Author: LFN

මෙරට මව්වරුන්ට අඩු බර දරු උපත් සිදුවීමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය පවසයි. පසුගිය වසරේ එම කාර්යාංශය සිදුකළ සමීක්ෂණවලට අනුව අඩු බර දරු උපත් සිදුවීම සියයට පහළොවයි දශම එකක් (15.1 % ) ලෙස වැඩිවී ඇත. නමුත් 2024 වර්ෂයේ දෙසැම්බර් මාසය වනවිට අඩු බර දරු උපත් සිදුවීමේ සංඛ්‍යව ප්‍රතිශතයක් ලෙස සියයට දාහතරයි දශම හයක් ලෙස සටහන්ව තිබිණි. මෙම සමීක්ෂණයට අනුව අඩු බර දරු උපත් සිදුවීම වැඩිම ප්‍රතිශතයක් සටහන් වී තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සියයට විසිතුනකි (23%). දරුවකුගේ උපත් බර කිලෝග්‍රෑම් තුනක් හෝ කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් පන්සියයක් ලෙස සටහන් වී තිබිය යුතුය. එසේ වුවද ඉපදී…

Read More

මේ වන විට පවතින වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් මාස හයකින් පමණ පසු පොල් අස්වැන්නේ යම් අඩුවීමක් සිදුවිය හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පැවසීය. එබැවින් මෙම වියළි කාලගුණයට පොල් වගාව ඔරොත්තු දීම සඳහා ජල සම්පාදනය මෙන්ම ජල සංරක්ෂණය ද සිදුකළයුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. කෙසේවෙතත් මේ වන විට පොල් වගාවේ ජල සංරක්ෂණ කටයුතු සඳහා රජය විසින් පොල් අක්කරයකට රුපියල් තිස්දහසක සහනාධාරයක් ද ලබා දෙයි. මෙම වසරේ (2026) ජනවාරි පෙබරවාරි මස වලදි පොල් අස්වැන්න පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි හතරකින් (24%) ඉහළ ගොස් ඇත. එමෙන්ම මෙම වසරේ (2026) දී පොල් අස්වැන්න ගෙඩි බිලියන හතරයි දශම දෙකක (4.2)…

Read More

පාතාල නායකයෙකුවූ ලොකු පැටීගේ සහෝදරයා වන වන පොඩි පැටී නොහොත් ලත්තුවාහන්දි සුගත් නුවන් කුමාර නමැත්තා ගමන් ගත් ත්‍රිරෝද රථයට ඊයේ (16) අහුන්ගල්ලේදී වෙඩි තබා ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි. මේ වෙඩි තැබීමෙන් ඔහුට වෙඩි වැදී නැති බවත් මේ වෙඩි තැබීම සිදුවන අතරතුර ඔහු ත්‍රිරෝද රථයෙන් පැන දිව ගොස් දිවි බේරාගෙන ඇති බවද පොලීසිය කියයි. අහුන්ගල්ල බෝගහහපිටිය ප්‍රදේශයේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවති සංගීත සංදර්ශන නරඹා යළි අහුන්ගල්ල වැලිකන්ද සිය නිවසට පොඩි පැටී නමැත්තා පැමිණෙමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදු කර ඇති බවත් එම වෙඩි තැබීමෙන් ඔහු ගමන් ගත් තීරෝද රථයේ…

Read More

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව අද (17) දිනයේදී මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි. එහි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් මෙරටට රැගෙන එන බවයි. මේ අතර අමෙරිකාවේ සිට මෙරටට පැමිණීමට නියමිත තවත් ඉන්ධන රැගත් නෞකාවක් ඊයේ (16) දිනයේ ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාව මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබේ. ඊයේ (16) දිනයේදී අදාළ බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගනු ලැබීය. ඒ සමග යාත්‍රාවේ සිටි සැකකරුවන් 4දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ගනු ලැබීය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් නෞකා ඒකකය මගින් සිදුකළ මෙහෙයුමක් මත මෙම යාත්‍රාව සහ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. ගොඩබිමට රැගෙන ඒමෙන් පසු අදාළ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් පසු ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් මත්ද්‍රව්‍ය බවට අනාවරණය වූ බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.…

Read More

අප්‍රේල් 12 වනදා සිට ඊයේ (16) දක්වා වූ දින හතර තුල දියේ ගිලීමෙන් 20 දෙනකු දෙනකු අවාසනාවන්ත ලෙස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. මෙම අනතුරුවලට හේතුව පිහිනීමට නොහැකි සහ හුදකලා ඉතාමත්ම අනාරක්ෂීත ස්ථාන, බීමත්ව දිය නෑමට යෑම බව ඔහු පෙන්වා දෙයි. දිය නෑමට පෙර ඒ සඳහා වෙන් කර ඇති ස්ථාන හඳුන්වලා ඇති තැන් තෝරා ගන්න. ජීවිත ආරක්ෂක කණ්ඩායම් සිටින ස්ථාන තොරා ගන්න. අනතුරු ඇඟවීම් වෙත අවදානය යොමු කරන්නැයි ද සියලු දෙනාගෙන් ඔහු ඉල්ලා සිටියි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ හසසු ප්‍රදේහවල ප්‍රධාන වශහයන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

Read More

දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ ගිලී අනතුරක් සිදුවී තිබේ. දියේ ගිලුණු පිරිස අතරින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර තවත් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇත. පොලීසිය පැවසුවේ පුද්ගලයින් 6 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවය. අනතුර සිදුවී ඇත්තේ නිකවැරටිය, කුරටියාගහමුල ප්‍රදේශයේදී ය.

Read More

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 4දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් නෞකා මගින් සිදු කළ මෙහෙයුමකිනි. එම බහුදින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බවද නාවික හමුදාව පවසයි.

Read More

අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එවැනි වාහන පිළිබඳව මේ වනවිටත් පොලීසියට පැමිණිලි ලැබී ඇති බවය. වායු දූෂණය ලෝක මට්ටමින් බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එය හේතුවෙන් වසරකට මිලියනයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවද අවධාරණය කළේය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් සමඟ එක්ව අධික කළු දුම නිකුත් කරන වාහන හඳුනාගෙන ඒවා පරීක්ෂා කර පොලිස් භාරයට ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය. එමෙන්ම, එවැනි වාහනයක් මාර්ගයේ ධාවනය…

Read More