Author: LFN
දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අයත් ලාන්ස් කොප්‍රල් ඒ.පී. මරියලුජිසන්ගේ දේහයට පූර්ණ හමුදා ගෞරව පිරිනැමීම අද (01) කිලිනොච්චිය, අයියකකච්චි ප්‍රදේශයේ සාවත්ති පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. 2014 ජූනි මස 01 දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු ලාන්ස් කොප්‍රල් මරියලුජිසන් 12 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අනුයුක්ත කිරීමෙන් අනතුරුව එහි සේවය කරමින් සිටියදී, මුරිකන්ඩි ප්‍රදේශයේදී 2026 අප්‍රේල් මස 19 වන දින සිදුවූ දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා තිබුණි. අනතුරෙන් පසු ඔහු යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය සෙබළාට අවසන්…
ඉරානට එරෙහි යුද්ධය සම්බන්ධ ප්‍රකාශ කරමින් ඊට මැදිහත් නොවන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ස් ට්‍රම්ප්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස් වෙත අනතුරු අඟවා තිබේ. අමෙරිකාව, ඉරාන සාම නියෝජිතයින් හමුවේ නින්දාවට පත්ව ඇති බවට මර්ස් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා ඇත. එමෙන්ම ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු සෙබළු දහස් ගණනක් ඉන් ඉවත්කර ගැනීම සම්බන්ධවත් මේ වනවිට අමෙරිකාවේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ. මේ අතර නුදුරේදීම අමෙරිකාව ඉරානය වෙත පහරදීමට අවස්ථාවක් ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා ඉඟිකර තිබේ. කෙසේ නමුත් ඉරානය ද පවසන්නේ, අමෙරිකාව සිය වරායන් අවහිර කිරීම ‘ඉවසිය නොහැකි’ මට්ටමක් කරා පැමිණ ඇති බවය. මේ අතර හෝමුස් සමුද්‍රසන්ධියේ පවතින අනාරක්ෂිත තත්ත්වයට අමෙරිකාව සහ…
ඌරුබොක්ක නගර මධ්‍යයේ මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් ඊයේ (30) දින සොයාගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඉන් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දස දහස් සංඛ්‍යාත පිරිසක් මුහුණ දෙන උග්‍ර පානීය ජල අර්බුදයට විසඳුමක් ලැබෙනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය. කුඩා පෑවිල්ලටත් ඌරුබොක්කේ ළිං ජලය සිදී පානීය ජල අර්බුදයක් මතු වන බවත් ඊට පිළියම් ලෙස බවුසර් මගින් ජල බෙදා හැරීමට සිදුවන බවද එහෙත් මෙවර එය ද සිදු නොවූ බව ප්‍රදේශවාසීන් ප්‍රාදේශීය සභාවට චෝදනා කළහ. එමෙන්ම ඌරුබොක්ක නගරයත්, දම්පහල මාර්ගය, හුලංකන්ද පාර, හීගොඩ පාර, අමුහේන්ගොඩ, හොරගස්මන්ඩිය, කටුවන පාර, කීරපිටිය පාර ආදී ගම්මාන රැසක ජනතාවත්…
මාදම්පිටිය පොලිස් වසමේ රන්මුතු සෙවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) රාත්‍රීයේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 210ක්, හෙරොයින් ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 570ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 135,500ක මුදලක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා මාදම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ලෝක කම්කරු දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් අද (01) සංවිධානය කරනු ලබන මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. මෙවර සමගි ජන බලවේගයේ මැයි දින රැලිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත. එම මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපතිවරයා සිය සුභාසිංසන එක්කරමින් සඳහන් කර ඇත්තේ වර්ථමාන රජයේ නියම ස්වරූපය පෙන්වමින් හොරකම්, වංචා, දූෂණ, තර්ජන ගර්ජන මනාව ඔප්පු කළ කාලපරිච්ඡේදයක් ලෙස පසුගිය වර සැලකිය හැකි බවත් ගල් අඟුරු වංචාව, මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මංකොල්ලය ඒ අතරින් මෑත කාලයේ සිදුවූ මහා පරිමාණ…
රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන ඇති සේවකයන්ට ස්ථීර පත්වීම් ලබාදීමට අදාළ 11/2026 දරන චක්‍රලේඛය නිකුත්කර තිබේ. ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම චක්‍ර ලේඛය, අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපති මණ්ඩල ප්‍රධානීන් වෙත යොමුකර ඇත. මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියේ, මෙම තීරණයත් සමග සේවකයන් 9,800කට ආසන්න පිරිසකට ස්ථීර පත්වීම් ලබාගැනීමට අනුමැතිය හිමිවන බවය. 2026 අයවැය යෝජනා මඟින් ප්‍රකාශිත පරිදි රාජ්‍ය අංශයේ ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක,…
මහනුවර පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකුට ,හෙරොයින් සහ අයිෂ් මත් ද්‍රව්‍ය ලබාදීමට උත්සාහ දැරූ 38 හැවිරිදි මවක් සහ 19 හැවිරිදි දියණියක් අයිෂ් මත් ද්‍රව්‍ය මිලිග්‍රෑම් 680 ක් ,සහ හෙරොයින් මත් ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3140 ක් ,සමග බෝගම්බර බන්ධනාගාර නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. ඉතා සූක්ෂම ලෙස චොකලට් ක්‍රීම් තවරන ලද විස්කෝතූ තුල ක්‍රීම් අස්සේ සඟවා මෙම මත් ද්‍රව්‍ය සැකකරුට ලබාදීමට උත්සාහ දැරූ සැකකාරියන් දෙදෙනා බන්ධනාගාරයේ අමුත්තන් හමුවන කාමරයේදී අත් අඩංගුවට ගත් බව බෝගම්බර බන්ධනාගාර අධීකාරී සම්පත් වර්ණකුලසූරිය මහතා කල විමසීමකදී කීය. මෙම සැකකාරියන් පල්ලේකැලේ පොලීසියට බාරදීමට බෝගම්බර බන්ධනාගාර අධිකාරී සම්පත් වර්ණකුලසූරිය මහතාගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂණ පවත්වති.සැකකාරියන්…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම – දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මංතීරුවේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇති බව පොලීසිය පවසයි. අද (01) දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගැලනිගම දොඩංගොඩ අතර කිලෝමීටර් 17 හා 19, 28 හා 30 යන කොටස් දෙකෙහි මාතර දෙසට දිවෙන මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සිදුකරනු ලබයි. මෙම කොටස් දෙක අතර රථවාහන ධාවනය කොළඹ දෙසට ඇති මංතීරු 02 දෙපසට ගමන් කළ හැකි පරිදි බෙදා රථවාහන ධාවනයට කටයුතු සලසා ඇති බව පොලීසිය පවසයි. මෙම හේතුවෙන් එම ස්ථාන ආසන්නයේ රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් හා අනතුරු සිදුවිය හැකි බැවින් එම ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී සැලකිලිමත්ව රිය ධාවනය…
මෙරට බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනා ගත් එකම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතමිනි. වත්මන් ආණ්ඩු විසින් ජනතා වෙනුවෙන් තීන්දු සහ පාලකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනු ලබන තීන්දු ගෙන ඇති බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. මීට පෙර පැවැති ආණ්ඩු ගනු ලැබුවේ, පාලකයින්ගේ වරප්‍රසාද වැඩි කරන තීන්දු සහ ජනතාවට පීඩාව ගෙනත් දෙන තීන්දුය. “අපි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු වතාවට තමයි මැයි දින රැලියක් පවත්වන්නේ. අපි පළමු අවස්ථාවට මැයි රැලිය පවත්වනකොට, මීට පෙර පවත්වපු කිසිවෙක් අද මැයි දින පවත්වන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මොකක්ද? මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ මලයගම්…
2026 අප්‍රේල් අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2026 පෙබරවාරි අගදී ආරම්භ වූ මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ බාහිර අංශයේ පීඩනයන් රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇති බව එම බැංකුව සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අද දින නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.87ක් ලෙසත්, විකුණුම් මිල රු. 323.80ක් ලෙසත් සටහන් වී ඇත. එසේම, නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 319.34ක් ලෙස වාර්තා වී ඇත. මේ අතර, 2026 මාර්තු අග වන විට, චීන මහජන බැංකුව සමඟ ඇති විදේශ විනිමය හුවමාරු පහසුකම…