Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඌරුබොක්ක, මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් සොයාගනියි
    Local News

    ඌරුබොක්ක, මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් සොයාගනියි

    By LFNMay 1, 2026No Comments1 Min Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඌරුබොක්ක නගර මධ්‍යයේ මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් ඊයේ (30) දින සොයාගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඉන් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දස දහස් සංඛ්‍යාත පිරිසක් මුහුණ දෙන උග්‍ර පානීය ජල අර්බුදයට විසඳුමක් ලැබෙනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

    කුඩා පෑවිල්ලටත් ඌරුබොක්කේ ළිං ජලය සිදී පානීය ජල අර්බුදයක් මතු වන බවත් ඊට පිළියම් ලෙස බවුසර් මගින් ජල බෙදා හැරීමට සිදුවන බවද එහෙත් මෙවර එය ද සිදු නොවූ බව ප්‍රදේශවාසීන් ප්‍රාදේශීය සභාවට චෝදනා කළහ.

    එමෙන්ම ඌරුබොක්ක නගරයත්, දම්පහල මාර්ගය, හුලංකන්ද පාර, හීගොඩ පාර, අමුහේන්ගොඩ, හොරගස්මන්ඩිය, කටුවන පාර, කීරපිටිය පාර ආදී ගම්මාන රැසක ජනතාවත් හීගොඩ රෝහල හා හුලංකන්ද, පට්ටිගල, කීරපිටිය, ගින්නලිය, බෙරලපනාතර යන පාසල්වල දෛනික කටයුතු පවා අකර්මණ්‍ය වූ බව සඳහන්ය.

    ඒ අනුව ජල හිඟයෙන් පවුල් 10,000ක පුද්ගලයින් 50,000කට අධික පිරිසක් පීඩාවට ලක් වූ බව පස්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහන් කරයි.

    එවැනි පසුබිමක පස්ගොඩ ප්‍රාදේශීය සභාව කළ ඉල්ලීමක් මත මෙම විශාල ජල මූලාශ්‍රයක් සොයාගැනීමට හැකි වූ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දකුණු පළාත් භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා ප්‍රකාශ කළේය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.