Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණ තිබේ. පසුගිය මාර්තු 15 වන දින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූර්ව බලා පිත්ව ගොස් තිබුණි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මෙරටදී ශල්‍යකර්මයකට ලක්කර තිබුණි.
ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම හෙට (10) සිට ලබන 16 වැනිදා දක්වා දින 06ක් වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්ලයාලය පවසනවා. නව අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙලෙස දින 06ක් සිංහරාජය වනාන්තරය වසා තැබෙන බවත් 16 වැනිදා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සදහා වනාන්තරයේ ප්‍රධාන පිවිසුම යළි විවෘත කෙරෙන බව සිංහරාජය වන පාලක එස් . ඩි නිමල් මහතා පැවසිය. ඒ නිසා සිංහරාජය වනාන්තරය නැරඹීමට කුඩව පිවිසුමෙන් එම දිනවලදී පැමිණෙන සංචාරකයන් සදහා නොහැකි බවත් වන පාලක එස් . ඩී නිමල් මහතා පැවසීය.
උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට යාපනය, කන්කසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය අද සිටත්, යාල්දේවී දුම්රිය හෙට දින සිටත් දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පසුගියදා දිවයිනට බලපෑ “දිට්වා“ සුළි කුණාටුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14 හානී වී තිබු අතර එම ස්ථාන තාවකාලිකව පිළිසකර කිරීම්වලින් පසු පසුගිය වසරේ දෙසැම්බර් 24 වන දින සිට වේග සීමා යටතේ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කටයුතු සිදුවුව ද ජනවාරි 19 දින සිට යළි දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටවනු ලැබීය. කෙසේවෙතත් හානියට පත් උතුරු…
තුටුපඬුරු ලබා නොගැනීම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බොහෝ පොලිස් ස්ථානවල අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු සිදුකිරීම සඳහා නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීමට සූදානම් වන බවට සහ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගනිමින් අලුත් අවුරුදු සාද පැවැත්වීමට සූදානම් වන බවට ලැබී තිබු තොරතුරු හේතුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව වාර්තා වේ. විශේෂයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට සුබ පැතීමේ අංගයක් වශයෙන් පිරිනමනු ලබන හැම්පර්ස්, තෑගි වවුචර් පත් පිරිනැමීම ද සිදුනොකළ යුතු අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි දෑ භාරගැනීම ද සිදුනොකළ යුතු බව…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කරමින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඔවුන් අද සිට ලබන 11 දක්වා තමන් අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ක්‍රියාකලාපයත්…
ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන සටන් විරාම උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාරයක් ලෙස උතුරු ඊශ්‍රායලයේ මනාරා ජනාවාස වෙත අද (09) අලුයම රොකට් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි. ටෙලිග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ, “අපේ රටට සහ අපේ ජනතාවට එරෙහිව එල්ල වන ඊශ්‍රායල- අමෙරිකානු ආක්‍රමණ නතර වන තුරු මෙම ප්‍රතිචාර දැක්වීම් දිගටම ක්‍රියාත්මක වනු ඇත” යනුවෙනි. මේ අතර, ලෙබනනයේ සිට එල්ල කරන ලද එක් රොකට් ප්‍රහාරයක් ගුවනේදීම විනාශ කර දැමීමට සමත් වූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම සේවාව ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාලවල ක්‍රියාත්මක වන බවය. එමෙන්ම, දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් පවතින බවත් වාර්තා වේ. කෙසේ වෙතත්, ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවාවන් සහ පෙරටු කාර්යාල සේවාවන් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති අතර, පද්ධතිය සම්පූර්ණයෙන් යථාවත් වූ පසු සියලු සේවාවන් සාමාන්‍ය පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව, XtraMile ඩීසල් ලීටරයක මිල රු 551 සිට රු 590 දක්වා ද , ලංකා සූපර් ඩීසල් ලීටරයක් රු 572 සිට රු 600 දක්වා ද, Xtra Green ඩීසල් ලීටරයක් රු 588ක සිට රු 620 දක්වා ද ඉහළ දමා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ ලබන බ්‍රහස්පතින්දා අමාත්‍යවරයා සමඟ සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පදනම් කරගනිමින් සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය. ඒ අනුව අද (06) විදෙස්ගත වන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ද සඳහන්. දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.
දකුණු ලෙබනනයේ ක්ෆර්හටා ගම්මානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම බේරූට් නුවර ජ්නා ප්‍රදේශයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්. ලෙබනනයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වන ක්‍රිස්තියානි බැතිමතුන් පාස්කු ඉරිදා සමරද්දී, පසුගිය මාසයේ ආරම්භ වූ සටන්වලින් පසු එරට අත්විඳි දරුණුතම සහ ප්‍රචණ්ඩකාරී දිනයක් ලෙස මෙය සටහන් වී ඇත. විදෙස් මාධ්‍යවලට අනුව මාර්තු අග වන විට හිස්බුල්ලා සටන්කාමීන් 400කට වැඩි පිරිසක් මියගොස් ඇත. එම කාලය තුළම ඊශ්‍රායල සෙබළුන් අවම වශයෙන් 10දෙනෙකුවත් දකුණු ලෙබනනයේදී මියගිය…