Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ අඹේපුස්ස -අලව්ව අතර බුජ්ජොමුව පාලම ස්ථිරව සවිකිරීම සඳහා දුම්රිය ධාවනය අප්‍රේල් 1 සිට 5 දක්වා එක් මාර්ගයකට පමණක් සීමා කරන බව දුම්රිය අධිකාරි (ගමනාගමන) ජී.ඩී.ඒ.සමරසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
එළැඹෙන උත්සව සමය අරමුණු කරගනිමින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඒ අනුව පසුගිය මාර්තු 20 වැනි දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මක කර ඇති බවය. මෙහිදී එළැඹෙන උත්සව සමය සහ මතුව ඇති වර්තමාන තත්ත්වය මත වෙළෙඳපොළ තුළ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරමින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් දැනුවත් කර එම නිලධාරින් මේ වන විට අදාළ රාජකාරි සඳහා යොදවා ඇතැයිද ඒ මහතා සඳහන් කළේය. මෙම වැඩපිළිවෙල යටතේ මේ දිනවල තොග ගබඩා,…
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තැපැල් සේවකයෙකු ඇතුළු තිදෙනකු අද (27) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ගෑම් 05 ක් ප්‍රවාහනයට යොදා ගත් තීරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශ( 01) ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව කළුතර දකුණ පොලිස් වසමේ දුම්රිය පොල පාර ඉදිරිපිට දී සිදුකළ වැටලීමකදී සැකකරුවන් තිදෙනා ප්‍රවාහනය කරමින් තිබූ මෙම අයිස් මත්ද්‍රවය තොගය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් තැපැල් සේවකයා කළුතර කලමුල්ල පිට්ටනිය පාර පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුවන අතර සෙසු සැකකරුවන් කළුතර නාගොඩ…
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අතිරේක කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ නිරිත දිග මෝසම මැයි මාසයේ අග ක්‍රියාත්මක වීමට නියමිත බැවින් එම කාලය තුළ පවතින උණුසුම් කාලගුණය තරමක් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවය. පවතින තත්ත්වය තුළ අප්‍රේල් සහ මැයි මාසය දක්වා උණුසුම් කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන බවත් පැවසූ ඒ මහතා පැවසුවේ ඒ අනුව අප්‍රේල් මාසයේත් දැඩි උණුසුම් තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපානු ඇති බවය. මේ වන විට ආරම්භ වී ඇත්තේ පළමු අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය බව පෙන්වා දුන් ඒ මහතා මේ වන…
ධීවර යාත්‍රා සඳහා මෙන්ම, මුහුදු ආහාර සැකසීම සහ ජලජීවී වගාව ඇතුළු කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේදී ඇතිවන ගැටලු ඉදිරිපත් කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක වන සහය දුරකථන සේවාවක් ආරම්භ කර දී ඇත. ඒ අනුව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ කර්මාන්තයට අදාළ ඉන්ධන ගැටලු කඩිනමින් යොමු කිරීමට පහත අංකය අමතන ලෙසයි. අඳාළ අංකය – 0114323389
අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති යුද්ධය මධ්‍යයේ රුසියාවේ තෙල් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. එම වාර්තා පෙන්වා දුන්නේ, රුසියාව අවම වශයෙන් දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 760කට (ආසන්න වශයෙන් ශ්‍රී.රු. කෝටි 23,800ක්) අධික ආදායමක් උපයන බවය. ඒ අනුව රුසියාව මාර්තු මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 3.3 සිට 4.9 දක්වා අගයකින් අතිරික්ත ලාබයක් උපයනු ඇතැයි සඳහන්. ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ ආදායම් මෙලෙස ඉහළගොස් ඇත. මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු…
රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මහජනතාවට රජයේ සේවා බාධාවකින් තොරව ලබා දීම සහ රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු මඟහරවා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එසේම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, අධිකරණ යන අමාත්‍යාංශවල සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරණු අතර, ඒ අනුව නියමිත පරිදි විභාග පැවැත්වීම සහ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ බාධවකින් තොරව සැපයීම සහතික කිරීමට තීරණය කෙරිණි. මගී ප්‍රවාහන සේවා සහ දුම්රිය ප්‍රවාහන පද්ධතියේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග…
ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. සිය ‘truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානය සමග සාකච්ජා අඛණ්ඩව පවත්වන බැවින් මෙම තීරණය ගෙන ඇති බවය. පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ලකරන බවට ජනපති ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට තර්ජනය කර තිබුණි. එවන් පසුබිමක එම කාලසීමාව ඔහු දෙවරක් මෙලෙස දීර්ඝ කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුව අභියාචනාධිකරණය විසින් අවලංගු කර තිබෙනවා. 2006 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එම ඝාතනයට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේ ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගැණුනා. නඩු විභාගයෙන් අනතුරුව සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට නොහැකි වී ඇති බවට 2016 වසරේදී කොළඹ මහාධිකරණය විසින් තීන්දු කර සියලුම සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදී. පසුව එම තීන්දුව අභියෝගයට ලක්කරමින් මන්ත්‍රිවරයාගේ බිරිඳ වන ශෂීකලා රවිරාජ් විසින් අභියාචනාධිකරණය ඉදිරියේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරනු ලැබුවා. එම අභියාචනයට අදාළ තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිණි.
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, වව්නියාව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.