Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා
    Business

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    By LFNMay 1, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 අප්‍රේල් අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    2026 පෙබරවාරි අගදී ආරම්භ වූ මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ බාහිර අංශයේ පීඩනයන් රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇති බව එම බැංකුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අද දින නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.87ක් ලෙසත්, විකුණුම් මිල රු. 323.80ක් ලෙසත් සටහන් වී ඇත. එසේම, නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 319.34ක් ලෙස වාර්තා වී ඇත.

    මේ අතර, 2026 මාර්තු අග වන විට, චීන මහජන බැංකුව සමඟ ඇති විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.0ක් ලෙස පැවති බව මහ බැංකුව පවසයි.

    කෙසේ වෙතත්, මහ බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගැනීම් සිදු කළද, විදේශ ණය සේවා ගෙවීම් හේතුවෙන් එම මාසය තුළ දළ නිල සංචිත පහළ යාමට ලක්ව ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 334 ඉක්මවයි

    May 18, 2026

    ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

    May 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 202604 Views

    ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය…

    වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    අධිබලැති විදුලි රැහැනක් කැඩී මැල්සිරිපුර අවට ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටී

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.