Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ජර්මානු චාන්සලර්ට ට්‍රම්ප් අනතුරු අඟවයි
    International

    ජර්මානු චාන්සලර්ට ට්‍රම්ප් අනතුරු අඟවයි

    By LFNMay 1, 2026No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානට එරෙහි යුද්ධය සම්බන්ධ ප්‍රකාශ කරමින් ඊට මැදිහත් නොවන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ස් ට්‍රම්ප්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස් වෙත අනතුරු අඟවා තිබේ.

    අමෙරිකාව, ඉරාන සාම නියෝජිතයින් හමුවේ නින්දාවට පත්ව ඇති බවට මර්ස් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා ඇත.

    එමෙන්ම ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු සෙබළු දහස් ගණනක් ඉන් ඉවත්කර ගැනීම සම්බන්ධවත් මේ වනවිට අමෙරිකාවේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.

    මේ අතර නුදුරේදීම අමෙරිකාව ඉරානය වෙත පහරදීමට අවස්ථාවක් ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා ඉඟිකර තිබේ.

    කෙසේ නමුත් ඉරානය ද පවසන්නේ, අමෙරිකාව සිය වරායන් අවහිර කිරීම ‘ඉවසිය නොහැකි’ මට්ටමක් කරා පැමිණ ඇති බවය.

    මේ අතර හෝමුස් සමුද්‍රසන්ධියේ පවතින අනාරක්ෂිත තත්ත්වයට අමෙරිකාව සහ ඊශ්‍රායලය හේතුවී ඇතැයි ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් පවසා ඇත.

    එමෙන්ම ලිඛිත නිවේදනයක් නිකුත් කර තිබූ ඉරාන ආධ්‍යාත්මික නායක මොජ්ටබා කමේනි අවධාරණය කර ඇත්තේ, හෝමුස් සමුද්‍රසන්ධියේ රැඳී සිටින සතුරා විනාශ කර ගල්ෆ් කලාපය සුරක්ෂිත කිරීමට ඉරානයේ වගකීමක් වී ඇති බවය.

    අමෙරිකානු, ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුව සුන්බුන් අතර සිරවූ හෝ පස් යට සැඟවී ගිය ආයුධ නැවත ගොඩගැනීමට ඉරානය සටන්විරාමය අතරතුර කටයුතු කරමින් සිටින බවටත් අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

    අමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තාවේ දී වැඩිදුරටත් දැක්වෙන්නේ, ඉරානය ඩ්‍රෝන සහ මිසයිල නිෂ්පාදනය කඩිනම් කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.