Author: LFN

උතුරු ලන්ඩනයේ ගෝල්ඩර්ස් ග්‍රීන්හි සිදුවූ පිහිඇණුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියත් සමග එක්සත් රාජධානියේ ත්‍රස්ත තර්ජන ‘සැලකිය යුතු’ මට්ටමේ සිට ‘දරුණු’ මට්ටම දක්වා ඉහළ දමා තිබේ. ඒ හේතුවෙන් ඉදිරි මාස 6 තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමට බොහෝ දුරට ඉඩක් ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත. ඉකුත් බදාදා සිදුවූ අදාළ පිහිඇණුමින් යුදෙව් ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, එම සිද්ධියට 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඉරාන හිතවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන ‘හරකාත් අෂාබ් අල්-යමින් අල්-ඉස්ලාමියා’ සංවිධානය එම සිදුවීමේ වගකීම මේ වනවිට භාරගෙන ඇත. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය පවසන්නේ, ත්‍රස්ත තර්ජන මට්ටම ඉහළ දැමීම  ගෝල්ඩර්ස් ග්‍රීන් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස පමණක්ම සිදු නොවූවක් බවය. ‘පුළුල් ඉස්ලාම්…

Read More

ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරනයක් ගන්නා බවය. අවසන් වරට ඉන්ධන මිල සංශෝදනය සිදු කෙරනු ලැබුවේ පසුගිය මාර්තු 21 වන දිනයි. එහිදී රුපියල් 317ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දැමූ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නව මිල වුයේ  රුපියල් 398කි. රුපියල් 365ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමූ  අතර එහි නව මිල රුපියල් 455ක් දක්වා ඉහල ගියේය. රුපියල් 303ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 79කින් ඉහළ ගිය අතර එහි නව…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…

Read More

අර්බුධ රැසකින් වැටුණු රට ගොඩනැගිය හැක්කේ, වැඩකරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය ලබාදීමෙන් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිය මැයි දින පණිඩුඩය ප්‍රකාශයට පත්කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙරට වැඩකරන ජනතාව මේ මොහොතේ මුහුණදෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ දේශපාලන අර්බුදයකට බවය. වත්මන් රජයේ අදූරදර්ශී පාලනය සහ අසාධාරණ බදු ප්‍රතිපත්ති මෙම තත්ත්වය ඇතිවීමට හේතුවී ඇති බවද ඒ මහතා නිකුත්කළ මැයි දින පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ. විපක්ෂ නායකගේ මැදි දින පණිඩුඩය,  “වසර 1886 දී ඇමරිකාවේ චිකාගෝ නුවරින් ඇරඹි ඓතිහාසික කම්කරු අරගලය සිහිපත් කරමින් අද දින සමරනු ලබන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරට සමස්ත වැඩ කරන ජනතාව වෙත මාගේ ගෞරවය…

Read More

ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීම බව ලෝක කම්කරු දිනය වෙනුවෙන් පනිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නීය. ඒ අනුව, පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරන බව සඳහන්ය. සියලුම පුරවැසියන් සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයන් තහවුරු කිරීම රජයේ මූලික අරමුණක් වන අතර ඒ අනුව සෑම කෙනෙකුටම ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම වර්තමාන රජයේ මූලික අරමුනක් බවයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය කම්කරු දින ප…

Read More

මෙරට වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම වත්මන් රජයේ  ඒකායන අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පනිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ. අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින බවද එම නිවේදනයේ සඳහන් වෙයි. මෙරට වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවක් බව ජනාධිපති අනුර…

Read More

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි පළමු දින ලෝක කම්කරු දිනය සමරනු ලැබේ. ඒ අනුව ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලී, රැලි සංවිධානය කරනු දක්නට ලැබේ. මෙවරත් කම්කරු දිනය සැමරීම සදහා මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලී රැස්වීම් සංවිධානය කර ඇත.

Read More

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් යුතු තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. සිල්හෙට්හිදී අද (30) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 154ක්  රැස්කිරීමට සමත් විය. එහිදී හර්ෂිතා සමරවික්‍රම (49) හා චමරි අතපත්තු (42) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූහ. කෙසේ නමුත් ලකුණු 155ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 133ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවීෂා දිල්හාරි ලකුණු 15කට කඩුලු 2ක් දවාගත්තාය. ඒ හැරෙන්න බංග්ලාදේශ…

Read More

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි. වැඩතහනමට ලක්ව සිටින මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට අද පස්වරුවේ කුලියාපිටිය පොලීසියට තොරතුරක් ලැබී ඇත. පොලිසිය පැවසුවේ රාජපක්ෂ මහතා ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු දියණිය ඒ පිළිබඳව මවට දැනුම්දීමෙන් අනතුරුව ඇය විසින් පොලිසිය දැනුම්වත් කර ඇති බවය. ඒ අනුව පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාකිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන…

Read More

කැප්පෙටිපොළ සහතික කල පිරිමි පාසලේ සිටි දරුවන් පිරිසකට හිංසාකාරි ලෙස බටවලින් හා පොලුවලින් පහරදුන් එහි අධීක්ෂණ නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු වැලිමඩ පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර එම පාසලේ දරුවන්ට වෘත්තීය මගපෙන්වීම ලබාදුන් අරක්කැමියෙකු, විදුලි කාර්මිකයෙකු හා පෙදරේරු උපදේශකයකු ද සිටින බව සඳහන්ය. විවිධ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ වයස 13 -18 අතර දරුවන්ව පුනුරුත්තාපනය කිරීම සඳහා මෙම පාසල පවත්වාගෙන යනු ලබන්නක්ය. එසේ නමුත් එහි දරුවන් පිරිසකට හිංසාකාරි ලෙස සිදුකරන පහරදීම් දරාගැනීමට නොහැකිව, එම දරුවන් ඒ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ට දුරකතනයෙන් දැනුම්දී තිබේ. ඉන් පසු ක්‍රියාත්මක වූ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස ළමා කාර්යංශය හා පළාත්…

Read More