Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අඩු බර දරු උපත් වැඩිවෙයි
    Local News

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    By LFNApril 17, 2026No Comments1 Min Read12 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට මව්වරුන්ට අඩු බර දරු උපත් සිදුවීමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය පවසයි.

    පසුගිය වසරේ එම කාර්යාංශය සිදුකළ සමීක්ෂණවලට අනුව අඩු බර දරු උපත් සිදුවීම සියයට පහළොවයි දශම එකක් (15.1 % ) ලෙස වැඩිවී ඇත.

    නමුත් 2024 වර්ෂයේ දෙසැම්බර් මාසය වනවිට අඩු බර දරු උපත් සිදුවීමේ සංඛ්‍යව ප්‍රතිශතයක් ලෙස සියයට දාහතරයි දශම හයක් ලෙස සටහන්ව තිබිණි. මෙම සමීක්ෂණයට අනුව අඩු බර දරු උපත් සිදුවීම වැඩිම ප්‍රතිශතයක් සටහන් වී තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සියයට විසිතුනකි (23%).

    දරුවකුගේ උපත් බර කිලෝග්‍රෑම් තුනක් හෝ කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් පන්සියයක් ලෙස සටහන් වී තිබිය යුතුය. එසේ වුවද ඉපදී පළමු සතිය තුළදී මව්කිරි බොන දරුවකුගේ බර සියයට දහයකින් අඩුවිය හැකි බවත් එම ප්‍රමාණයටත් වඩා ඉදිරි සතිවලදී බර අඩුවන්නේනම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් වෛද්‍යවරු පවසති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.