Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සාම පාගමනට ‘ආලෝකා‘ ඇතුළු පිරිස මෙරටට
    Featured

    සාම පාගමනට ‘ආලෝකා‘ ඇතුළු පිරිස මෙරටට

    By LFNApril 21, 2026No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ” ඒහිපස්සිකෝ ” ලෙස නම් කර ඇති ” ලෝක සාමය සදහා ඇවිදින්න නැමති සාම පා ගමන සදහා සහභාගී වීම සදහා ඇමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් සමඟ “ආලෝකා ” නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

    ඔවුන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට 21 දින අලුයම 05.47 ට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ .

    ඔවුන් පිළිගැනීම සදහා ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි , ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ” විශේෂ අමුත්තන්ගේ මැදිරිය ” පැමිණ සිටියහ .

    මෙහිදී ” ආලෝකා ” නැමති සුනඛයා ද , මෙම ගුවන් යානයෙහි අනෙකුත් ගුවන් මගීන් සමග මගී ආසනයක අසුන් ගෙන පැමිණ තිබූ අතර , ඉන්පසුව ” ආලෝකා ” ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා ගෙන පැමිණි අතර , එහිදී ඔහුට ආහාර සදහා කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් , පාන වර්ග කීපයක් ලබා දීම සිදු කෙරුණි .

    ඉන්පසුව එම වෛද්‍යවරුන් විසින් මෙම සුනඛයාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂාවකට ලක් කර , ඔහුගේ ලේ සාම්පල කීපයක් ද ලබා ගෙන , නීත්‍යානූකූලව රට තුළට ගැනීම සදහා වූ පරීක්ෂණ ගනනාවක් ද සිදු කර , ඒවායේ වෛද්‍ය වාර්තා ද , කඩිනමින් , පංඤ්ඤාකර හිමියන් වෙත භාර දීම ද සිදු කෙරුණි .

    වෙනත් රටවල දී මෙවැනි පරීක්ෂා කිරීම් ”ආලෝකා ” විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූවද , අපගේ වෛද්‍යවරුන්ගේ කාරුණිකභාවය , ඉහළ ආගන්තුක සත්කාර ” ආලෝකා ” සතුටට පත් කර තිබුණි . මෙම පරීක්ෂණ සිදු කෙරෙන අවස්ථාවේ දී , ඔහුගේ හාම්පුතා වූ වියට්නාම් ජාතික පංඤ්ඤාකර හිමියන් ද , ඔහු සමගම සිටීමට කටයුතු කිරීම විශේෂත්වයක් විය . එසේම ” ආලෝකා ” වෙනුවෙන් විශේෂ ගිලන් රථයක් ද , අවශ්‍ය වුවහොත් භාවිතා කිරීම සදහා සූදානම් කර තිබූ අතර , ” ආලෝකා ” එහි ගමන් නොකර , පංඤ්ඤාකර හිමියන් සමග , අනෙකුත් භික්ෂුන් වහන්සේලා ගමන් ගන්නා බස් රථය ගොඩවිය .

    මෙම බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිස , කටුනායක ගුවන් තොටුපොළ සිට විශේෂ රිය පෙරහැරකින් අත්තනගල්ල රජමහා විහාරස්ථානය වෙත කැදවා ගෙන යාමට පියවර ගෙන තිබුණි .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202602 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.