Author: LFN

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඒ අනුව, අද (29) සිට ක්‍රියාත්මක වන ඔහු පරිදි එම ධුරයෙන් ඉවත්වනු ඇත. ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීම් භාර දී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාටද නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Read More

රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් රැසකට අවශ්‍යකර සිටි පුද්ගලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එහිදි සැකකරු සතුව තිබි හෙරෝයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 200ක් සොයාගත් බවද සඳහන් වෙයි. 44 හැවිරිදි වියේ පසුවන සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වෙයි. අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල‍, මිරිහාන, කඩුවෙල, හෝමාගම, කහතුඩුව, මොරටුව, වැල්ලම්පිටිය, නාරාහෙන්පිට, කිරුලපන,කුරුදුවත්ත සහ මෝදර යන ප්‍රදේශවලදි කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් රැසකට සම්බන්ධව අවශ්‍යකර සිටි පුද්ගලයෙකු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ අතර, සොරකම්කරන ලද යතුරුපැදියක් සහ කොල්ලකන ලද රන්මාල 5ක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට…

Read More

යුක්‍රේනයට එරෙහි යුද්ධය සඳහා රුසියාවට සහය පළ කරමින් සහභාගී වූ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් පමණ මියගොස් ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි. එම යුධ ගැටුම් සඳහා උතුරු කොරියානු හමුදා භටයන් 15,000ක් පමණ යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සඳහන් කර තිබේ. මේ අතර, යුධ ගැටුම් අතරතුර යුක්‍රේන හමුදා ග්‍රහණයට ලක් වූ අවස්ථාවේදී කොරියානු යුද හමුදා භටයෙක් අත් බෝම්බයක් පුපුරවා ගනිමින් දිවි හානි කරගෙන තිබේ. එම ක්‍රියාව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රශංසාවට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර වඩිදුරටත් පවසා තිබේ.

Read More

මහාපරිමාණ කේරළ ගංජා ජාවාරමේ නිරත කාන්තාවක් කේරළ ගංජා තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ ස්ථාපිත මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකයෙහි නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර උතුර පොලිස් වස‌මේ රතන‌‌ජෝති මාවත කුඩා වස්කඩුව,යන ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත. එහි දී බොම්බුවල නවින් නැමැත්තාගේ ජාලයේ සාමාජිකයෙකු වන කදනආරච්චිගේ නුවන් ඉරේෂ් ප්‍රනාන්දු යන මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ මත්ද්‍රව්‍ය බෙදාහරින වස්කඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් වන බට්ටි අක්කා යන අනුවර්ථ නාමයෙන් හදුන්වන කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය සතුව තිබී කේරළ ගංජා කිලෝ 02, ග්‍රෑම් 750ක්, මුදල් රුපියල් 110,000 ක් හා විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන…

Read More

ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standerd Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම යන ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් ඇති සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ. කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) පිළිබඳව…

Read More

ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ් පිටි කිලෝ එකක මිල අද දින සිට රු.5කින් වැඩි කළ බව එම සමාගම විසින් දිවයිනේ සියලුම ඔවුන්ගේ අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත. නිෂ්පාදන මිල සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හමුවේ මෙම පිටි මිල වැඩි කල බවත්, එම සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට දැනුම් දී ඇත. ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩි පිටි කිලෝවක් වෙළදපොලේ රු.220.00කට අලෙවි කරනු ලබයි.

Read More

සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 2026 අති විශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශනය අද (29) සිට ආරම්භ කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කළේය.

Read More

ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන දරුණු ලෙස පහරදීමේ සිදුවීම ධීවර, ජලජ  හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා දැඩි ලෙස හෙළා දකී. මෙය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත්, අසල්වැසි රටවල් අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවයට හා විශ්වාසයට ඉන් දැඩි බලපෑමක් එල්ල වන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි. ඕනෑම රටක මූලික වගකීමක් වන්නේ මහජනතාවගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම අමානුෂික ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, ඉන්දීය ධීවරයින් දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වුවද, ශ්‍රී ලාංකික ධීවරයින් බොහෝ අවස්ථාවලදී…

Read More

දකුණු ලෙබනනයේ සූර්ය පැනල ඊශ්‍රායලය හමුදාව විසින් විනාශ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය චෝදනා කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඊශ්‍රායල හමුදා සූර්ය පැනල විනාශ කරන ආකාරය දැක්වෙන සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන විඩියෝවක් එම ආයතනය මඟින් ප්‍රචාරය කර ඇති බවයි. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අයතන Xහි සටහනක් තබමින් පවසා ඇත්තේ මේ පිළිබඳ යුද අපරාධ චෝදනා යටතේ ඊශ්‍රායලයට එරෙහිව විමර්ශන සිදුකළ හැකි බවයි. මේ අතර, දකුණු ලෙබනනයේ සිවිල් දේපළ නීති විරෝධී ලෙස විනාශ කිරීම ඊශ්‍රායලය වහාම නැවැත්විය යුතු බව ද එම ආයතන පවසා තිබේ.

Read More

විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “හෝමගම ගගන” නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියාකළ බවට සැක කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඊයේ (28) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්ය. සැකකරු සතුව තිබී ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 05ක්ද සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 41 හැවිරිදි කොඩිතුවක්කු කම්කානම්ගේ ලසන්ත නොහොත් “අංජු” නමැත්තාය. සැකකරු හෝමාගම, පාදුක්ක, හංවැල්ල, මීගොඩ, කොස්ගම සහ නවගමුව ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ විය හැකි බවට සැක පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.…

Read More