Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මාතර ලවණ බාධකයේ සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ
    Hot News

    මාතර ලවණ බාධකයේ සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

    By LFNApril 21, 2026No Comments2 Mins Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එකතු වීම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේ නිල්වලා ගඟ ආශ්‍රිතව විශේෂ ව්‍යාපෘතියක් ලෙස කරදිය බාධකයක් ඉදිකිරීමට කටයුතු කරන ලදී.

    එම කරදිය බාධකය හේතුවෙන් 2019 වර්ෂයෙන් පසු සෑම වර්ෂයකම වී වගාවට සිදු වූ හානි වාර්තා වී තිබේ.

    මාතර දිස්ත්‍රික්කය තුළ දික්වැල්ල, කඹුරුපිටිය, කැකුණදුර, මඩිහ, මාලිම්බඩ, මැද උයන්ගොඩ, කලල්ල, විල්පිට හා සෙසු ප්‍රදේශ තුළ පිහිටි වගා බිම් මෙලෙස නිරන්තරයෙන් හානියට පත්වීම සිදුව ඇත.

    මෙම ගැටලුව පිළිබඳව ගොවීන් හා ගොවි සංවිධාන විසින් පැවති රජයන් දැනුවත් කල නමුත්, එවකට පැවැති කිසිදු රජයක් මේ පිළිබඳව අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම ගැටලුව දිනෙන් දින උග්‍ර වී තිබේ.

    කෙසේ වෙතත් වර්තමාන රජය මෙම ගොවීන්ට සිදු වූ අසාධාරණය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් 2026 අයවැය මඟින් රු. මිලියන 1200ක මුල්‍ය ප්‍රතිපාදන මෙම වගා හානි වෙනුවෙන් ගෙවීම සඳහා වෙන් කරන ලදී.

    ඒ අනුව, 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත කන්න 7ක් සඳහා වන්දි ගෙවීමට රජය විසින් තීරණය කර ඇත.

    මාතර දිස්ත්‍රික් ලේකම්, මාතර ගොවිජන සංවර්ධන කොමසාරිස්, මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ, මහජන නියෝජිතයින්, අමාත්‍යාංශ නිලධාරීන්, හා මාතර ගොවි නියෝජිතයින්ගේ නිර්දේශ, යෝජනා හා අදහස් පිළිබඳවද අවධානය යොමුකර මාතර දිස්ත්‍රික්කයේ ලවන බාධකය හේතුවෙන් වී වගා බිම් වලට ඒ ඒ කන්න වලදී සිදු වූ හානි පිළිබඳව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත හානි වාර්තා කර ඇති ගොවීන් සඳහා මෙම වන්දි මුදල් ගෙවීමට තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.