Author: LFN

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඔ සහ ඌව පළාත් සහ ගාල්ල ,මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල අද (02) සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද  (02) ප.ව. 2ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Read More

ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ලිපි ලේඛන සකස්කර රථවාහන ජාවාරමේ යෙදුන සැකකරුවෙකු සම්බන්ධයෙන් එම කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. මීගහවත්ත හා කඳාන පොලිස් වසම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ඔවුන් සතුව තිබී මෝටර් රථ 03ක්, ජීප් රථ 02ක්, ලොරි රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් වයස අවුරුදු 21, 39 හා 44 වියේ පසුවන කඳාන හා මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය. පාසල තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කරන ලද 2016 අප්‍රේල් 29 දිනැති චක්‍රලේඛයෙහි සඳහන් උපදෙස්වලට අමතරව මෙම චක්‍ර ලේඛයේ විධිවිධාන ද මින් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බව එහි සඳහන් වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක ඡේදයක් ද උපුටා දක්වමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ. ඒ අනුව කිසිදු දරුවෙකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත්…

Read More

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වරම් හිමිකරගැනීමට අද (1) අවස්ථාව උදාවිය. පැතුම්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන සිටියේය. ඒ අනුව එම කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩාකරන පළමු තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලක්නව්හිදී මේ වනවිට පැවැත්වේ. මෙම කණ්ඩායමේද පැතුම්ට ආරම්භක පිතිකරුවාගේ ස්ථානය හිමිකර දී ඇත.

Read More

හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ වාහන සඳහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ අද (31) සහ හෙට (01) දෙදිනම ඔත්තේ දිනයන් වීම හේතුවෙන් මෙලෙස හෙට දිනයේ ඉරට්ටේ අංක යෙදෙන රථ වාහනවලට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි.

Read More

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවය. මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

Read More

මීට දින දෙකකට පෙර නිවසින් අතුරුදහන්ව සිටි දෙදරු පියෙකුගේ මළසිරුර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේ බෝක්කුවත් තුල තිබී අද (31) අලුයම සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වටවල – වැලිඔය වත්තෙ පදිංචිව සිටි  දෙදරු පියෙක් බවයි පොලිසිය සඳහන් කළේ. සිය සැමියා දින දෙකක් තිස්සේ නිවසට නොපැමිණි බව පවසමින් බිරිද විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර පසුව එම වතුයායේ කම්කරුවන්ගේද සහයයෝගය ඇතිව ප්‍රදේශය පුරා පොලිසියේද සහයෝගය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි. එම මෙහෙයුමේදි බෝක්කුව තුල තිබු සිරුර සොයා ගත් බවත්, අධික ලෙස බීමත්ව පැමිණි එම පුද්ගලයා බස් රථයෙන් බැස ගමන් කරමින් සිටියදී බෝක්කුව මත වැටී මිය යන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි…

Read More

මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පලස්තීනුවන්ට යුද අධිකරණ හමුවේ මරණ දණ්ඩනය දීමේ නීතියක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඊයේ (30) සම්මත කර තිබේ. මෙය අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් අන්ත දක්ෂිණාංශිකයින් වෙත ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස විදෙස් මාධ්‍ය දක්වා ඇත.

Read More

අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, බලශක්ති අර්බුදය හේතුවෙන් රටට ජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සඳහා සියලු අමාත්‍යවරුන් පොදු එකඟතාවකට පැමිණ මෙම තීරණය ගෙන ඇති බවය. මෙම තීරණයට සමගාමීව අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමට පියවර ගෙන තිබේ. ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය සහ විදුලිය සුරකීම සඳහා රාජ්‍ය ආයතන පළාත් පාලන ආයතන මෙන්ම රටේ සමස්ත පුරවැසියන් ද වගකීමෙන් යුතුව දායක විය යුතු බව අමාත්‍ය මහාචාර්ය…

Read More

දිවයිනේ පවතින උණුසුම් කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More