Author: LFN
සටන් විරාමය ක්‍රියාත්මක වන පසුබිමක ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනන වැසියන් 14දෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා තිබේ. ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු ද සිටින බවය. පවතින සටන් විරාමය නොතකා ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ නගර හතක වැසියන්ට වහාම ඉවත් වන ලෙස අනතුරු අඟවා තිබුණි. කෙසේවෙතත් මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළෙකු ද මියගොස් ඇති බව ඊශ්‍රායලය තහවුරු කර ඇති අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ තම රටේ සහ සොල්දාදුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩිව ක්‍රියා කරන බවය. මෙවන් පසුබිමක ඊශ්‍රායලය සටන් විරාමය උල්ලංඝනය කරන්නේ නම් තමන් ද ප්‍රහාර නතර නොකරන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීම් මගින් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 302කට ආසන්න ප්‍රමාණයක් අද (27) දිනයේදී විනාශ කිරීමට නියමිතව තිබේ. අදාළ වැටලීම්වලට අදාළව බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු හෙරොයින් කිලෝ 22 ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 172ක් හා ගංජා කිලෝ 247 ග්‍රෑම් 940ක ප්‍රමාණයක් මෙලෙස විනාශ කිරීමට නියමිතව ඇත. ඊට අදාළව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තිබූ මත්ද්‍රව්‍ය තොගය අද අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පුත්තලමේ පිහිටි වනාතවිල්ලුව ලැක්ටෝවත්ත දහන උඳුන වෙත ගෙන යාම ආරම්භ කෙරිණි.
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද (27) යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ වේ. අද දිනයේ පාද යාත්‍රාව කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ. හෙට (28) දිනයේ දී සාම පාද යාත්‍රාවට සමගාමීව කැලණිය රජමහා විහාරයේ පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡවක්ද පැවැත්වීමට නියමිත අතර අනතුරුව පාද යාත්‍රාව කැලණිය විහාරයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය. එදින “ඒහි පස්සිකෝ” සාම පා ගමනේ රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී සිදුකිරීමට නියමිතව තිබේ. දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල…
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ඊයේ (25) රාත්‍රී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකාර චීවරධාරින් අත්අඩංගුවට ගත් බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය. එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ , විවිධ රසකැවිළි සමග ව්‍යාජ පතුල් සකස් කර ඒවා තුළ කිලෝ ග්‍රෑම් 110 කට අධික ” කුෂ්” සහ ” හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව සඳහන්ය. සෑම චීවරධාරියෙකුගේම ගමන් මළු තුළ කිලෝ ග්‍රෑම් 05 කට අධික මත්ද්‍රව්‍ය තිබී ඇති බව…
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද (26) තෝලංගමුව ජාතික පාසල අසලින් ආරම්භ විය. අද දිනයේ පාද යාත්‍රාව යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කිරීමට නියමිතය. පාද යාත්‍රාව හෙට දිනයේ යක්කල අබේසේකරාරාමයේ සිට කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ. අප්‍රේල් 28 වනදා සාම පාද යාත්‍රාවට සමගාමීව කැලණිය රජමහා විහාරයේ පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡවක්ද පැවැත්වීමට නියමිත අතර අනතුරුව පාද යාත්‍රාව කැලණිය විහාරයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය. එදින “ඒහි පස්සිකෝ” සාම පා ගමනේ රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී සිදුකිරීමට නියමිතව තිබේ. දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර…
Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. එම ව්‍යපෘතිය යටතේ පසුගියදා නවීකරණ කටයුතු ආරම්භ කළ මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසාදීම අද දින (25) ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, NIO engineering ආයතනය, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන ඇතුලු ආයතන රැසක ඒකාබද්ධ සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. නවීකරණ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන තිස් පහක මූල්‍ය පිරිවැයක් දරා ඇත. පුද්ගලික…
විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන පරීක්ෂණවල ප්‍රගතියක් ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. මෙරට මහා භාණ්ඩාගාරය විසින් විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ මෙම මුදල පරිගණක හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය මේ වනවිට රට තුළ දැඩි ආන්දෝලනයක් මතුකර තිබේ. ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ද මේ වනවිට සිදු කෙරෙන අතර ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක්ම මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවැත්වුණි. සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙරට ප්‍රධාන ආයතන 37ක් සම්බන්ධ කරමින් විශේෂ ආරක්ෂණ පද්ධතියක් ද මේ වනවිට නිර්මාණය කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.…
වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ පැවැති බක්මහ උළෙලක් අවසානයේ ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙකි. බක්මහ උළෙල පැවැති ස්ථානය පිරිසිදු කරමින් සිටි සිය සහෝදරයාට පිරිසක් පහර දෙන බවට ලද තොරතුරක් මත ඔහු සිය මෝටර් රථයෙන් එම ස්ථානයට පැමිණ ඇත. එහිදී සිය සහෝදරයා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් මෙම සැරයන්වරයා බරපතළ තුවාල ලබා තිබේ. එම අවස්ථාවේ දී ඔහුව වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර…
මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අ.ඩො. මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීම වැනි ක්‍රියා, වැළැක්වීමට තාක්ෂණික ක්‍රමවේද පවතින බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පවසයි. ඉහත සිද්ධියට භාවිතා කර ඇත්තේ වර්තමානයේ පවතින ‘BEC’ නම් සයිබර් පහරදීමේ ක්‍රමවේදය බවත් හෙතෙම පැවසීය. මෙම සයිබර් පහරදීමේ ක්‍රමවේදයට බොහෝ පෞද්ගලික අංශයේ ආයතන මුහුණ දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. කෙසේ නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මෙරට බැංකු පද්ධතියට ‘ISO 27001’ නම් ‘සයිබර් සිකියුරිටි’ සම්බන්ධ ISO තත්ත්ව සහතිකය ලබාගන්නා ලෙස නිර්දේශ කර ඇති හෙයින්, බැංකු පද්ධති සයිබර් පහරදීවලට ලක්වීම අවම වී ඇති බව ඔහු පවසයි. ඒ අනුව බැංකුවකටත් වඩා රටේ මුදල් සම්බන්ධයෙන් වගකීමක් ඇති මහා භාණ්ඩාගාරය වැනි…