Author: LFN

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සමඟ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බොල්ලත උතුර ප්‍රදේශයේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අඩංගුවට ගනු ලැබීය. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 යි ග්‍රෑම් 300 ක් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 946 ක් පොලිස් භාරයට ගෙන ඇත. මත්ද්‍රව්‍ය තොගයට අමතරව ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ යතුරුපැදියක්, මත්ද්‍රව්‍ය කිරුම් කටයුතු සඳහා භාවිත කළ උපකරණ සහ මුදල් ගණනය කිරීම සඳහා භාවිත කරන විද්‍යුත් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 40ක්…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගම‌ය අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳ කරුණු හෙළිකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, “මේ විදියට නම් හැසිරෙන්නේ තවදුරටත් අද ලබාදුන්න සාකච්ඡාව මම කරන්නේ නෑ…මේ වැඩවර්ජනය අසාධාරණයි. එයට අපි රජය විදියට මුහුණදෙන්න සුදානම්” යනුවෙනි.

Read More

ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණ තිබේ. පසුගිය මාර්තු 15 වන දින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූර්ව බලා පිත්ව ගොස් තිබුණි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මෙරටදී ශල්‍යකර්මයකට ලක්කර තිබුණි.

Read More

ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම  හෙට (10) සිට ලබන 16 වැනිදා දක්වා දින 06ක් වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්ලයාලය පවසනවා. නව අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙලෙස දින 06ක් සිංහරාජය වනාන්තරය වසා තැබෙන බවත් 16 වැනිදා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සදහා වනාන්තරයේ ප්‍රධාන පිවිසුම යළි විවෘත කෙරෙන බව සිංහරාජය වන පාලක එස් . ඩි නිමල් මහතා පැවසිය. ඒ නිසා සිංහරාජය වනාන්තරය නැරඹීමට කුඩව පිවිසුමෙන් එම දිනවලදී පැමිණෙන සංචාරකයන් සදහා නොහැකි බවත් වන පාලක එස් . ඩී නිමල් මහතා පැවසීය.

Read More

උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට යාපනය, කන්කසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය අද සිටත්, යාල්දේවී දුම්රිය හෙට දින සිටත් දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පසුගියදා දිවයිනට බලපෑ “දිට්වා“ සුළි කුණාටුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14 හානී වී තිබු අතර එම ස්ථාන තාවකාලිකව පිළිසකර කිරීම්වලින් පසු පසුගිය වසරේ දෙසැම්බර් 24 වන දින සිට වේග සීමා යටතේ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කටයුතු සිදුවුව ද ජනවාරි 19 දින සිට යළි දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටවනු ලැබීය. කෙසේවෙතත් හානියට පත් උතුරු…

Read More

තුටුපඬුරු ලබා නොගැනීම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බොහෝ පොලිස් ස්ථානවල අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු සිදුකිරීම සඳහා නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීමට සූදානම් වන බවට සහ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගනිමින් අලුත් අවුරුදු සාද පැවැත්වීමට සූදානම් වන බවට ලැබී තිබු තොරතුරු හේතුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව වාර්තා වේ. විශේෂයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට සුබ පැතීමේ අංගයක් වශයෙන් පිරිනමනු ලබන හැම්පර්ස්, තෑගි වවුචර් පත් පිරිනැමීම ද සිදුනොකළ යුතු අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි දෑ භාරගැනීම ද සිදුනොකළ යුතු බව…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කරමින්  පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඔවුන් අද සිට ලබන 11 දක්වා තමන් අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ක්‍රියාකලාපයත්…

Read More

ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන සටන් විරාම උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාරයක් ලෙස උතුරු ඊශ්‍රායලයේ මනාරා ජනාවාස වෙත අද (09) අලුයම රොකට් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි. ටෙලිග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ, “අපේ රටට සහ අපේ ජනතාවට එරෙහිව එල්ල වන ඊශ්‍රායල- අමෙරිකානු ආක්‍රමණ නතර වන තුරු මෙම ප්‍රතිචාර දැක්වීම් දිගටම ක්‍රියාත්මක වනු ඇත” යනුවෙනි. මේ අතර, ලෙබනනයේ සිට එල්ල කරන ලද එක් රොකට් ප්‍රහාරයක් ගුවනේදීම විනාශ කර දැමීමට සමත් වූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම සේවාව ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාලවල ක්‍රියාත්මක වන බවය. එමෙන්ම, දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් පවතින බවත් වාර්තා වේ. කෙසේ වෙතත්, ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවාවන් සහ පෙරටු කාර්යාල සේවාවන් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති අතර, පද්ධතිය සම්පූර්ණයෙන් යථාවත් වූ පසු සියලු සේවාවන් සාමාන්‍ය පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව, XtraMile ඩීසල් ලීටරයක මිල රු 551 සිට රු 590 දක්වා ද , ලංකා සූපර් ඩීසල් ලීටරයක් රු 572 සිට රු 600 දක්වා ද, Xtra Green ඩීසල් ලීටරයක් රු 588ක සිට රු 620 දක්වා ද ඉහළ දමා තිබේ.

Read More