Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට
    International

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට

    By LFNMay 4, 2026No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජනපදය ඉරානය සමඟ ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

    හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමෙරිකානු හමුදා යෙදවීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

    මෙම නව සමුද්‍රීය මෙහෙයුම “Project Freedom” ලෙස නම් කර ඇති අතර, අවහිරය හේතුවෙන් සිරවී ඇති ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවෙමින් පවතින නෞකාවල කාර්ය මණ්ඩල වෙනුවෙන් කරන ලද මානුෂීය මැදිහත්වීමක් ලෙස ද ඔහු මෙය හඳුන්වා ඇත.

    “අපි එම නෞකා සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සමුද්‍ර සන්ධියෙන් පිටතට ගැනීමට උපරිම උත්සාහයක් ගන්නවා. ප්‍රදේශය නාවික ගමනාගමනයට ආරක්ෂිත වන තෙක් ඔවුන් නැවත නොපැමිණෙන බව සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබෙනවා,” යනුවෙන් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

    ට්‍රම්ප්ගේ මෙම නිවේදනයත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටී ඇත.

    කෙසේ වෙතත් ඉරානය සඳහන් කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නව සමුද්‍රීය පාලන ක්‍රමයට සිදු කරන ඕනෑම අමෙරිකානු මැදිහත්වීමක් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවය.

    මීට පෙර ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බාකේ පැවසුවේ, යුද්ධය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ කරුණු 14කින් යුත් සැලසුමක් ඉදිරිපත් කර ඇති බවත් පාකිස්තාන මධ්‍යස්ථකරුවන් හරහා වොෂින්ටනය දැනටමත් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.