Author: LFN

ක්‍රිකට් පරිවර්තන කමිටුවෙි එකම සහ අව්‍යංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාව්‍යය යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණමයන්ම ප්‍රතිසංකරණය කිරීමේ මූලික පියවර ලෙස, ක්‍රීඩා සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව්‍ය ව්‍යයව්‍ය්ථාව්‍ය ක්‍රියාත්මක කිරීමට තම කමිටුව කටයුතු කරන බවද ඔහු පවසයි . ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) රීතීන්ට පූර්ණ ලෙස අනුකූල වෙමින්, විනිවිදභාව්‍යය, දූෂණ විරෝධය සහ ව්‍යෘත්තීයවේදීත්වය ආයතනයේ පදනමටම බද්ධ කිරීමට තම කණ්ඩායම කැපවෙන බවද ඔහු කියා සිටී. දක්ෂතාවයට මුල්තැන දෙන සහ මූල්‍ය ව්‍යගකීම සහිත සංස්කෘතියක් ඇති කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට්…

Read More

හෝමාගම ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය හෝ පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී ගිනි අවියට අමතරව ඊට යොදන උණ්ඩ කිහිපයක් ද සොයාගෙන ඇත. සැකකරු හෝමාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, මෙම ගිනි අවිය ඔහු වෙත ලැබුණේ කෙසේද සහ මෙය කිසියම් අපරාධයක් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබුණේ ද යන්න පිළිබඳව හෝමාගම පොලිසිය මගින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබේ. සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරයට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් යොදවා තිබේ. අදාළ රැස්වීම් අතුරෙන් ප්‍රධාන රැස්වීම්, පෙළපාලි හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර මැයි දිනයට සමගාමීව විවිධ ආයතන හා සංවිධාන කරනු ලබන සැමරුම් උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු සංවිධානය වී ඇති බව පොලීසිය පවසයි. මෙලෙස පැවැත්වෙන මැයි දින උත්සව සහ සැමරුම් සාමකාමි ලෙස පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලස්ම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව…

Read More

අමෙරිකාව විසින් ඉතාලියෙන් පැහැරගත් වටිනා පුරාවස්තු 337ක් නැවත ඉතාලියට භාරදී තිබේ. මෙය මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම සංස්කෘතික දේපළ හුවමාරුවක් ලෙස සැලකෙන අතර, රෝමය සහ වොෂින්ටනය අතර පවතින දැඩි සහයෝගීතාව මෙයින් මනාව පිළිබිඹු වන බව සඳහන් වේ. පුරාණ රෝම මූර්තිවල සිට ග්‍රීක, එට්‍රස්කන් “Etruscan” සහ ඊජිප්තු කලාකෘති දක්වා විහිදෙන මෙම පුරාවස්තු සමූහය, ඉතාලියේ ‘කැරබිනියරි’ (Carabinieri) සංස්කෘතික ආරක්ෂක ඒකකයේ මූලස්ථානයේදී ප්‍රදර්ශනය කෙරිණි. නිව්යෝර්ක් නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ දීර්ඝ විමර්ශන මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම භාණ්ඩ සොයාගෙන ඇත. ක්‍රි.පූ. 5 වන සියවසේ සිට ක්‍රි.ව. 3 වන සියවස දක්වා කාලයට අයත් රෝම කාසි, ස්වර්ණාභරණ, පිඟන් මැටි භාණ්ඩ සහ වාස්තු විද්‍යාත්මක කොටස් මෙයට ඇතුළත් වේ. ක්‍රි.ව.…

Read More

අමෙරිකාව විසින් රඳවාගෙන සිටින ඉරාන ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම නෞකාවේ තවත් ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු TOUSKA නෞකාවේ රැඳී සිටින අතර ඉරාන නිලධාරීන් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන්ය. පසුගිය අප්‍රේල් මස 20 වන දින අඩි 900කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව ඉරාන ධජය සහිතව සිය නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කළ බැවින් එය සිය භාරයට ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණි. එහිදී අදාළ නෞකාවට නවත්වන ලෙස අනතුරු ඇඟවීමක් සිදුකළ නමුත් ඔවුන් එම…

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ. මෙය 2022 ජුනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල අගය බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට කළ ඉඟියත් සමඟ මෙම මිල ඉහළ යාම සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මීට අමතරව, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හේතුවෙන් කලාපීය ගැටුම් තවදුරටත් උත්සන්න විය හැකි බවට පවතින බිය ද මෙයට ප්‍රධාන හේතුවක් වේ. ලෝක බලවතුන් සහ ඉරානය අතර පවතින මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට බාධා එල්ල විය.

Read More

බොහෝ පිරිසක් ආදරයෙන් වැළඳගත් 3 Idiots චිත්‍රපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමට සූදානම් බව සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු ආමීර් ඛාන් තහවුරු කර ඇත. ඔහු චිත්‍රපටය සඳහා ෆුන්සුක් වන්ග්ඩු හෙවත් රැන්චෝගේ චරිතයට නැවත පැමිණෙනු ඇතැයි ද සඳහන් වේ. මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී, ආමීර් ඛාන් මෙලෙස 3 Idiots දෙවැනි කොටසක් පිළිබඳ කතා කර තිබේ. 2009 වසරේ දී 3 Idiots චිත්‍රපටය නිර්මාණය විය.

Read More

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා මැයි මස 03 දින දිවයිනට පැමිණීමට නියමිතය. රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මෙම සංචාරය අතර තුර මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය. මීට අමතරව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ද මෙම නියෝජිත පිරිස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. එමෙන්ම රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මැයි 04 වන දින කොළඹ ජාතික රෝහලේ සහ…

Read More

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා හඳුනා නොගත් පියාඹන වස්තූන්, අභ්‍යවකාශ බලකාය සහ ඉරාන යුද්ධය වැනි මාතෘකා පිළිබඳව ද අදහස් දැක්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නාසා ආයතනයේ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් නිල් පැහැති ජැකට් හැඳ ජනාධිපතිවරයා හමුවීමට පැමිණ තිබුණි. ගගනගාමීන්ගේ දක්ෂතාව අගය කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, “ඔවුන් මේ දේ කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මම නම් ඒකට කැමති වෙන්නේ නැහැ, නමුත් අපේ රට ශ්‍රේෂ්ඨ කිරීමට මෙවැනි මිනිසුන් අවශ්‍යයි.”…

Read More

මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ජනාධිපති කාර්යාලයේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේ සිදුවූ නායයාමෙන් මධ්‍යම කඳුකරයට විශාල හානියක් සිදු වූ අතර මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර ගනිමින් පෝෂණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් එහිදි දැඩිව අවධාරණය කර තිබේ. ඒ අනුව ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පාරිසරික ගැටලුවලට විසඳුම් සොයමින් මධ්‍යම කඳුකරය රැකගැනීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට ද තීරණය වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එම ක්‍රියාවලියට අදාළ ප්‍රගතිය සහ නීතිමය ප්‍රතිපාදන පිළිබඳ අදාළ…

Read More