Author: LFN
2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. එහි අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මේ සම්බන්ධයෙන් වාචික අදහස් ලබාගැනීම සිදුකරන බවය. 2026 වසරේ 2 වන සහ 3 වන කාර්තු සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම විසින් යෝජිත අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස මහජන උපදේශනය ලබාගැනීමට කොමිසම තීරණය කර තිබුණි. සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්රකාශයට පත්කිරීමට නියමිත බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර පැවසීය.
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ, ඒ අශ්රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් අද (06) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්රික්කයේත් අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී…
හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට එක්වීම සම්බන්ධයෙන් දකුණු කොරියාවේ විශේෂ අවධානය යොමු වී ඇති බව එරට විදේශ අමාත්යාංශය පවසයි. ජාත්යන්තර මුහුදු මාර්ගවල නිදහස් නාවික ගමනාගමනය සහ ආරක්ෂාව තහවුරු කිරීම සියලු ජාතීන්ගේ පොදු යහපතට හේතු වන බවත්, එය ජාත්යන්තර නීතියට අනුකූලව ආරක්ෂා කළ යුතු බවත් දකුණු කොරියානු රජය අවධාරණය කරයි. අමෙරිකානු හමුදාව විසින් පසුගිය සඳුදා ‘Project Freedom’ නමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදී. මෙහි ප්රධාන අරමුණ වන්නේ හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීමය. දකුණු කොරියාව සහ අමෙරිකාව මෙම ව්යාපෘතිය යටතේ ප්රධාන මුහුදු මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන්…
මේ වනවිට මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණයවී ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්රකාශ කළේ, අද (05) පස්වරුවේ කොළඹ පැවති මාලදිවයින් – ශ්රී ලංකා ව්යාපාරික සංසදය අමතමිනි. ශ්රී ලංකාව තුළ ආයෝජන ක්රියාවලියට එක්වන ලෙසට අග්රාමාත්යවරිය මාලදිවයින් ව්යාපාරිකයින්ට ආරාධනා කළ බව ජනාධිපති මාධ්ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවති මෙම සංසදය සංවිධාන කර තිබුණේ, මාලදිවයින් ආර්ථික සංවර්ධන, ප්රවාහන සහ වෙළෙඳ අමාත්යාංශය විසිනි. ඊට මාලදිවයිනේ සහ ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ. එහිදී මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සඳහන් කළේ අඩසියවසකට වඩා වැඩි දෙරටේ…
පුත්තලම හිටපු නියෝජ්ය පොලිස්පතිවරයෙකුට අයත් යැයි පැවසෙන අට්ටවිල්ලුව ප්රදේශයේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ වනජීවි නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකිදී ගිනිඅවි පතොරම් හා දිවියෙකුගේ සමකින් සකසන ලද අනුරුවක් හා තිත්මුව සමක් සොයාගෙන තිබේ. ගුවන් හමුදා බුද්ධි අවේක්ෂණ නිලධාරීන්ට ලද තොරතුරක් මත කරුවලගස්වැව, රිටිගල, කුරුණෑගල වනජීවි නිලධාරීන් හා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇත. එහිදී අදාළ ඉඩමේ ජීව පතොරම් 09ක් සහ දැඩි ආරක්ෂිත සත්වයෙකු වූ දිවියෙකුගේ සමකින් සම්පූර්ණයෙන් පුරවන ලද අනුරුවක් හා තිත් මුව සමක් නිලධාරීන් භාරයට ගෙන තිබේ. වැටලීම සිදුවන අවස්ථාවේදී අදාළ ඉඩම නියෝජ්ය පොලිස්පතිවරයාගෙන් බදු පදනම මත ගොවිතැන් කටයුතු සඳහා ලබා ගෙන වගා කරමින්…
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්ය අමාත්ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (05) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මෙරටින් පිටව යන එම නියෝජිත පිරිසට බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ විශේෂ පරිශ්රයේදී සමුදෙනු ලැබුවේ, සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විඡේමුණි මහතා විසිනි. එම අවස්ථාවට සෞඛ්ය අමාත්යාංශයේ අධ්යක්ෂ (ජාත්යන්තර සෞඛ්ය) වෛද්ය අනිල් සමරනායක මහතා සහ ශ්රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් ද එක්ව සිටියහ. රුසියානු සෞඛ්ය අමාත්යවරයා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය තුළ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සමග රුසියාව සහ ශ්රී ලංකාව අතර සෞඛ්ය ක්ෂේත්රයේ සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවකට ද…
ශ්රී ලංකා ක්රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා පත් කිරීම නිවැරදි තීන්දුවක් බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමින් අමාත්යවරයා පැවසුවේ ජනතාවගේ ප්රාර්ථනය සහ අභිලාශය වනුනේ ක්රිකට් ක්රීඩාව පවතින තත්ත්වයෙන් ඉහළට එසැවීම වන බැවින් ඔහු ඇතුළු කණ්ඩායමට මේ වෙනුවෙන් වෙහෙසීමට හැකියාව පවතින බවය. එමෙන්ම හිටපු සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා තනතුර සුහදශීලිව අත්හැරීමට එකඟවීම ලබා දුන් යහපත් ආදර්ශයක් වන බවත් ඒ අනුව ඉරාන් වික්රමරත්න මහතා ඇතුළු කණ්ඩායමට ඉදිරි වැඩකටයුතු කරගෙන යාම සඳහා අවශ්ය සහාය ලබා දීම සිදුකළ යුතු බවද ඒ මහතා මෙහිදී පැවසීය.…
2025 (2026) පිරිවෙන් සාමාන්ය පෙළ විභාගයේ පිළිතුරු පත්ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව ලබන 21 වෙනිදා දක්වා ඒවා මාර්ගගත ක්රමයට පමණක් යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ අයදුම්පත්ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් සහ නිල ජංගම දුරකථන යෙදවුම් හරහා යොමු කළ හැකිය. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200ක් වන අතර හර පතක්, ණය පතක් භාවිත කර හෝ තැපැල් කාර්යාල මගින් ගෙවීම් සිදු කළ හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මුදල් ගෙවීමේදී අයදුම්කරු විසින් මාර්ගගත ක්රමවේදයට අනුව ලබා ගන්නා ලද යොමු අංකය ඉදිරිපත් කළ යුතුය. මුදල් ගෙවීමෙන් අනතුරුව…
වෙළඳ අමාත්යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්රියාකාරකම්වල යෙදවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂිකරුවකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. අදාල නඩුවේ දොළොස්වන සාක්ෂිකරු අද (05) සාක්ෂි ලබා දීම සඳහා අධිකරණයේ පෙනී සිට නොමැති බව සඳහන් වෙයි. ඒ අනුව, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා මහතා එළැඹෙන 07 සහ 08 යන දිනයන් හී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ක්ෂේත්ර කිහිපයක් ආවරණය වන පරිදි රාජ්ය සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත අතර එම ගිවිසුම් සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ. ඒ අනුව, මෙරට සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යාංශය හා වියට්නාමයේ සංස්කෘතික, ක්රීඩා සහ සංචාරක අමාත්යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම, මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශය සහ වියට්නාම සංස්කෘතික, ක්රීඩා සහ සංචාරක අමාත්යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම,…