Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අ.ඩො. මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීම වැනි ක්රියා, වැළැක්වීමට තාක්ෂණික ක්රමවේද පවතින බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්යලංකාර මහතා පවසයි. ඉහත සිද්ධියට භාවිතා කර ඇත්තේ වර්තමානයේ පවතින ‘BEC’ නම් සයිබර් පහරදීමේ ක්රමවේදය බවත් හෙතෙම පැවසීය. මෙම සයිබර් පහරදීමේ ක්රමවේදයට බොහෝ පෞද්ගලික අංශයේ ආයතන මුහුණ දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. කෙසේ නමුත් ශ්රී ලංකා මහා බැංකුව විසින් මෙරට බැංකු පද්ධතියට ‘ISO 27001’ නම් ‘සයිබර් සිකියුරිටි’ සම්බන්ධ ISO තත්ත්ව සහතිකය ලබාගන්නා ලෙස නිර්දේශ කර ඇති හෙයින්, බැංකු පද්ධති සයිබර් පහරදීවලට ලක්වීම අවම වී ඇති බව ඔහු පවසයි. ඒ අනුව බැංකුවකටත් වඩා රටේ මුදල් සම්බන්ධයෙන් වගකීමක් ඇති මහා භාණ්ඩාගාරය වැනි…
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට ව්යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය පවසයි. මූලික විමර්ශනවලදී මෙය අනාවරණ වූ බව ඔවුන් සඳහන් කරයි. එමෙන්ම නැවත එම මුදල් ලබාගැනීම තාක්ෂණික අභියෝග මැද සිදුකළ යුත්තක් බවත් එම ආයතනය ප්රකාශ කළේය. මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ රටතුළ දැඩි ආන්දෝලනයක් මතු කරනු ලැබීය. ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ද මේ වන විට සිදු කෙරේ. ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක්ම මුදල් අමාත්යාංශයේදී අද (24)පැවැත්විණි. මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට තාක්ෂණික…
වැල්ලවාය, වීරසේකරගම ප්රදේශයේ පදිංචි කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්යාපාරිකයෙකුගෙන් රු.15,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ හපුතලේ දිස්ත්රික් කම්කරු කාර්යාලයේ, කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම් නියම කර තිබේ. ඒ 2009 සැප්තැම්බර් 02වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද ලිඛිත පැමිණිල්ලකට අනුව ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ විභාග කරන ලද නඩුවට අදළවය. ඉදිරිපත් කළ සියලු සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාට එරෙහිව ගෙන ආ චෝදනා තුන සම්බන්ධයෙන්ම ඔහු වරදකරු වන බව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් තීන්දු කර ඇත. ඒ අනුව, එක් එක් චෝදනාව සඳහා එකවර ගෙවී යන සේ වසර 06 බැගින් සිර…
හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට වත්තල මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
බලංගොඩ – පල්ලෙවෙල ප්රදේශයේ නිවසක තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. ලද තොරතුරකට සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම මෘත දේහය සොයාගෙන ඇති බව සඳහන්ය. පල්ලෙවෙල ප්රදේශයේ නිවසක තනිව සිටි මෙම කාන්තාවට අමානුෂික වද හිංසා සිදු කර ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි. බලංගොඩ ප්රධාන මහේස්ත්රාත්වරිය, අධිකරණ වෛද්ය අධිකාරි, අපරාධ විමර්ශන ස්ථාන පරික්ෂණ නිලධාරීන්, ඇගිලි සලකුණ සටහන් අංශයේ නිලධාරීන් ඊයේ (23) පස්වරුවේ එම ස්ථානයට අපරාධ සිදුවු ස්ථානයට පැමිණ පරික්ෂණ සිදු කර ඇත. අනතුරුව රත්නපුර පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයා යොදා සැකකරු සෙවීමටද කටයුතු කළ ද එය අසාර්ථක විය. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) බලංගොඩ මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන්…
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්රගාමී දුම්රිය වාද්දූවේදී පිලී පැනීමකට ලක්වුවද, කාර්යාල දුම්රිය සේවා අවලංගු කිරීමකින් තොරව සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පිලිපැනීමට ලක්වූ ප්රදේශය දක්වා දුම්රිය ගමන්කර, එහි මගීන්ව අදාළ ස්ථානයෙන් බස්සවා, වෙනත් දුම්රියකින් ගමන්නාතය දක්වා රැගෙන යාමට තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් දුරගමන් බලායන දුම්රියන්, ධාවන කටයුතු සිදුකරක ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද සඳහන්ය. සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්වූ අතර, ඒ හේතුවෙන් මන්තීරු දෙකම අවහිරවිය.
රුපියල් හැට තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්යුත් දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගියෙකු , අද (24) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු නිට්ටඹුව , තිහාරිය ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්යාපාරිකයෙකි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 42,000ක් අඩංගු දුම්වැටි කාටූන් 210 ක් සහ විද්යුත් දුම්වැටි 15 ක් සගවා…
වෙසක් පොහොය නිමිත්තෙන් මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, මීට පෙර මැයි 2 වැනිදා ලබාදුන් රජයේ නිවාඩුව අවලංගු කරමින් ය. රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබේරත්නගේ අත්සනින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, මැයි 27 වැනිදා සිට ජුනි 2 වැනිදා දක්වා වෙසක් සතිය ලෙස ප්රකාශයට පත්කර ඇති බවයි.
විදේශ රටවල සැඟව සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්රව්ය ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශනයකට අනුව එම කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හත්දෙනකුට විදේශගතවීම වළකාලමින් ගම්පහ ප්රධාන මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා විදේශ ගමන් තහනමක් නිකුත් කළේය. ගණේමුල්ල බොල්ලත ප්රදේශයේ කළ වැටලීමේදී පොලිස් බාරයට ගෙන ඇති කොකේන් කිලෝග්රෑම් තුනක් වැටලීමට සම්බන්ධ වූ කොස්තාපල්වරයකු විසින් ජාවාරම් කළ බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බව පවසමින් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථනාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්.ජී.සී. පදුමසිරි මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්රාත්වරයා නිලධාරීන් හත්දෙනාගේ විදේශ ගමන් තහනම් කළේය.
වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී කැබ් රථයක් පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ වෙඩිබෙහෙත් කිලෝග්රෑම් 14ක්, ජෙලට් නයිට් කූරු 240ක්, ඇමෝනියා කිලෝග්රෑම් 350ක්, ඩෙටනේටර් 490ක් හා අඩි 5600ක් දිග වෙඩි බෙහෙත් වයර් තොගයක් සමඟ සැකකරුවෙකු කැබ් රථයද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වීරකැටිය පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 57 ක් වන මුල්කිරිගල ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුපුරණ දුව්ය තොගය ගල් කැඩීම සඳහා යොදාගැනීම සඳහා ප්රවාහනය කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. විරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.