Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
කුලියාපිටිය මීගහ කොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට තවත් යතුරුපැදිකරුවෙකු ආරක්ෂක හිස් වැසුමකින් පහරදී පලායාම යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කුලියාපිටිය පොලීස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, CCTV දර්ශන අනුව එම විමර්ශන සිදු කරන බවය. කෙසේ වෙතත් අදාළ පහරදීම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිල්ල ලැබී නොමැති බව ද සඳහන් වේ. කුලියාපිටිය පන්නල මාර්ගයේ සිට පැමිණෙන එම පුද්ගලයා කුලියාපිටියේ සිට මාදම්පේ ප්‍රධාන මාර්ගය හරහා යතුරු පැදියෙන් ගමන් ගන්නා පුද්ගලයාට එලෙස පහර දෙන අයුරු එම CCTV දර්ශනය සටහන්ව ඇත. කුලියාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නලින් මහීපාල මහතා ඇතුළු කණ්ඩායමක් මෙම පරීක්ෂණ පවත්වයි.
පවතින කලාපීය නොසන්සුන්තාව හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නායකයන් දෙපළ සාකච්ඡා කර ඇති අතර, කටාර් රාජ්‍යය මුහුණ දී සිටින අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ජනාධිපතිවරයා එමීර්වරයා වෙත ප්‍රකාශ කර තිබේ. මෙම සාකච්ඡාවේදී කටාර් එමීර්වරයා විසින් ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කර ඇත. එනම් කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහ පදිංචිකරුවන්ගේ සුභසාධනය හා ආරක්ෂාව පිළිබඳව එමීර්වරයා ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ. එමෙන්ම පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාවට ස්ථාවර ලෙස ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට…
මෙරටින් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ මිසායා කාදර් මහත්මිය පැවසුවේ, බස්නාහිර පළාතෙන් සියයට 45ක් පමණ ක්ෂය රෝගින් වාර්තා වන බවය. ලබන 24 දිනට යෙදී ඇති ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ මිසායා කාදර් මහත්මිය මෙම අදහස් පළ කළේය. “ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ක්ෂය රෝගය ආසාදනය වෙලා තියෙනවා. ලංකාව ගත්තහම සමාන්‍යයෙන් වසරකට රෝගීන් 8,500ත් 9,500ත් අතර සොයා ගන්නවා. පසුගිය වසර 25 ගත්තත් මේ සංඛ්‍යාවේ කිසිම වෙනසක් නෑ. ලබන වසරට යද්දි රෝගීන් 500ක විතර අඩුවක්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය. මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු-මැද සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ආශ්‍රිතව පිහිටි ඉරාන බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 110 දක්වා ඉහළ ගොස් තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය අඟහරුවාදා පැවති මිලට වඩා 5% කට වඩා වැඩි වෙමින් ඩොලර් 109.91 ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, ඉන් සුළු වේලාවකට පසු මිල ගණන් සුළු වශයෙන් පහත වැටී ඇත. එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ස්වභාවික වායු මිලද 6% කින් ඉහළ ගොස් තිබේ. ඉරානයේ සවුත් පාර්ස් වායු නිධියට අයත් පෙට්‍රොකෙමිකල් සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වීමත් සමඟ මෙම මිල ඉහළ යාම ආරම්භ විය. මින් පැය කිහිපයකට පසු,…
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (19) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට භාරදීමට නියමිතව තිබේ. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම සිද්ධිය සහ කුමාර ජයකොඩි මහතා වත්මන් අමාත්‍ය ධුරය දැරීමට පෙර සිදුකළ බව පවසන දූෂණ අක්‍රමිකතා චෝදනාවකට අදාළව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව අද පෙරවරුවේ එම යෝජනාව කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පැවසුවේය. මේ අතර විපක්ෂය විසින් ගෙන එනු ලබන ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වීමට…
සෞදි අරාබියේ අගනුවර පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පසු, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් ඇති බව සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු පවසයි. රියාද් නුවර පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ඔහු පවසා ඇත්තේ, ඉරානය සිය වැරදි තක්සේරු කිරීම් පිළිබඳව නැවත සමාලෝචනය කළ යුතු බවත්, මෙවැනි ප්‍රහාර මගින් ටෙහෙරානයට කිසිදු වාසියක් අත්නොවන බවත්ය. ෆයිසාල් කුමරු වැඩිදුරටත් අවධාරණය කළේ, ඉරානය තම අසල්වැසි රටවල් සමඟ සාකච්ඡා කිරීමට විශ්වාසය නොතබන බවත්, ඒ වෙනුවට අසල්වැසියන්ට බලපෑම් කිරීමට උත්සාහ කරන බවත්ය. කෙසේ වෙතත්, මෙම ප්‍රවේශය කිසිසේත් සාර්ථක නොවන අතර එය දේශපාලනිකව මෙන්ම සදාචාරාත්මකවද ටෙහෙරානයටම අහිතකර…
හබරාදූව, හැඬිවත්ත ප්‍රදේශයේ මුහුදේ දියේ ගිලීමෙන් ළමයෙකු මියගොස් තිබේ. අදාළ ළමයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදි ප්‍රදේශවාසීන් හා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා මියගොස් තිබුණි. මියගොස් ඇත්තේ 16 හැවිරිදි හබරාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි. හබරාදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ දිනයක ඉන්ධන ලබාගත හැකි බව එම සංස්ථාව සඳහන් කළේය. ඒ අනුව අද ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතී. මේ අතර QR ක්‍රමවේදය යටතේ මේ දක්වාත් ඉන්ධන කෝටාව ලබාගෙන නොමැති පුද්ගලයින්…
අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා (Online Scams) මෙහෙයුමක් වටලා එහි නිරතව සිටි විදේශීය ජාතිකයින් 134 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් වයස අවුරුදු 23 – 35 අතර චීන ජාතිකයින් 126 දෙනෙකු ( කාන්තාවන් 06 ඇතුලුව), මියන්මාර් ජාතික කාන්තාවන් 04 දෙනෙකු සහ තායිවාන් ජාතිකයින් 04 දෙනෙකු ලෙස හදුනාගෙන ඇත. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ බුද්ධි නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඒකාබද්ධව අදාළ ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් පහක් ඉලක්ක කරගනිමින් මෙම විශේෂ වැටලීම් සිදුකර ඇත. එහිදී…