Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි
    Local News

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    By LFNMay 7, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තියට පසුගිය මැයි 4 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවීම, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගත් සන්ධිස්ථානීය තීරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.

    යුනිසෙෆ් ශ්‍රී ලංකා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම තීරණය ශ්‍රී ලංකාවේ ජාතික විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කරමින් ළමුන් සඳහා ආරක්ෂිත පවුල් පරිසරයක් තහවුරු කිරීමේ උත්සාහයන්ට වැදගත් පිටුබලයක් වන බවය.

    දරුවන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා යුනිසෙෆ් වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කර ඇති අතර, ජාතික විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය සැකසීම, නේවාසික සත්කාර ආයතනවල ජාතික සංගණනය සහ පළාත් ක්‍රියාකාරී සැලසුම් සංවර්ධනය සඳහා ද සහාය ලබාදී තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරෙන් පසු ආයතනගතව සිටින දරුවන්ගේ සංඛ්‍යාව සියයට 30කින් අඩු වී ඇති අතර, පසුගිය වසර පහ තුළ ළමුන් 6,000කට අධික පිරිසක් ආයතනගත වීම වළක්වා ඇති බවත්, ළමුන් 2,000කට ආසන්න පිරිසක් නැවත පවුල් සමඟ එක්කර ඇති බවත් යුනිසෙෆ් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දරුවන් 8,000කට වැඩි පිරිසක් තවමත් නේවාසික රැකවරණ ආයතන තුළ ජීවත් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ දෙමාපියන් ජීවත්ව සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

    දරිද්‍රතාවය, ප්‍රචණ්ඩත්වය, අපයෝජනය, සමාජ අපකීර්තිය සහ ප්‍රජා මට්ටමේ සේවාවන්හි පවතින අඩුලුහුඩුකම් හේතුවෙන් මෙවැනි තත්ත්වයන් නිර්මාණය වන බව පෙන්වා දෙන යුනිසෙෆ්, අනවශ්‍ය මාපිය-දරු වෙන්කිරීම් වැළැක්වීම, පවුල් පාදක රැකවරණයට ප්‍රමුඛත්වය ලබාදීම සහ ආයතනගත කිරීම අවම කිරීම මෙම ගෝලීය ප්‍රඥප්තියේ ප්‍රධාන අරමුණු බව සඳහන් කරයි.

    මෙම ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, සිද්ධි කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ පවුල් සඳහා උපකාරක සේවා පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජය, පළාත් බලධාරීන් සහ සිවිල් සමාජය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් යුනිසෙෆ් ශ්‍රී ලංකාව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.