Author: LFN

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටා ඇති පෞද්ගලික ටයර් අලෙවි සැලක සහ ගබඩාවක අද (20) අලුයම ඇති වූ ගින්නකින් ඒය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ කණ්ඩායම ගින්න නිවා දැමීම අනෙකුත් වෙළඳසැල් වලට ගින්න පැතිරී යෑම වළක්වා ගැනීම සඳහා පැය ගණනාවක දැඩි මෙහෙයුමක් දියත් කිරීම හේතුවෙන් සිදුවන්නට ගිය මහා විනාශ වළක්වාගතහැකිවූ බවද පොලීසිය කීවේය. අලුයමදී මෙම ටයර් වෙළඳසැල ඇතුලෙන් ගින්න හටගෙන පැතිර යන්නට පටන් ගෙන තිබෙන බවත් ඒ අනුව පොලිසිය මහ නගර සභ විදුලි බල මණ්ඩලය සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කඩිනමින් අවට පදිංචිකරුවන් දැනුවත් කරමින් ගින්න මැඩ පැවැත්වීම සඳහා…

Read More

අලුත් අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් පමණක් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. පසුගිය අප්‍රේල් මස 10 වන දින සිට 18 වන දින දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇත. පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ලයින් 53දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාවක් අප්‍රේල් 10 සහ 13 යන දිනවලදී වාර්තා වී තිබේ. දියේ ගිලීම් නිසා සිදු වූ අනතුරුවලින් ද පුද්ගලයින් 27දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වේ. පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේ අලුත් අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිළීම්වලින් සිදු වූ මරණ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන…

Read More

තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවන් අද (20) සිට යළි ක්‍රියාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් අද දිනයේ සිට නැවත ක්‍රියාත්මක වනු ඇත. පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය 17 වැනිදා සිට එම දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

Read More

ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිසන් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මුදල් ආධාර රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළ බවය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනතාවගේ නොවන යුද්ධයකට අමෙරිකානු හමුදාව ඇද දැමූ බවට ද කමලා හැරිස් චෝදනා කළාය. ඇය මෙම ප්‍රකාශය සිදු කරන අතරවාරයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෲත් සෝෂල්හි සටහනක් තබමින් කියාසිටියේ, ජනතාව ඊශ්‍රායලයට කැමති වූවත් නැතත් ඔවුන් අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙකු බවට ඔප්පු කර ඇති බවය.

Read More

අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව වසර ගණනාවක් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි බිලියනපති මුකේෂ් අම්බානිට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත. බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට අනුව අදානිගේ ශූද්ධ වත්කම් මේ වනවිට ඩොලර් බිලියන 92.6ක් දක්වා ඉහළගොස් තිබේ. අම්බානිගේ වත්මන් ශූද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 90.8ක් බව එම දර්ශකයේ දැක්වේ. කෙසේ නමුත් මෙම දෙදෙනාම ලොව ධනවත්ම පුද්ගලයින් 20 දෙනා අතර සිටියි. ඒ අනුව අදානිට ලොව 19වන ස්ථානයත්, අම්බානිට 20වන ස්ථානයත් හිමිව ඇත. ලොව ධනවත්ම පුද්ගලයන් අතර පළමු 8 දෙනාම අමෙරිකානුවන් වන අතර, එලොන් මස්ක් තවමත් එහි පෙරමුණේ පසුවෙයි. ඔහු ඩොලර් බිලියන…

Read More

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටී ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 37ක් වූ ජනකගම, මාදිවෙල ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක් බව පොලීසිය පැවසීය. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අරලගංවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද(17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී  අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා. මෙම කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාත්, සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාත්, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතාත් පත් කර තිබෙනවා. එහි ලේකම් වශයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී.වී. බන්දුලසේන මහතා පත් කර තිබෙනවා.

Read More

ඉන්දියාවේ ටී.වී.කේ. පක්ෂයේ නායක, ඉන්දිය සිනමා නළු තලපති විජේ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වා තිබේ. ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් ඔහු මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින්ට එරට පුරවැසිභාවය ලබාදීමට ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කිරීමටත්, මෙරට සිටින දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙනුත්, තමන් පෙනී සිටින බවයි ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම කච්චතිව් දූපත ආශ්‍රිතව ඉන්දිය ධීවරයින්ට නිදහසේ ධීවර කටයුතු සිදුකිරීමට ඇති අයිතිය යළි තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති බව වාර්තා වේ.

Read More

බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධානයව වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔය අසළට පෙරලිමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් එක් අයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී කාන්තාවන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට (17) දින ඇතුළත් කළ බව බගවන්තලාව පොලීසිය කියයි. හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ටින්සින් කම්බිපනස්එක ප්‍රදේශයෙදි උදෑසන මෙම අනතුර සිදුව තිබේ. මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි සිව් දෙනෙකු ගමන් කර ඇති අතර, රියදුරා ආසන පටි ගලවා මෝටර් රථයෙන් ඉවතට විත්, අනතුර පිලිබද බගවන්තලාව පොලිසිය වෙත දැනුම් දි ඇත. අනතුරින් මිය ගිය පුද්ගලයා සහ තුවාල ලබා සිටි…

Read More