Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට
    Local News

    දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

    By LFNApril 28, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක වන කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන ප්‍රදේශ වල ක්‍රියාත්මක අන්තර් නිවාස ව්‍යාපෘති මැයි මස මුල් සතියේ ආරම්භ කිරීමටත්, කෙටි කාලයක් තුළ නිම කිරීමටත් සැලසුම් කර ඇත.

    මෙම ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා යුද හමුදා මූලස්ථානයේදී පවත්වා තිබුණි.

    මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ අවතැන් වූ පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත සහ ජීවත්වීමට සුදුසු නිවාසවල තාවකාලීව පදිංචි කිරීමය.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු තාක්ෂණය සහ ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ඇති.

    මෙම මුල පිරීම රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.

    ව්‍යාපෘතිය නියමිත වේලාවට අවසන් කිරීම සහතික කිරීම සඳහා පැහැදිලි කාලසටහනක් සහිත සවිස්තරාත්මක ක්‍රියාකාරී සැලසුමක් ඉදිරිපත් කරන ලෙසට ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විසින් යුද හමුදාවට උපදෙස් ලබා දී තිබේ.

    ඉදිකිරීම් සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීමේ ක්‍රියාවලිය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහාය ඇතිව, ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව මේ වන විට සිදු වෙමින් පවතින බව සඳහන් වේ.

    ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණය ඉහළ නැංවීමටත්, විනිවිද භාවය, වගවීම සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ වැදගත්කම පිළිබඳවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

    මෙම අවස්ථාවට යුද හමුදාපති, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ආපදා කළමනා කරණ අංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA), ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRI) සහ අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයෝ සහභාගී වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.