Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු සුවිශේෂී ජයග්‍රහණයක අවසන් සාක්ෂිකරුවා වූ සී.ඩී. ගෝපිනාත් මහතා චෙන්නායිහිදී අද (9) අභාවප්‍රාප්ත විය. 1952 වසරේ දී එංගලන්තය පරාජය කරමින් ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ජය ලැබූ කණ්ඩායමේ, අවසන් 11දෙනාගෙන් ජීවත්ව සිටි එකම ක්‍රීඩකයා ඔහු විය. මිය යනවිට 96වන වියේ පසුවූ ගෝපිනාත් මහතා, ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාය. එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියාවේ නීල් හාවිගෙන් පසු ලොව ජීවත්ව සිටි දෙවන වයස්ගතම ක්‍රීඩකයාද වී සිටියේය. 1930 මාර්තු 1 වනදා උපත ලැබූ ගෝපිනාත්, ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට ක්‍රීඩාකර ඇත.
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට එළැඹෙන 19 වනදා දක්වා මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ. ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් 20වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර දෙවන වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා රෝහල්වල ආරම්භකළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පෙරවරු 08ට දිවයිනපුරා රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කළේ, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීමේ ලබාදීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් සමඟ ඇතිකරගත් එකඟතා කඩකළ බව පවසමින්ය. වැඩවර්ජනයෙන් රෝහල්වල කටයුතු අඩපන වූ අතර රෝගීන් දැඩි පීඩාවට පත්වුණි. කෙසේවෙතත් වර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ප්‍රකාශයට පත්කරන ලද පත්වීම් ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුවට විසඳුමක් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය. නමුත් වෛද්‍ය සංගමය සමග අදාල පත්වීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිටත් ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා සිටින සියලු…
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හැරෙන්න දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අද දහවල් 12:11ට නාගවිල්ලුව, ගල්ගමුව, සීගිරිය, පලුගස්දමන සහ මාන්කර්නි…
පාසල්වල සිදුකරනු ලබන විවිධ උත්සව සහ විවිධ සැමරුම් සඳහා මීට ඉහතදී ලබාදී ඇති උපදෙස් සැලකිල්ලට නොගෙන අධික ලෙස මුදල් වැය කරමින් කරනු ලබන සිද්ධීන් වාර්තා වන බැවින් එම කටයුතු සංවිධානයේදී දෙමපියන් වෙත අමතර වියදමක් නොයෙදෙන සේ ඉතාමත් චාම් අයුරින් හා අවම වියදමකින් එම වැඩසටහන් සංවිධානය කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒම නිවේදනය පහතින් දැක්වේ.
අම්පාර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුව කල්මුණේ ප්‍රදේශයේදි අයිස් ග්‍රෑම් 107ක් සමග ස්වාධීන කණ්ඩායමක හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙල්ලම් භාණ්ඩ සමඟ කුරියර් සේවාවක් හරහා ප්‍රවාහනය කර ඇති අතර, කුඩා සෙල්ලම් වලස් පැටියෙකුගේ ගෙලෙහි ඉතා සුක්ෂම ලෙස සඟවා මෙම අයිස් මත්ද්‍රව්‍ය ගෙනවිත් ඇති බව පොලිසිය සඳහන් කළා. අදාල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නිවස තුල සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සෙල්ලම් භාණ්ඩවලට අමතරව ඉලෙක්ට්‍රොනික තරාදියක්, ජංගම දුරකථන 2ක් සහ මුදල් සොයාගෙන ඇති අතර, අදාල සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය ඉදිරි අධිකරණ කටයුතු සදහා කල්මුණේ මුලස්ථාන පොලිසියට භාරදී ඇති තිබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අද දින (9) නිල වශයෙන් ආරම්භ විය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යපෘති කළමනාකරණ ඒකකයේ සැලසුම්කරණයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා යෝජකත්වයෙන් දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙම ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත ක්‍රමවේදයන්ට අනුගතව ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය කියයි. මේ යටතේ මගී ජනතාවට අවශ්‍ය විවිධ සේවාවන් සපයන නව තෙමහල් ගොඩනැගිල්ලත් ඉදි කිරීමට යෝජිතය. එම සේවා ගොඩනැගිල්ලේ නවාතැන් පහසුකම්, විවේකාගාර, ප්‍රමිතිගත භෝජනාගාර, සනීපාරක්ෂක පද්ධති, තොරතුරු මධ්‍යස්ථානයක්, ඖෂධහලක්, තැපැල් සේවා මධ්‍යස්ථානයක් ඇතුළු ජනතානවට දෛනිකව අවශ්‍ය සේවාවන් සිදුකරගත හැකි අංගවලින් යුක්ත වේ. දුම්රිය ස්ථානයේ අභ්‍යන්තරයේ ස්ථාපිතව පවතින ඉපැරණි මගී…
මහව අමුණකොලේ, බලල්ල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයක තිබූ පුරාවිද්‍යා වටිනාකමක් ඇති කලු ගලක් සොරකම් කිරීමට තැත් කළ පුද්ගලයන් සිව්දෙනකු ඔවුන් පැමිණි වෑන් රථය සමග අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලීසිය කියයි. 202 – පන්වැව පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ තිබූ අනුරාධපුර යුගයට අයත් බව සැලකෙන සිරි පතුල නෙළා ඇති කළු ගල සොරා ගැනීමට තැත්කර ඇතැයි පොලීසිය කියයි. සිරි පතුල කොටා ඇති ගලෙහි වටිනා පුරාවස්තු ඇතැයි යන විශ්වාසය මත එය සොරකම් කිරීමට උත්සහ කරන්න ඇතැයි විමර්ශන නිලධාරීහූ සදහන් කරති. අත්අඩංගුවට ගත් සැකකරුවන් නිකවැරටිය සහ රස්නායකපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලීසිය සදහන් කරයි.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සමඟ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බොල්ලත උතුර ප්‍රදේශයේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අඩංගුවට ගනු ලැබීය. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 යි ග්‍රෑම් 300 ක් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 946 ක් පොලිස් භාරයට ගෙන ඇත. මත්ද්‍රව්‍ය තොගයට අමතරව ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ යතුරුපැදියක්, මත්ද්‍රව්‍ය කිරුම් කටයුතු සඳහා භාවිත කළ උපකරණ සහ මුදල් ගණනය කිරීම සඳහා භාවිත කරන විද්‍යුත් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 40ක්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳ කරුණු හෙළිකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, “මේ විදියට නම් හැසිරෙන්නේ තවදුරටත් අද ලබාදුන්න සාකච්ඡාව මම කරන්නේ නෑ…මේ වැඩවර්ජනය අසාධාරණයි. එයට අපි රජය විදියට මුහුණදෙන්න සුදානම්” යනුවෙනි.