Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»විජේ සේදුපතිට සුපිරි ජයක්
    International

    විජේ සේදුපතිට සුපිරි ජයක්

    By LFNMay 5, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.

    දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ DMK සහ AIADMK පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    මෙම මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් ව තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවය.

    කෙසේවෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු අතර ටී.වී.කේ පක්ෂයට ඒ අනුව බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහාය ලබාගත යුතු වේ.

    විජේ මහ ඇමති ධුරයට පත්වුවහොත් එන්.ටී. රාමාරාඕගෙන් පසුව මෙවැනි ජයක් අත්කරගත් දෙවන නළුවා ඔහු වනු ඇති බවද විදෙස් මාධ්‍ය දක්වා ඇත.

    2024 වසරේ පක්ෂය ආරම්භ කළ දින සිට විජේ අනුගමනය කළේ සුවිශේෂී ප්‍රචාරණ උපක්‍රමයකි.

    ඔහු DMK පක්ෂය සිය දේශපාලන ප්‍රතිවාදියා ලෙසත්, BJP පක්ෂය ප්‍රතිපත්තිමය ප්‍රතිවාදිය ලෙසත් නම් කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ඇත.

    මෙම උපක්‍රමය හරහා තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ පළමු වරට ඡන්දය භාවිතා කරන පිරිස් ද ආකර්ෂණය කර ගැනීමට ඔහුට හැකියාව ලැබී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

    චෙන්නායි කලාපය ඇතුළු නාගරික ප්‍රදේශවල විශිෂ්ට ජයක් අත්කර ගැනීමට TVK පක්ෂය සමත්ව ඇති අතර AIADMK පක්ෂයේ බලකොටු ලෙස සැලකෙන කොයම්බුතූර් සහ සේලම් වැනි නගරවලද සිය බලය තහවුරු කර ගැනීමට සමත් ව තිබේ.

    කෙසේවෙතත් TVK පක්ෂයේ ජයග්‍රහණයට ප්‍රධානම සහ තීරණාත්මක සාධකය වූයේ විජේගේ පෞද්ගලික ජනප්‍රියත්වය වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.