Author: LFN

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් රාජ්‍ය බුද්ධි සේවාවාට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මීගහවත්ත, ගල්වෙල්ල පාලම අසලදී ඊයේ (22) අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුදුවත්ත රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 98 ක් තිබියදී පොලිසිය සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. මීගහතැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. සෑම සතියකට වරක්ම මෙම මිල පාරායන් මාධ්‍යවෙත පළකරන අතර, මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වේ. තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය (2026 අප්‍රේල් 20 සිට අප්‍රේල් 26 දක්වා) තිරිගු පිටි – 158.00 – 176.00 සුදු සීනි – 200.00 – 217.00 පරිප්පු – 248.00 – 271.00 අර්ථාපල් (ඉන්දියා) – 160.00 – 228.00 අර්ථාපල් (පාකිස්තාන්) – 140.00 -177.00 බී ලූනු (ඉන්දියා) – 145.00 – 189.00 බී ලූනු (පාකිස්තාන) – 112.00 – 140.00 රතු ලූනු (ආනයනික) – 280.00 – 332.00 වියළි හාල්මැස්සන් (තායිලන්ත) -…

Read More

මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය වැළදුණු ළමුන් දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් බවය. එබැවින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් දරුවන්ට හැකි ඉක්මනින් එම එන්නත් විධිමත්ව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. ශ්‍රී ලංකාව සරම්ප රෝගය සහමුලින්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛය සංවිධානය නිවේදනය කළේ ඉකුත් 2019 වසරේදීය. කෙසේවෙතත්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප වසංගත තත්ත්වයන් වාර්තාවූ බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ රෝගය වැළඳී…

Read More

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මේ බව සඳහන් කෙරුණේ එම ආයතනයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී ය. එමෙන්ම වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබාගැනීමේ ක්‍රමවේදය ද කඩිනමින් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා, “ඉස්සර පළාත ගහලා තිබුණා.. දැන් ඉවත් කරලා” මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් – ප්‍රියන්තා දිසානායක, “යුද්ධය කාලයේ ඇතිවෙලා තිබුණු ප්‍රශ්න නිසා ඒ වාහනය කොහාට අයිති එකක්ද කියලා හඳුනගන්න Frequency ID…

Read More

ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත. පෙන්ටගන මාධ්‍ය ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේ, මෙම ඉල්ලා අස්වීම “වහාම ක්‍රියාත්මක වන පරිදි” සිදුවන බවය. ෆෙලන්ගේ ඉවත්වීමත් සමඟ නාවික හමුදා උප ලේකම් හන්ග් කාඕ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති බව සඳහන් වේ. පසුගිය මාස කිහිපය තුළ ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වූ ඉහළ පෙළේ හමුදා නායකයින් අතරට ෆෙලන් ද එක් වේ. මොහු 2024 වසරේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරන ලද අතර 2025 මාර්තු මාසයේදී නාවික හමුදා ලේකම් ලෙස දිවුරුම් දුන්නේය. ෆෙලන්ගේ ඉවත්වීමට නිශ්චිත හේතුවක් නාවික හමුදාව මෙතෙක් අනාවරණය කර…

Read More

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව දැනුම් දී තිබේ. 2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබඳ හඳුනාගත් තොරතුරු අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL-CERT) හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙත දැනුවත් කිරීම කර ඇත. ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලට අනුව අපරාධ පරීක්ෂණ…

Read More

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සටන් විරාමය උල්ලංඝනය කිරීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය පවසා තිබේ. අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට ගැනීමක් ලෙස ද ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සඳහන් කර ඇත. කෙසේවෙතත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කර ඇත්තේ,  ඉරානය සාම සාකච්ඡා සඳහා විවෘතව පැවතින බවත්, ඒ සඳහා කැපවීම් කඩකිරීම, අවහිර කිරීම් සහ තර්ජනය කිරීම් සැබෑ සාකච්ඡාවක් සඳහා ප්‍රධාන බාධක වනු ඇති බවය. මෙවන් පසුබිමක ඉරානය සමඟ නව වටයක සාම සාකච්ඡා ඉදිරි පැය 36 සිට 72 දක්වා කාලය ඇතුළත ආරම්භ වීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු  පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර, හම්බන්තොට…

Read More

සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි පැළ සිටුවීමේ නැකත අද දිනට යෙදී තිබේ. ඒ අනුව අද (23) පෙරවරු 9.01ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන්ය.

Read More

“ඒහි පස්සිකෝ“  සාම පාද යාත්‍රාවේ දෙවන දිනය අද (23) යි. අද දිනයේ ඓතිහාසික මාතලේ අලුවිහාරයේ සිට මහනුවර දළදා මාළිගාව දක්වා සාම පාද යාත්‍රාව සිදුකිරීමට නියමිතව තිබේ. වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ විසින් ඊයේ (22) දඹුල්ල පූජා නගරයෙන් මෙම සාම පාද යාත්‍රාව ආරම්භ කරනු ලැබීය. භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය. එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි. ඒ…

Read More