Author: LFN
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කන්කසන්තුරය උඩුත්තරය ප්‍රදේශයේ මහා විද්‍යාලයක ගුරුවරියන් 16 දෙනෙකු ගෙන් සමන්විත සමූහ ඡායාරූපයක් A I තාක්ෂණය ඔස්සේ සංස්කරණය කර නිරුවත් කර වට්සැප් මාධ්‍ය ඔස්සේ බෙදා හැරී බව කියන එම විද්‍යාලයේම සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලිසිය සඳහන්කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන්සිටින් සිටින සිසුන් පිරිසකි. එම විද්‍යාලයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සැකකාර සිසුන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂා කිරිමේදි ඔහුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන වලද AI තාක්ෂණය ඔස්සේ සංස්කරණය කර නිරුවත් කරන ලද එම ගුරුවරියන්ගේ සමූහ ඡායාරූපය අඩංගුව තිබූ බව පොලිසිය සඳහන් කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කළ සමගි ජනබලවේගයේ හිටපු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරීමට සජබ තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ වනවිට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත් සජබ කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරන තනතුරුවලින් තමන් ඉවත්වන බව ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂ නායකත්වයට දන්වා ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2027 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඩොලර් ට්‍රිලියන 1.5ක දැවැන්ත ආරක්ෂක අයවැය ප්‍රතිපාදන ඉල්ලීම, වර්තමානයේ පවතින හදිසි අවශ්‍යතාව මනාව පිළිබිඹු කරන්නක් බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කරයි. මෙම සුවිශේෂී අයවැය ඉල්ලීමට පක්ෂව සාක්ෂි දීමට ලැබීම තමන් අගය කරන බව හෙග්සෙත් සඳහන් කර තිබේ. “ජනාධිපතිවරයාගේ මෙම අයවැය ඉල්ලීම මගින් මේ මොහොතේ පවතින කාලීන සහ හදිසි අවශ්‍යතාව නිරූපණය වනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. මීට සමගාමීව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටු විභාගයට එක්වූ පෙන්ටගන නිලධාරී ජූල්ස් හර්ස්ට්, ඉරාන යුද්ධය වෙනුවෙන් මේ දක්වා වැය වී ඇති සම්පූර්ණ පිරිවැය පිළිබඳව යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කළේය. ඔහුට අනුව,…
දකුණු ඔස්ට්‍රේලියාවේ පැරෆීල්ඩ් ගුවන්තොටුපළේදී ගුවන්යානා අංගනයකට කුඩා ගුවන්යානයක් කඩාවැටී අද (29) අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස්, තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය පවසයි. අනතුරට පත් වී ඇත්තේ ‘Diamond DA42’ වර්ගයේ එන්ජින් 2ක් සහිත සිව්දෙනෙකුට ගමන්කළ හැකි කුඩා ගුවන් යානයක්ය. අනතුරත් සමග යානය ගිනිගෙන ඇති අතර, මේ වනවිට එම ගින්න නිවාදමා තිබේ. කෙසේ නමුත් අනතුර හේතුවෙන් ගුවන්තොටුපොළ තාවකාලිකව වසාදැමීට එහි බලධාරීන් පියවරගෙන ඇත. එමෙන්ම ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවද සඳහන්ය.
හෙට දිනයේ (30) රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ පෙනි සිටීමට නොහැකි බව දන්වමින් භාණ්ඩාගාර ලේකම් එම කාරකසභාව වෙත ලිපියක් යොමු කර තිබේ. මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ අද එම ලිපිය මුදල් කරක සභාව වෙත ලැබි ඇති බවය. අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවීමට ඊයේ (28) තීරණය කර තිබුණි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව හමුවේ හෙට පෙනී සිටින…
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ. මෙහි සෙසු සාමාජිකයන් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා ඩිනාල් පිලිප්ස් යන මහත්වරු පත්කර ඇත. ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එහි කටයුතු මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ. ඒ අනුව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක්, ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් ඉදිරියට ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක කමිටුව විසින් සිදුකරනු ඇත.
8 වැනි පාර්ලිමේන්තුවේ සහ 9වෙනි පාර්ලිමේන්තුවේ මුදල් භාවිතය සම්බන්ධයෙක් සියලුම අංශ නියෝජනය වන පරිදි සම්පූර්ණ විගණනයක් සිදුකර එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා පවසයි. අද (29) පෙරවරුවේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කථානායකවරයා මේ බව පැවසීය. එහිදී ඔහු පැවසුවේ, තවත් මාසයක් පමණ කාලයක් අතුලදී එම විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීමට විගණකාධිපතිවරිය පොරොන්දු වූ බවය. “රටේ තියෙන මුදල් සියලූම දේවල් විගණනයට භාජනය විය යුතුයි. පාර්ලිමේන්තුවේ අපි දැක්ක දෙයක් තමයි යම් යම් අංශයන් විගණකාධිපති තුමාගේ විගණනයට මීට පෙර ලක්වෙලා නෑ. ඒ නිසා අපි කල්පනා කළා, මුදල් භාවිතය පිළිබඳ පාරදුෂ්‍යභාවය මේ රටේ ජනතාව දැනගන්න අවශ්‍යයි. ඒ සඳහා…
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ වැඩ අංගනයට හියුම් පයිප්ප බාමින් සිටි බූම් ට්‍රක් රථයකක් අධි බලැති විදුලි රැහැනක ගැටී දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. මිල්ලනිය ප්‍රාදේශීය සභාවට අඹතලේ ප්‍රදේශයෙන් හියුම් පයිප්ප රැගෙන ඒමෙන් පසු, ගොඩබාමින් සිටියදී අද (29) මෙම අනතුර සිදුව ඇත. බූම් ට්‍රක් රථයේ ඉහළ කොටස වෝල්ට් 33,000ක අධි බලැති විදුලි රැහැනක ගැටී ඇති අතර, එහිදී එහි ක්‍රියාකරු සහ ප්‍රාදේශීය සභා සේවකයෙකු පිළිසුම් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මෙහිදී රථය විදුලි රැහැන්වල ගැටීමත් සමග එහි ක්‍රියාකරුට මෙන්ම එම රථය අසල සිටි ප්‍රාදේශීය සභාවේ සේවකයාට විදුලි සැර වැදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම අවස්ථාවේ බූම්…
හෙට (30) ප්‍රදේශ රැසකට දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී තිබේ. උතුරු -මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් සහ කුරුණෑගල, මොණරාගල, වව්නියාව, මුලතිව්, සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා මෙම උණුසුම් කාලගුණය පවතින බව සඳහන් වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට(30) දිනය සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.