Author: LFN

එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බව්සර් හිමියන්ගේ සංගමයේ උප සභාපකි විශ්‍රාමික මේජර් සුසන්ත ජයවර්ධන මහතා අද නිවේදනය කළේ ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත්වන බවයි. ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙන ගෙවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉන්දන බෙදා හැරීමෙන් ඉවත්ව සිටින බව තොරතුරු වාර්තා වේ. ඒ් අනුව අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුවන අතර, ඒ් සඳහා සීමිත බව්සර් රථ සංඛ්‍යාවක් යොදවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Read More

වර්තමානයේ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවය. ජලය අපතේ යාම අවම කරමින්, අවශ්‍ය ප්‍රමාණයට පමණක් පරිභෝජනය කිරීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය. එසේ නොවුවහොත්, විශේෂයෙන් උස් ප්‍රදේශවල ජල පීඩනය අඩුවීමේ අවදානමක් ඇතිවිය හැකි බව සඳහන් කළේය. ඒ අනුව, සාමාන්‍ය ජල සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ සහය අත්‍යවශ්‍ය බවද, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම මෙහි ප්‍රධාන විසඳුම බවද මණ්ඩලය අවධාරණය කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජල…

Read More

හෙට (27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ, එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (26) පස්වරු 01.30ට සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන්ය. මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

පසුගිය වසරේ දෙහිවල පොලිස් වසමේ නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. 2025 මැයි 19 වන දින පැපිලියාන පාර, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරමින් පවතින අතර, එහිදී වෙඩි තැබීම සිදු කළ යතුරුපැදියේ පැදිකරු ලෙස සැලකෙන සැකකරුවෙකු හඳුනාගෙන ඇත. එම සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ සේනාරත්නගේ ධනංජය කෞෂල්‍ය පෙරේරා නම් පුද්ගලයෙකි. ඔහුගේ ලිපිනය ලෙස අංක 41/14, ඕබන්…

Read More

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා තංසීරි (Alireza Tangsiri) මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බන්ඩර් අබ්බාස් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාව ඔහු විසින් කරන ලද්දක් බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කර ඇති බව අදාළ වාර්තාවල දැක්වෙයි. එමෙන්ම ඉරානයේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරින් රැසක් ද අදාළ ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත් මේ සම්බන්ධ ඉරානය මේ දක්වා නිල වශයෙන් තහවුරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙස අලිරේසා තංසීරි පත් කෙරුණේ,…

Read More

මැදපෙරදිග කලාපයේ උද්ධමනකාරී ආරක්ෂක සහ දේශපාලන අර්බුද තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල නැවතත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, එක්සත් ජනපදයේ යූරියා පොහොර ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 660 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සමාන්‍යයෙන් 89%ක වැඩිවීමක් ලෙස සැලකේ. විශේෂයෙන් නිව් ඕර්ලියන්ස් (New Orleans) වෙළඳපොළේ කැටිති (granular) යූරියා මිල වසර තුනකට අධික කාලයකින් පසු ඉහළම මට්ටමට ළඟා වී තිබේ. 2022 දී යුක්‍රේන–රුසියානු යුද්ධය ආරම්භ වූ සමයේද පොහොර මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබූ අතර, එම වසරේ සැප්තැම්බර් වන විට යූරියා ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 910 දක්වා ඉහළ ගියේය. එහෙත් 2023 සහ…

Read More

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් ඇති කුෂ් මත් ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බගවන්තලාවේ පදිංචි 26 හැවිරිදි රියැදුරෙක් සහ 25 හැවිරිදි පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපලේ රේගූ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා තායිලන්තයේ බැංකොක් නුවර සිට නවදිල්ලිය හරහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි අවස්ථාවේ කුෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව ඇත්තේ.

Read More

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය බව පොලීසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. එහිදී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව, රෝහල් බලධාරීන්ගේ නිර්දේශය මත ඔහු යළිත් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. සුරේෂ් සලේ මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන සිටියි.

Read More

යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පවසා ඇත්තේ, යුද්ධය අවසන් වන්නේ ඉරානයේම නියමයන් සහ කාලරාමුව මත පමණක් බවය. යුද්ධය අවසන් වන වේලාව නියම කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානය ඉඩ නොදෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසයි. මෙහිදී ඉරාන විසින් යුද්ධය අවසන් කිරීමට කොන්දේසි 5ක් පනවා තිබේ එනම්, සතුරාගේ ‘ආක්‍රමණ සහ ඝාතන’ සම්පූර්ණයෙන්ම නැවැත්වීම, ඉරානයට එරෙහිව යළි යුද්ධයකට නොඑන බවට සහතිකය, යුද හානි සහ වන්දි ගෙවීම් සම්බන්ධනේ පැහැදිලි අර්ථ දක්වන ලද සහතිකය, කලාපය පුරා යුද්ධයට සම්බන්ධ වී සිටින සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් සහ ඊට…

Read More