Author: LFN
චීනයේ පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී මල්ලවපොර කාන්තා කි.ග්‍රෑ. 50 බර පන්තියේ රන් පදක්කම දින ගැනීමට නිපුණි වාසනා සමත් වී තිබේ. ඇය අවසන් තරගයේ දී වියට්නාම ක්‍රීඩිකාවක්වන ඩොන් ති කිම් ඕන්හ් 3-1 ක් ලෙස පරාජය කරමින් මෙම පදක්කම දිනා ගෙන ඇත.
වැඩි මිලට සම්බා සහල් අලෙවි කළ කොළඹ 11 ප්‍රදේශයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ 2ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ 11, පස්වන හරස්වීදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැලක් සම්බන්ධයෙන් මෙම නීතිමය පියවර ගෙන ඇත. වැටලීමේදී අනාවරණය වූයේ, රුපියල් 240ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති සම්බා සහල් කිලෝග්‍රෑම් 05ක් රුපියල් 1425කට, එනම් කිලෝවක් රුපියල් 285 බැගින් පාරිභෝගිකයන්ට අලෙවි කර ඇති බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (28) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර, අදාළ වෙළෙන්දා මීට පෙරද මෙවැනි වැරදි දෙවරක් සිදු කර…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ මහතා ඉලවාලෙයි පොලීසිය මගින් පසුගිය 27 වනදා උදෑසන අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. පසුගිය 25වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කර තිබුණි. ඒ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙනි. අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර අදාළ ඉඩම තමාට අයත් බව මන්ත්‍රී අර්ච්චුනා පවසන අතර කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇත. ඒ අනුව පසුගිය 25වනදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම…
අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කිරීමට නියමිත සීමිත සංස්කරණ විදේශ ගමන් බලපත්‍රයක් බව සඳහන් වේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක දැනට බලයේ සිටින නායකයෙකුගේ රුව විදේශ ගමන් බලපත්‍රයක මුද්‍රණය කෙරෙන දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය සැලකෙන අතර, එය ඉතිහාසගත සිදුවීමක් විය හැකි බවද වාර්තා වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) යළි කැඳවීමට නියමිතව තිබේ. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදීය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි. මෙම නඩුවට අදාළව පසුගිය අප්‍රේල් මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. ඒ ඔවුන්ගේ නිවසේ දීය. ප්‍රකාශ සටහන් කරගැනීමට ඇගේ නිවසට එන ලෙසට මෛත්‍රී…
ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විය ඒ මහතා 90 වන වියේ පසුවුණි. 1936 මැයි මාසයේ දී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ගම්මානයේ උපත ලැබූ ඒ මහතා, සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලක හයවැනියා යි. ද්විතීයික පාසලක් වූ පාලටුවේ ගුණරතන මහා විදුහලෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ ඒ මහතා, වයස අවුරුදු 15 දී පමණ කළුතර ප්‍රදේශයට පැමිණියේ පවුලේ පැවති ආර්ථික ප්‍රශ්න හමුවේය. කාලයක් ගත වෙද්දී ඔහු පොත් බඳින්නකු ලෙස සේවය කළ ඔහුට රැකියාව හදිසියේ අහිමි විය. ඉන්පසු 1957 දී තවත් අයකු සමඟ ගොඩගේ තරුණයා හවුල් ව්‍යාපාරයක් ඇරඹූ අතර, කුඩා කඩයක් කුලියට ගෙන ව්‍යාපාරය කරගෙන ගියේය.…
ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “එ්හි පස්සිකෝ” සාම පාගමන අවසන් කරමින් මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියහ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති වේ. දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර, කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ…
ගුවන් හමුදා බුද්ධී තොරතුරක් මත ගලේවෙල ප්‍රාදේශයෙදී වනජීවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකල වැටලීමකදී දැඩි ආරක්ෂීත බෙල්ලන් විශාල සංඛ්‍යාවක් හා තවත් සත්ව කොටස් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි. මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුනේ අවුරුදු 53,42,19 සිමාවල පත්කොලගොල්ල ගලේවෙල හා අලුත් බඹරගස්වැව පදිංචි සැකකරුවන් පිරිසකී. ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් කලක සිට සිදුකල බුද්ධි මෙහෙයුමකදී මෙලෙස දැඩි ආරක්ෂීත සුමට මකුළු බෙල්ලන් හා මුව අං තට්ටු තොගයක් අත් අඩංගුවට ගෙන ඇත. ගුවන් හමුදා බුද්ධී නිළධාරීන් හා වනජීවි නිළධාරීන් විසින් උපාය දූතයින් යොදවමින් අදාල මෙම ජාවාරම්කරුවන් සුක්ෂම ලෙස රවටා අදාල දෑ මිළදි ගැනිමේ අරමුනීන් පැමින වැටලීම සිදුකර…
විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී භික්ෂුන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන මෙන්ම, ඒ හමුවේ මතු වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මේ වන විට විෂ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබීම මෙම සිදුවීම සමඟ මනාව තහවුරු වන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එබැවින් විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා වඩා ශක්තිමත්ව අත්වැල් බැඳ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. රට ආර්ථික සහ සමාජයීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළෙහිදී සම්බුද්ධ සසුන සහ ඒ සමඟ ගොඩනැඟී ඇති හර…