Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන් ලබා දුන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (26) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. මොනරාගල පොලිසිය විසින් මැදගම, නන්නපුරාව, දිවියාපොල ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මොනරාගලදී ඊයේ අත්අඩංගුවට ගත් වෙඩික්කරු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ නීතීඥවරයා සැකකරුගේ නඩු දෙකක් සඳහා පෙනී සිට ඇති බවයි. එබැවින්,…
2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 06 දින සිට 2026 මාර්තු 15 දින දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇති බවයි. තවද, විෂය අංක 52 – නර්තනය (දේශීය), විෂය අංක 53 – නර්තනය (භාරත), විෂය අංක 54 – සංගීතය (පෙරදිග) සහ විෂය අංක 55 – සංගීතය (කර්ණාටක) යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු 09 දින සිට 2026 මාර්තු 16 දින දක්වා පැවැත්වීමට නියමිතය. මීට අමතරව,…
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදාවට හෙට දිනය වනවිට මාස තුනක් සපිරෙන නමුත්, එහි බලපෑමට ලක්වූ බොහෝ පිරිසක් අදටත් දැඩි පීඩාවකට මුහුණ දෙමින් සිටිති. මෙම පුවත ආපදාවෙන් නිවාස අහිමිව, තෙමසක් මුළුල්ලේම තාවකාලික කූඩාරම්වල ජීවත්වන පවුල් කිහිපයක් පිළිබඳවයි. දිට්වා සුළි කුණාටුව සමඟ ඇතිවූ නායයෑම් හා ගංවතුර හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රේන්දපොළ, ගහ්ගල ප්‍රදේශවලට දැඩි හානි සිදුවිය. එහිදී හග්ගල වතුයාය ප්‍රදේශයේ පවුල් 23ක් අවතැන් විය. අවතැන් වූ මෙම පවුල්වල සාමාජිකයන් තාවකාලික කූඩාරම්වල රැඳවීමට නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, ආපදාවට මාස තුනක් සපිරෙන මෙම අවස්ථාවේදීත්, එම පවුල්වලට තවමත් ස්ථිර නවාතැන් පහසුකම් හිමි වී නොමැති අතර, ඔවුන්ට තාවකාලික කූඩාරම්වලම දිවි…
ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් 15 හැවිරිදි දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. ගල්ගමුව පොලිස් වසමේ 39 කන්ද ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ඊයේ (26) උදෑසන මෙම දරුවා ට්‍රැක්ටර් රථයක රියදුරු අසුන අසල ඇති කොටසට නැගීමට යාමේදී ඇදවැටී ඇත. එහිදී එම ට්‍රැක්ටර් රථයේ රෝදයට දරුවා යටවී ඇති අතර තුවාල ලැබූ දරුවා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් වූ මහනාන්නේරිය ප්‍රදේශයේ දරුවෙකු බවය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ඉන්දියාවේ සිට මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී. 2024 වසරේදී දෙසැම්බර් 09වෙනිදා ඇප ලබා ගැනීමෙන් අනතුරුව ඉන්දියාව වෙත මුහුදු මගින් පළා ගිය පොඩි ලැසී, 2025 වසරේ ජනවාරි මස ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ. ඒ අනුව අද (27) අලුයම 05.55 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක…
ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ දෙයි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඔවුන් හැඳින්වීම සඳහා පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ. ඒ, එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය විසින් පත් කරනු ලැබූ අනු කමිටුවක් විසිනි. පසුගිය 23 වනදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධාන්තවයෙන් රැස්වූ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේදී සුදුසු පාරිභාෂිත වචන 100ක පමණ ප්‍රමාණයක් යෝජනා කර ඇත. මේ අතරින් ප්‍රධාන පාරිභාෂිත යෙදුම් 11ක් හඳුනාගෙන ඇති…
හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 05 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී, විත්තිකාරියට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා මූලික විරෝධතා ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, අදාල නඩුව මාර්තු මස 05 වන දින යළි කැඳවීමට නියම කළේය. 2019 ජනවාරි 14 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා කාලය අතරතුර, නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්.…
අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) ප.ව 2.00ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වේ. 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසර පත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට තම ඉඩමෙහි පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භූමිය මානව අවශ්‍යතා හා සංවර්ධන අවශ්‍යතාවන්ට යොදවා ගැනීමේදීත්, එම භූමිය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ…
කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී සුදු ඉර සහිත පදික මාරුවේදී වෑන් රථයක ගැටුණු නව හැවිරිදි දැරියක අනතුරින් දින හතරකට පසු මියගිය බව පදවිය පොලිසිය කියයි. පසුගිය (21) දින වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා පදවිය රෝහලට ඇතුළත් කළ දැරිය වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ එම දැරිය ජීවිතක්ෂයට පත් වූ බව පදවිය පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කදුරුවැව බෝගහවැව ලිපිනයේ පදිංචි සනුල්ලියා නැමැති නව හැවිරිදි දැරියකි. ඇය උපකාරක පන්තියකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය…
ආබාධ සහිත දරුවන් සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන රුපියල් 10,000ක අධ්‍යාපන ආධාර මුදල දරුවන් දෙදෙනෙකුගේ නමින් ලබාගෙන එම මුදල් අදාළ දරුවන් වෙත ලබා නොදී තම පුද්ගලික පරිහරණයට යොදා ගත් හිටපු සමාජ සේවා නිලධාරියෙකු දූෂණ චෝදනා වරද මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජ සේවා නිලධාරියෙකි. ආබාධ සහිත තැනැත්තන් සඳහා වු ජාතික මහලේකම් කාර්යාලය මගින් එක් දරුවෙකු සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන එකී මුදල් සැකකාර සමාජ සේවා නිලධාරියා විසින් ලබාගෙන ඉතා සූක්ෂම ලෙස ඔහුගේ පුද්ගලික පරිහරණයට යොදා ගැනීමේ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්…