Author: LFN

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල සුවිශේෂී ගැටලුවකදී හැර සෙසු සියලු අවස්ථාවල එම ප්‍රතිලාභීන්ට මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දබා දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබාදීමේ කටයුතු සම්බන්ධයෙන් වූ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදීය. පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීමේ හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි…

Read More

නුවරඑළිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇප මත මුදාහැර තිබේ. මෙම සැකකරු අද (22) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය විසින් රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත, දැඩි කොන්දේසි යටතේ මුදාහැරීමට නියෝග කළාය. එමෙන්ම නඩුව සැප්තැම්බර් 14 දින නැවත කැඳවීමටත්, අදාළ ගිනිඅවිය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයේ තබා ගැනීමටත් නියෝග කර ඇත. මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණයට භාර දීමට ද නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු…

Read More

කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන හලකට පැමිණි මෝටර් රථයකට ඉන්ධන ලබා නොදුන්නැයි උරණවී එහි පොම්පකරුට අදාළ මෝටර්රථයේ රියදුරු කම්මුලට පහරදීමක් සම්බන්ධයෙන් කැස්බෑව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව කැස්බෑව පොලීසිය පවසයි. අද (22) දින ක්‍රියාත්මක වන ලියාපදිංචි අංක තහඩුවේ ඉරට්ටේ සංඛ්‍යාවට ප්‍රතිවිරුද්ධ ඔත්තේ සංඛ්‍යාව හිමි එම වාහනයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහර දීම සිදුකළ බව එම පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය සඳහන් කරයි. මෝටර් රථයේ වම්පස අසුනේ සිටින කාන්තාව පෙන්වා ඇය තෙල් සංස්ථාවේ නිලධාරිනියක් බව පවසා රියදුරු විසින් ඉන්ධන ලබා ගැනීමට පැමිණ එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පවසයි. පැමිණිල්ලේ…

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් (විශ්‍රාමික) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නීති නිලධාරී වශයෙන් කටයුතු කරමින් ගොඩනැගිල්ලක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බදු පදනම ලබාගෙන ඇත. පසුව ඊට අදාළ බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට බදු ගිවිසුම් 03ක් සකස් කිරීම වෙනුවෙන් එකී ගිවිසුම් සකස් කිරීමේ ගාස්තු යැයි පවසා රු.4,134,887/- ක මුදලක් ඉල්ලා එයින් 2,000,000/- ක මුදලක් ලබාගෙන, ඉතිරි මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබේ. එම ඉතිරි මුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් අදාළ සමාගම නමින් මහජන බැංකුවේ පවත්වා ගෙන…

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ. ඉකුත් නඩු දිනයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් කරනු ලැබූ නියෝගයකට අනුව සැකකාර සුරේෂ් සලේ මහතා අධිකරණයට රැගෙන විත් තිබේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ගොනු කර තිබෙන නඩුකරයේ තුන්වන සැකකරු ලෙස සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇත. සුරේෂ් සලේ මහතා සැකකරුවකු ලෙස නම් කර ඇති බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඉකුත් නඩු දිනයේ කරන ලද…

Read More

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ Our Power – Our Planet (යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්) යන්නයි. 2026 වසරේදී අප මුහුණ දෙන පාරිසරික අභියෝගයන් අතරට දේශගුණික විපර්‌යාස, ජෛව විවිධත්වය හා පාරිසරික පද්ධති අහිමි වීම, කාර්මික අපද්‍රව්‍ය එක් රැස්වීම වන හායනය වැනි සංකීර්ණ ගැටළු රැසක් අවිදිමින් තිබේ. වර්ෂ 1970 අප්‍රේල් 22 දින ප්‍රථම වරට අමෙරිකා එක්සත් ජනපදයේදී ජගත් මිහිතල දිනය සමරා ඇති බව සඳහන්ය. අමෙරිකානු සෙනෙට් සභිකයෙකු හා පරිසරවේදියකු වු ගේලෝඩ් නෙල්සන් නැමැත්තා විසින් පුරෝගාමීව ආරම්භ කළ මෙම දිනය, පසුව ලොව පුරා ව්‍යාප්ත වී අද වන විට රටවල් 193ක බිලියන 1කට අධික ජනතාවගේ සහභාගීත්වයෙන් සමරනු…

Read More

දමිළ සිනමාවේ අතිශයින්ම ජනප්‍රියත්වයක් හිමි කරගන්නට සමත් නළුවෙක් වන සුරියා ශිවකුමාර් ශ්‍රීලංකාවට පැමිණ තිබෙනවා එ ශ්‍රීලංකන් ගුවන් සේවය හරහායි. ඔහු මෙසේ ලංකාවට පැමිණි ඇත්තේ ඉදිරියෙදි තිරගත වීමට නියමිත KARUPPU චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා බවයි වාර්තා වන්නේ.

Read More

අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නුවරඑළිය පොලීසිය පවසයි. රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි. නුවරඑළිය පොලිසිය සඳහන් කළේ, සැකකරු පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයට පැමිණ සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය වාර්තා වී ඇති බවය. එහිදී ඔහු සතුව තිබූ පිස්තෝලයක් පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට ලද පැමිණිල්ලක් අනුව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. තවද, සැකකරු…

Read More

ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මෙය ප්‍රකාශයට පත් කෙරුණේ කලින් ප්‍රකාශයට පත් කර තිබූ සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙරය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් මාසයකට අධික කාලයක් පුරා පැවති මෙම යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි අරමුණ බව වාර්තා වෙයි. සටහන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණද, පසුව එම ස්ථාවරයෙන් බැහැර වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන…

Read More

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (22) දඹුල්ලෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භ වුණා. භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය. එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි. ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ඊයේ දිනයේදී…

Read More