Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»හෝමූස් අරින්න ඉරානය බෑ කියයි
    International

    හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

    By LFNApril 23, 2026No Comments1 Min Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සටන් විරාමය උල්ලංඝනය කිරීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය පවසා තිබේ.

    අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට ගැනීමක් ලෙස ද ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සඳහන් කර ඇත.

    කෙසේවෙතත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කර ඇත්තේ,  ඉරානය සාම සාකච්ඡා සඳහා විවෘතව පැවතින බවත්, ඒ සඳහා කැපවීම් කඩකිරීම, අවහිර කිරීම් සහ තර්ජනය කිරීම් සැබෑ සාකච්ඡාවක් සඳහා ප්‍රධාන බාධක වනු ඇති බවය.

    මෙවන් පසුබිමක ඉරානය සමඟ නව වටයක සාම සාකච්ඡා ඉදිරි පැය 36 සිට 72 දක්වා කාලය ඇතුළත ආරම්භ වීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

    රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් සඳහා අවස්ථාව ලබා දෙමින් ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමෙන් පසු මෙම නිවේදනය නිකුත්කර තිබීම සුවිශේෂීය.

    ‘නිව් යෝර්ක් පෝස්ට්’ පුවත්පත වාර්තා කරන පරිදි, පාකිස්තානය මැදිහත් වී සිදුකරන සාම සාකච්ඡා සාර්ථක මාවතකට අවතීර්ණ වී ඇති අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ “එය සිදුවීමට ඉඩ ඇති” බවය.

    ඊයේ (22) දින අවසන් වීමට තිබූ සටන් විරාමය පාකිස්තානයේ ඉල්ලීම පරිදි දීර්ඝ කිරීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.