Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එවැනි වාහන පිළිබඳව මේ වනවිටත් පොලීසියට පැමිණිලි ලැබී ඇති බවය. වායු දූෂණය ලෝක මට්ටමින් බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එය හේතුවෙන් වසරකට මිලියනයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවද අවධාරණය කළේය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් සමඟ එක්ව අධික කළු දුම නිකුත් කරන වාහන හඳුනාගෙන ඒවා පරීක්ෂා කර පොලිස් භාරයට ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය. එමෙන්ම, එවැනි වාහනයක් මාර්ගයේ ධාවනය…
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් යථාවත් කිරීම සඳහා අවශ්‍ය කාර්යයන් මේ වනවිටත් සිදු කරමින් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බවය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් සමගයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. කොළඹ අපරාධ කොට්ඨාසය අද (16) පෙරවරුවේ හිටපු මන්ත්‍රීවරයාගේ පිළියන්දල පිහිටි නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම අවිආයුධ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.
වාහනවල සවිකර ඇති අංක තහඩු නිසි ප්‍රමිතියට අනුකූල නොවන පරිදි සකසා තිබේ නම්, එවැනි වාහන පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි. පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය. ඔහු සඳහන් කළේ, නියමිත ප්‍රමිතියට අනුකූල නොවන අංක තහඩු භාවිත කරන වාහන පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000 සිට 25,000 දක්වා දඩ මුදලක් නියම කරන බවය. තවද, පසුගිය කාලය තුළ නව වාහන සඳහා අංක තහඩු ලබාදීමේ ප්‍රමාදයක් පැවති බවත්, එය ඉදිරි සති කිහිපය තුළ විසඳාගත හැකි වනු ඇති බවත් ඔහු…
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි. වොෂින්ටන්හි පැවැති ආයෝජන සමුළුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු බවය. “අපි බලාපොරොත්තු වෙනවා ඒ වන විට කලාපයේ සාමකාමී වාතාවරණයක් පවතිනු ඇති බව. එය ක්‍රීඩාවට ලොකු රුකුලක්. කෙසේ වුවත් ඉරානය තරගාවලියට පැමිණිය යුතුමයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ඉරානය මෙම තරගාවලියට සහභාගී වීම සුදුසු නොවන බවත්, එය ක්‍රීඩකයන්ගේ ජීවිතවලට පවා අවදානමක් විය හැකි බවත්ය. ඉරාන උත්තරීතර නායකයා ඝාතනය…
මෙවර අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) ලැබූ දැවැන්ත මූල්‍යමය සාර්ථකත්වයේ ප්‍රතිලාභ මගී ජනතාවට ද ලබා දීමට සභාපති සජීව නන්දන කනකරත්න මහතා තීරණය කර තිබේ. ඒ අනුව, අප්‍රේල් 09 වනදා සිට 21 වනදා දක්වා කාලය තුළ ලංගම බස් රථවල ගමන් ගත් මගීන් සඳහා විශේෂ දිනුම් ඇදීමක් පවත්වා වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත. තමන් ගමන් ගත් බස් ටිකට් පත සුරක්ෂිතව ළඟ තබා ගන්නා ලෙස සභාපතිවරයා මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලයෙන් පසු ගාල්ල සහ මාතර සිට කොළඹට ආපසු පැමිණෙන මගීන්ට දැන් ඔන්ලයින් ක්‍රමයට බස් ටිකට්පත් ලබාගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. සමාජ මාධ්‍ය හරහා නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, ලබා දී ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් මගීන්ට තම ආසන වෙන් කරවා ගත හැකි බවයි. මීට අමතරව, http://www.busticket.gov.lk නිල වෙබ් අඩවිය හරහා හෝ 011 200 1266 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ටිකට්පත් වෙන්කරවා ගත හැකි බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
ඊශ්‍රායල සහ ලෙබනන නායකයන් වසර 34කට පසු ප්‍රථම වතාවට අද (16) සාකච්ඡා පවත්වනු ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනපති ට්‍රම්ප් මෙම නිවේදනය නිකුත් කළේ, ඔහුගේ ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම හරහාය. “ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින තත්ත්වය මදක් ලිහිල් කිරීමට උත්සාහ කරනවා. නායකයන් දෙපළ මෙලෙස කතාබස් කර බොහෝ කල් ගත වී තිබෙනවා, හරියටම වසර 34ක් වගේ. එය හෙට සිදු වේවි. ඉතා හොඳයි!” යනුවෙන් ඔහු එහි සටහන් කර තිබිණි. මාර්තු 2 වැනිදා ටෙහෙරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග, ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධයට ලෙබනනය ද ඇදී ගියේය. එතැන් සිට…
දිවයින පුරා බස් රථ ධාවනය අද (16) සිට සියයට 50ත් 60ත් අතර අගයකින් ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, හෙට (17) දිනය වන විට පෞද්ගලික බස් රථ සේවාව සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවනු ඇති බවය. ඊයේ (15) දිනය රාජකාරී දිනයක් වුවත් ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙන බවද පැවසු ගැමුණු විජේරත්න මහතා, මේ හේතුවෙන් මගීන් නොමැතිව විශාල බස්රථ ප්‍රමාණයක් ධාවනය වූ බවද පැවසීය. මේ අතර දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ද අද දින සිට තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා…
සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට (17) දිනට යෙදී තිබේ. හෙට පෙරවරු 5.38ට යෙදී ඇති සුබ මොහොතින් රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරී මිශ්‍ර කිරි බතක් ද හෙළ මෝරු ද උදු මිශ්‍ර කැවිලි වර්ගය ද අනුභව කර උතුරු දිශාව බලා හදීසි රාජකාරී කටයුතු සඳහා පිටත්ව යෑම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන්ය. අප්‍රේල් 20 වන සඳුදා දින පෙරවරු 6.27ට යෙදෙන සුබ මොහොතින් රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී තිබේ. ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගය ද අනුභව කර දකුණු දිශාව බලා හෝ එදිනම පෙරවරු 6.50ට මුතු හා ශ්වේත වර්ණ…