Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා මේ බව දැනුම් දී තිබේ. කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධිව දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවත් එය දැඩි ලෙස හෙළා දකින් බවත් එම සංගමය පවසයි. මෙම ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පෑම සඳහා මෙලෙස හෙට දිනයේ දී උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව වෛද්‍යවරයා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පවසන්නේ මෙම ස්ථාන මාරුකිරීම් සඳහා ලයිස්තුවක් සාදා ඇති…
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල 10%කින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ. එසේ වුවද පාරිභෝගිකයින් පාවිච්චි කරන විදුලි ඒකක අනුව මෙවර විදුලි ගාස්තුව ඉහළ යන ප්‍රතිශතය වෙනස් වී ඇත. මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණු නමුත් ඉදිරිපත් වූ මහජනතාවගේ අදහස් හා යෝජනා අනුව මහජන උපයෝගීතා කොමිසම මෙලෙස විදුලි ගාස්තු ඉහළ සංශෝධනය කර තිබේ. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. මේ යටතේ ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 04.3%කින් ඉහළ යන අතර…
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මේ වනවිට එවැනි ජල කප්පාදුවක් මණ්ඩලය මඟින් සිදුනොකළ ද පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරියේ දී දිනය පුරා ජල සැපයුම ලබාදීම අසීරු වන බවය. මේ වනවිට අඹතලේ ඇතුළු ජල පවිත්‍රාගාරවල නිෂ්පාදන ධාරිතාවයට බලපෑම් එල්ල නොවූණ ද උස්බිම් සඳහා ජලය ලබාදීම අඩුපීඩන තත්ත්වයකට පැමිණ ඇති බවද ඒ මහතා පැවසීය. වැසි තත්ත්වය ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත්, පවතින…
මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) දැනුම්දීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙම ගාස්තු සංශෝධනය පිළිබඳව දැනුම්දීමට නියමිතව ඇත. ඒ අනුව අද පස්වරු 2.00ට පමණ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව එම කොමිෂන් සභාව විසින් නිල වශයෙන් දැනුවත් කිරීමටද නියමිතය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් ‘මිදිගම චූටි’ ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන විත් තිබෙනවා. ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම චෝදනාවට ලක් වී සිටින්නෙක්. ‘මිදිගම චූටි’ අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ අතර, ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක්, ඕමානයේ මස්කට් නුවර වෙත ගොස් අද (30) අලුයම 04.27ට…
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද වාර්තා වේ. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර…
2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව පසුකර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2026 ජනවාරි 01 සිට මාර්තු 25 දක්වා කාලය තුළ සංචාරකයින් 708,348 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එම සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 139,164කි. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 74,295ක් සහ රුසියාවෙන් 63,505ක් පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය. මේ අතර, මාර්තු මාසයේ පළමු දින 25 තුළ පමණක් සංචාරකයින් 151,693 දෙනෙකු මෙරටට පැමිණ ඇත. මාර්තු මාසයේ පැමිණි පිරිසෙන් 39,424ක් හෙවත් 26%ක්ම ඉන්දියානු…
දකුණු ලෙබනන් කලාපය තුළ පිහිටි “ආරක්ෂිත කලාපය” තවදුරටත් පුළුල් කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට උපදෙස් දී තිබේ. ඊශ්‍රායලය දැනටමත් එම සම්පූර්ණ කලාපයටම ඉවත් වීමේ නියෝග නිකුත් කර ඇති අතර, ගොඩබිම් ආක්‍රමණයක් දියත් කරමින් නිවාස සහ යටිතල පහසුකම් විනාශ කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි. “දැනට පවතින ආරක්ෂිත කලාපය තවදුරටත් පුළුල් කරන ලෙස මම දැන් උපදෙස් දුන්නා. ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ පවතින තත්ත්වය මූලික වශයෙන් වෙනස් කිරීමට අප අධිෂ්ඨාන කරගෙන සිටිනවා,” යැයි සෆෙඩ් හි පිහිටි හමුදා උතුරු විධාන මූලස්ථානයේ සිට වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය නෙතන්යාහු පවසයි.
ඕමානයේ දී අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් ‘මිදිගම චූටි’ හෙට (30) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිතය. අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වන ඔහු රතු වරෙන්තු ලබා සිටියදී ඕමාන ආරක්ෂක අංශ භාරයට පත්විය. ඒ අනුව ඔහුව රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් තිදෙනෙකු මේ වනවිට ඕමානට බලා පිටත්ව ගොස් සිටින බව සඳහන්ය.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති අතර, ඒ හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම අනුරාධපුර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්ය. අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව, ගාල්ල…