Author: LFN

ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන කීපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත. විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස කාලයක් තිස්සේ විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත්, ඊට අමතරව කිකිළියාමාන, ඇල්ල ඇතුළු සංචාරක ස්ථාන කීපයක්ද එලෙස කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කළ හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවත් මෙහිදී සාකච්ඡා කළ බව එම නිවේදනයේ සඳහන් වේ. මෙම…

Read More

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරවුලක් හේතුවෙන් රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනා මැයි මස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මැගසින් බන්ධනාගාරයේ ජේරල්වරයෙකු සහ නියාමකවරු දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (28) අළුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 06 වෙනිදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝග මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන අංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි. කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබේ. අද (28) පස්වරුවේ පැවැති විධායක කමිටු රැස්වීමකදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වෙයි. ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය. පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු ඇතුළු ක්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වූ අතර එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ පාර්ශව දැනුම් දී ඇතැයි පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළවිය. වර්තමානයේ දැඩි කතාබහට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෙක් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්…

Read More

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති හිමියන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමේ විභාගය අද (28) අභියාචනාධිකරණය හමුවේ අවසන් කර තිබේ. එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමි විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණි. මෙම පෙත්සම අද කැඳවනු ලැබුවේ ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය. එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ, පෙත්සම්කාර ස්වාමීන්වහන්සේ විසින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ බලපත්‍රයට අනුකූලව අදාළ ගොඩනැගිල්ලේ අනවසර ඉදිකිරීම් ඉවත්කර ඇති නිසා පෙත්සම්කරුට එරෙහිව ඉදිරි…

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා මැයි මස 05 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා පවසා තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

Read More

දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (27) දිනට අදාළ වාර්තාවට අනුව සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසයි. පුද්ගලයින් 27901ක් පරීක්ෂා කර ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 17ක් බව සඳහන් වෙයි. මේ අතර, දින වරෙන්තුකරුවන් 227 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,

Read More

ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තා අසල සිදුවූ දුම්රිය අනතුරකින් 14දෙනෙකු මියගොස් තවත් 84දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කාර්යාල දුම්රියක් සහ දුරගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මැදිරි තුළ සිරවී සිටින මගීන් මුදාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මක බව ද සඳහන්. අනතුරේ දරුණුතම බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරියට වන අතර මියගිය සියලු දෙනා කාන්තාවන් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුර හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් සීමා කිරීමට සිදුව ඇති බවද වාර්තා වේ. ඉන්දුනීසියාවේ ගොඩබිම් ප්‍රවාහන අනතුරු බහුලව දක්නට ලැබෙන අතර 2024 වසරේදී ද බටහිර ජාවා ප්‍රදේශයේ සිදුවූ දුම්රිය ගැටුමකින්…

Read More

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක වන කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන ප්‍රදේශ වල ක්‍රියාත්මක අන්තර් නිවාස ව්‍යාපෘති මැයි මස මුල් සතියේ ආරම්භ කිරීමටත්, කෙටි කාලයක් තුළ නිම කිරීමටත් සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා යුද හමුදා මූලස්ථානයේදී පවත්වා තිබුණි. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ අවතැන් වූ පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත සහ ජීවත්වීමට සුදුසු නිවාසවල තාවකාලීව පදිංචි කිරීමය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු තාක්ෂණය සහ ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ඇති. මෙම මුල පිරීම රජයේ ‘Rebuilding Sri…

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා අද (28) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණි. ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නියාමකවරයෙකු එය වැලැක්වීමට යාමේදී ඇදවැටීමකින් සැකකරුවෙක් මියගොස් තිබේ. කෙසේවෙතත්, මියගිය සැකකරුවාගේ ඥාතීන් ප්‍රකාශ කළේ, බන්ධනාගාර නිලධාරීන් සිදුකළ පහරදීමකින් මරණය සිදුවූ බවට සැකයක් පවතින බවය. මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු අද (27) පෙරවරු 11ට පමණ මැගසින් බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කර ඇති බව සඳහන්ය. එහිදී ක්‍රියාත්මක වූ බන්ධනාගාර නියාමකවරයෙකු ඔවුන් සමඟ පොරබැදීමේදී සිදුවූ ඇදවැටීමෙන් එක් සැකකරුවෙක් මියගොස් අනෙක් සැකකරු හා අදාළ නිලධාරීයා තුවාල ලබා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ,  සිද්ධිය සම්බන්ධයෙන්…

Read More