Author: LFN

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වී තිබේ. ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, අද පෙරවරුවේ සෑම දෙව්මැදුරකම ප්‍රහාරයේ වින්දිතයින් සැමරීම වෙනුවෙන් මෙම සැමරීම් සිදුකිරීමට නියමිත බවය. ඒ අනුව මළවුන්ගේ සීනුව නාදකිරීම, විනාඩි 2ක නිශ්ශබ්දතාවය, ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම, යාඤා මෙහෙය සිදුකිරීම සෑම දෙව්මැදුරකම අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙය පැවැත්වීමට නියමිතය. ඒ අනුව එම දේවස්ථානය අවට විශේෂ රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දපොර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දපොර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

රාගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ දී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව රාගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනකු මේ මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස වත්තල මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද පස්වරුවේ නියම කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ එම වෙළෙඳසලේ තවත් සේවකයන් දෙදෙනෙකි. තවද මේ සිද්ධිය සම්බන්ධව දැනට රිමාන්ඩ් බාරයේ සිටින ප්‍රධාන සැකකාරිය ඇතුළු පස් දෙනා ස තවදුරටත් එදින දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 03කින් ජයගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 205කි. එහිදී හංසිමා කරුණාරත්න ලකුණු 54ක් සහ ඉමේෂා දුලානි ලකුණු 52ක් ලබාගත්හ. පන්දුයැවීමේදී රිටු මොනි කඩුලු තුනක් බිඳහෙළුවාය. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පන්දුවාර 48.3ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ. එහිදී ශර්මින් අක්හ්ටෙර් ලකුණු 86ක් රැස්කළාය. පන්දු යැවීමේදී දෙව්මි විහංගා කඩුලු තුනක් දවාගත්තාය. මෙම තරගය පැවැත්වුණේ, බංග්ලාදේශයේ රාජ්ශාහිදීය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත්කරනු ලැබ තිබේ. ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය. බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි විය.

Read More

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එරට ගිනිකොන වෙරළ තීරයේ මැග්නිටියුඩ් ඒකක 7.4ක භූචලනයක් ඇතිවීමත් සමග මෙම අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එහි සඳහන්ය. ඉවාට් ප්‍රාන්තයේ සහ හොක්කයිඩෝහි ඇතැම් ප්‍රදේශවලට මීටර් 3ක උසැති උදම් රළ අපේක්ෂා කරන බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් අතර, ජපානයේ ගිනිකොන වෙරළ තීරයේ මැග්නිටියුඩ් ඒකක7.4ක භූචලනයත් සමග පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම පළමු රළ පහර ජපානයේ ඉවාටේ ප්‍රාන්තයට ළඟා වෙමින් පවතින බවත් එහි එක් රළක් සෙන්ටිමීටර් 40ක අගයක් ගෙන ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.…

Read More

දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. අත්අඩංගුවට ගත් සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් 2015 වසරේ මෙම සැකකරු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නියමිත නීතිමය පටිපාටියෙන් බැහැරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුළු සේවකයින් එකසිය තිස් හතර දෙනෙකු කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇතැයි පැවසීය. ගාල්ල දිස්ත්‍රික්කයේ සිය දේශපාලන…

Read More

බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දේශපාලනයේ වෙනසක් සිදුවන බවත් එයට තම පක්ෂය සුදානම් බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, මෙවර මැයි දිනය පොහොය දිනට යෙදී ඇති බැවින් තම පක්ෂය මැයි දිනය සැමරීමක් සිදුනොකර ආගමික කටයුතුවල නිරත වන බව ද කියා සිටියේය. සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ කටයුතු අද (20) ආරම්භ කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සහ වත්මන් මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් එක්ව සිටියහ. මෙහිදී අදහස්…

Read More

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (20) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර් 4,829 දක්වා ඉහළ ‍ගොස් ඇත. ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද (20) උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 2,000ක් බව සඳහන්ය. ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 370,000ක් ලෙස දැක්වුණි. මේ අතර ඊයේ දිනයේ දී රු. 400,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 402,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

අලුත්ගම ලංගම ඩිපෝවේ බස් රථයේ රියදුරාට සහ කොන්දොස්තරවරයාට හැටන් බස් නැවතුම්පොළේදි පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කිහිප දෙනෙකු විසින් බැන තර්ජනය කර පහර දීමට තැත් කර, බස් රථය ධාවනය කිරිමට අවහිර කිරිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් (20) දින ඉදිරිපත් කරන බව හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර පාලිත විරසූරිය මහතා පැවසීය. සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වතුකරයේ ජනතාව ආපසු රැකියා ස්ථානවලට යෑමට ප්‍රමාණවත් බස් රථ හැටන් ලංගම ඩිපෝව සතු නොවන නිසා කොළඹ බස් නැවතුම්පොලේ සිට වෙනත් ලංගම ඩිපෝවල බස් රථ කිහිපයක් හැටන් බස් නැවතුම්පොළ වෙත පසුගිය දින කිහිපය තුලම එවා තිබු බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ. එසේ පැමිණි අලුත්ගම ඩිපෝවේ බස්…

Read More