකුත් වගකිව යුතු ආයතන දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් සිදුවන හානිය අවම කිරිම…

Read More

දිස්ත්‍රික්ක 11කට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එය අද (30) රාත්‍රී 11.30 දක්වා වලංගු බව එම නිවේදනයේ දක්වා ඇත. ඒ අනුව සබරගමුව, මධ්‍යම, උතුරු-මැද පළාත් සහ වව්නියාව, මුලතිව්, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල පස්වරු 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල වැසි ඇති විය හැකිය. එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු පළාතේ සහ කළුතර  දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම්…

Read More

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය. ඉන් අනතුරුව උන්වහන්සේව ඇප මත මුදා හැරීමටද අධිකරණය නියම කළේය.

Read More

ලෝක කම්කරු දිනය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් එළඹෙන මැයි මාසයේ දින කිහිපයක් දිවයිනේ සියලුම සුරාසල් වසා තැබීමට තීරණය කර තිබේ. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කළේ පසළොස්වක පොහොය සහ කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනිදා මෙන්ම, වෙසක් පොහොය යෙදෙන මැයි 30 සහ වෙසක් පෝයට පසු දින වන මැයි 31 යන දින තුනේදී මෙම නියෝගය ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව වයින් ස්ටෝර්ස්, අවන්හල් ඇතුළු සියලුම වර්ගයේ මත්පැන් අලෙවිසල් මෙම දිනවල වසා තැබිය යුතුය. මීට අමතරව මැයි 27 සිට ජුනි 02 දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉහත සඳහන් කළ දින තුන තුළ මස් මාංශ…

Read More