Author: LFN

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබේ. එහිදී එම ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 6 දෙනෙකුට නාවික හමුදා භාරයට ගෙන ඇත. එම බහුධින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බවත් නාවික හමුදාව සඳහන් කළේය.

Read More

2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට මේ බව සඳහන් වෙයි. 2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් ලෙස වාර්තා වී තිබුණි. ඒ අනුව, 2026 වසරේ පෙබරවාරි මාසයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 180.9කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් 2026 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 751.1ක විදෙස් ප්‍රේෂණ ප්‍රමණයක් මෙරටට ලැබී තිබූ අතර පෙබරවාරි මාසයේ දී එහි සුළු අඩු…

Read More

බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන බව සමගි ජන බලවේගය පවසයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ සිය පක්ෂය ඒකමතිකව ගත් තීරණයකට අනුව විශ්වාසභංග යෝජනාව ගෙනඑන බවය. “දැනටමත් අල්ලස් කොමිසම විසින් ඇමතිට විරුද්ධව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබීම, ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසිලෙස කළමනාකරණය කිරීමට අපොහොසත්වීම යන කරුණු 2ක මත ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනඒමට පියවර ගන්නවා.” “සමගි ජන බලවේගය සමග විපක්ෂයේ කටයුතු කරන අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම් සමගත් සාකච්ඡා කරලා වඩා පුළුල් සහයෝගයක් ලබාගන්න අපි කටයුතු කරනවා.” “ඒ වගේම රජය තුළින් තනි මතයට ස්වාධීනව ඡන්දය භාවිත කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ගෙන් මං…

Read More

ඉරාන නැවියන් නැවත එම රටට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ අන්තර්ජාතික නීතියට අනුකූලව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි. නවදිල්ලියේ පැවැති රයිසිනා සංවාද සංසදයේදී මේ සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී ඔහු සඳහන් කළේ මෙම කාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික නීති රාමු අනුගමනය කරන බවය. මේ අතර රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ ඉරාන යුද නෞකාවක් වන IRIS Dena නෞකාව මුහුදුබත්වීමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයන් සිය රටට නොයවන ලෙස එක්සත් ජනපදය කේබල් පණිවුඩයක් මගින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බවය. ඉකුත් බදාදා (04) ගාල්ලේ…

Read More

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඉරානයේ ඉරානයේ උත්තරීතර නායකයා, අනෙකුත් රජයේ නිලධාරීන් සහ රට පුරා සිවිල් වැසියන්ගේ මරණය සම්බන්ධයෙන් පුටින් සිය ශෝකය පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. ගැටුම් වහාම අවසන් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයාගැනීම රුසියාවේ ස්ථාවරය බව පුටින් යළිත් අවධාරණය කළ බව එහි සඳහන් වේ. රුසියාවේ මෙම සහයෝගයට ඉරාන ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කර ඇති අතර ඉරානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (6) අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ අපරාධයෙන් පසු එක් වෙඩික්කරුවෙකු මොනරාගල ප්‍රදේශය දක්වා බස් රථයකින් ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් අවුරුදු 39 හා 53 වයස්වල පසුවන ඉබ්බාගමුව හා මාකොළ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. එක් සැකකරුවෙකු විසින් දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද මුදලින් මිලට ගත් බස් රථයකින් වෙඩික්කරු ප්‍රවාහනය කර ඇති බවට අනාවරණ වී ඇති අතර, අදාළ බස් රථයද විමර්ශන නිලධාරීන් විසින්…

Read More

දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (7) අලුයම නිකුත්කළ නවතම කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. මේ අතර ඉදිරි පැය 24 තුළ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර, සුළං වේගය පැ.කි.මී. 20-30ත් අතර විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

Read More

අද (07) අලුයම ජා ඇළ ප්‍රදේශයේදී බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට එල්ලකළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තාවී තිබේ. ඒ අනුව එම වෙඩිතැබීමේදී වෙඩික්කරුවන් විසින් අසල පිහිටි තවත් නිවාස දෙකකට වෙඩිතබා පලාගොස් තිබේ. අද අලුයම 1:25ට පමණ ජා ඇල පොලිස් වසමේ අංක 05, ශාන්ත ආනා පාර, වැලිගම්පිටිය ලිපිනයේ පිහිටි නිවස ඉලක්ක කරමින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. මනෝජ් සුරංග ලියනගේ හෙවත් ‘බටුවත්තේ චාමර’ යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය පදිංචිව සිටි නිවසට මෙම වෙඩිතැබීම සිදුකර ඇත. යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව අදාළ නිවසට සහ තවත් නිවාස දෙකකට වෙඩික්කරුවන විසින් වෙඩි…

Read More

පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතුරු කලාපයට මිසයිල ප්‍රහාර එල්ල කරන අවස්ථා ගණන වැඩිවෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවය. හයිෆා, නහරියා, අර්කෝ, ගැලීලි, අෆුලා, කර්මෙල් කඳුවැටිය, නාසරෙත්,තිබෙරියා ඇතුළු උතුරු කලාපයේ ජීවත් වෙන පිරිස ලෙබනනය දෙසින් එල්ලවිය හැකි ප්‍රහාර මෙන්ම රට අභ්‍යන්තරයේ යම් කණ්ඩායම් විසින් සිදු කළ හැකි ප්‍රකෝපාකාරි සිද්ධීන් පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි. කෙසේවෙතත් මේ වනවිට ඉරානයෙන් එල්ල වන ප්‍රහාරවල…

Read More

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදසේ වාර්තා පවසයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (6) තිබූ අගයට වඩා 9%කින් ඉහළගොස් ඇති අතර, මේ වනවිට එහි අගය අමෙරිකානු ඩොලර් 93 ඉක්මවා ගොස් තිබේ. මෙලෙස තෙල් මිල ඉහළගොස් ඇත්තේ වසර 2කට පසුවය. අවසන්වරට 2023 වසරේදී සැප්තැම්බර් – නොවැම්බර් කාලසීමාවේ බොරතෙල් මිල ඉහළගොස් තිබී ඇත.

Read More