Author: LFN

ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ආපදාව ලෙස සැලකෙන දිට්වා සුළිකුණාටුවෙන් මෙරටට හානි සිදුවී අදට (27) තෙමසක් ගතවෙයි. මෙම දරුණු ආපදා තත්ත්වයෙන් මෙරට පුද්ගලයින් 650කට දිවි අහිමි වෙද්දී අතුරුදන් වු 173 දෙනෙකු සොයා ගැනීමට තවමත් හැකිවී නොමැත. 2025 වසරේ නොවැම්බර් 25 වනදා සිට ශ්‍රී ලංකාවට දකුණු මුහුදු කලාපයේ හටගත් අඩුපීඩන කලාපය පසුව පීඩන අවපාතයක් බවට පත්වෙමින් නොවැම්බර් මස 27 වැනිදා සුළි කුණාටුවක් බවට පරිවර්තනය වුණි. එම සුළි කුණාටුව නම් කෙරුණේ “දිට්වා” ලෙසය. මෙම දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පැය 24ක් තුළ මිලිමීටර් 540ක් තරම් වු වැඩිම වර්ෂාපතනයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ඇඳහැලුණු අතර ඉන් දිස්ත්‍රික්ක 25න් 22කටම එල්ලවූයේ දැඩි බලපෑමකි. දිට්වා බලපෑමෙන් නිවාස…

Read More

ග්‍රාම නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් අද (27) සිට දිට්වා ආපදා සහන සේවා රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ සහන තක්සේරුව සඳහා නිසි චක්‍රෙල්ඛ නොමැති වීම, පොරොන්දු වූ දීමනා ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනි. මේ සම්බන්ධව අදහස් දක්වමින් සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තීය සමිති සංගමයේ සභාපති උපුල් කුමාර මහතා පැවසුවේ දිට්වා සහන සැපයීමේ ක්‍රියාවලීය සඳහා නිවැරදි ක්‍රමවේදයක් මෙතෙක් නොමැති බවය. ඒ අනුව මේ සඳහා සෘජුව මැදිහත්ව සිටින දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම්, ආපදාවේ හානිය පිළිබඳව ඇස්තමේන්තු සකස් කරන තාක්ෂණික නිලධාරී සංගමයත් ඒකාබද්ධව සාකච්ඡා කරමින් මෙම ආපදා සහන සැපයීම සාමාන්‍ය පරිදි සිදු කිරීමේ…

Read More

ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 454ක දිගුකාලීන සහන පැකේජයක් ප්‍රකාශයට පත් කිරීම අගය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ ක‌ළේ, ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය සංවිධානය කළ විශේෂ සැමරුම සහ රාත්‍රී භෝජන සංග්‍රහය අමතමිනි. ශ්‍රී ලංකා – ඉන්දියා සංගමයේ නිල සඟරාව එළිදැක්වීම සහ “Port of Call” ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරිය සහ මහ කොමසාරිස්වරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිණ. තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී ඉන්දියාව අප සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කර…

Read More

දූෂණ චෝදනාවක් මත හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය. මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරුට සාක්ෂි දීම සඳහා මාර්තු මස 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළේය. ඉන් අනතුරුව සාක්ෂි විභාගය මාර්තු 24 වනදා කැඳවීමට දින නියම කෙරුණි. 2014 වසරේ මැයි දින පෙළපාළියට සහභාගි වන සිය ආධාරකරුවන්ට දිවා ආහාරය ලබාදෙන ලෙස විත්තිකාර හිටපු අමාත්‍යවරයා විසින් කරනු…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අලුයම් කාලයේදී දිවයිනපුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

Read More

කෙරවලපිටිය කුණු කන්දේ හටගත් ගින්න සහ ඒ ආශ්‍රිත පාරිසරික බලපෑම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කෙරවලපිටිය ප්‍රදේශයේ වගුරුබිම් ගොඩකර පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය අංගනයේ පසුගිය (25) හටගත් ගින්න හේතුවෙන් ප්‍රදේශයේ පාරිසරික පද්ධතියට සහ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වූ බව නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන් වගුරු බිමක අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඇතිවන ස්වභාවික තෙරපුම සහ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් හේතුවෙන් මීතෙන් වැනි දහනය වන වායු සිරවීමේ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇති බැවින් කරුණු කිහිපයක් සම්බන්ධව වැඩ බලන පරිසර අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා විසින් මේ සම්බන්ධව වාර්තාවක් කැඳවා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත…

Read More

ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ භාරකාර මණ්ඩලය විසින් එක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ, පසුගිය වසර අවසානයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ ආපදාවට ලක් වූ විශ්වවිද්‍යාල සිසුන්ට ආර්ථික සහන සැලසීම සඳහාය. එම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ. අදාළ අයදුම්පත්‍ර ‍ www.mahapola.lk යන මහපොළ වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.

Read More

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ දිවයිනට ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි. 2024 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. “පවතින මෙම රාජ්‍ය යාන්ත්‍රණය හරහා 2024,2025 සහ 2026 වසරේදී රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වුණා. ඒ ව‌‌ගේම ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැති…

Read More

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය හිදී පැවැත්වුණි. ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේදී වගකීම් දරන ආයතන අතර ඒකාබද්ධතාවය අත්‍යවශ්‍ය බව මෙහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන් බව සඳහන් වේ. එක් එක් ආයතනවලට වෙන වෙනම කාර්යභාර සහ සැලසුම් පැවතියද, ඒවා සම්බන්ධීකරණය කර එක් යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වීම තුළින් ආපදා කළමනාකරණ හා සහන කටයුතු වඩාත් කාර්යක්ෂම හා සාර්ථකව ඉටු කළ හැකි බව ඔහු අවධාරණය කළේය. නිවැරදි තොරතුරු හුවමාරු කර ගැනීම සහ…

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කරන සංකේත වැඩවර්ජනය දැඩි ලෙස හෙළා දකින බව ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුව (VRS) පවසයි. බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නීතිවිරෝධී බවය. වෘත්තීය සමිති නායකත්වයෙන් එල්ල වූ තර්ජන මධ්‍යයේ වූව ද සේවකයින්ගෙන් සියයට 25කටත් වඩා අඩු පිරිසක් පමණක් මීට සහභාගීවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව ඔවුන් සඳහන් කරයි. දැනට ක්‍රියාත්මක වන ලංවිම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ හෝ රජයට විරුද්ධ දේශපාලන න්‍යාය පත්‍රයන්ට සහායදීමේ අරමුණින් කරන කිසිදු ක්‍රියාවකට සහභාගී නොවන ලෙසට සිය සාමාජිකයින්ට උපදෙස් දුන් බව ඔවුන් අවධාරණය කරයි. ලංවිම ස්වෙච්ඡා විශ්‍රාම…

Read More