Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
    Local News

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    By LFNMay 2, 2026No Comments2 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    භික්ෂුන් වහ­න්සේට එරෙ­හිව පසු­ගිය කාලයේ මතුවී ඇති නීති­වි­රෝධි සහ සදා­චාර විරෝධි චෝදනා හේතු­වෙන් බෞද්ධ සමා­ජය තුළ දැඩි කම්පා­වක් ඇතිවී තිබෙන බව ඇඹි­ලි­පි­ටි­යේදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් උන්ව­හන්සේ සඳ­හන් කළහ.

    මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ:

    “කටු­නා­යක ගුව­න්තො­ටු­පොළේ ඇති වූ සිද්ධිය සම්බ­න්ධ­යෙන් 22නමක් චෝදනා ලබලා තියෙ­නවා. මෙරට 39,700ක් පමණ වන භික්ෂු පිරිස අතර ඉතාම සුළු පිරි­සක් තමයි මේ ශාසන විරෝ­ධීව, විනය විරෝ­ධීව ක්‍රියා කරන්නේ. මෙවැනි භික්ෂුන් වහන්සේ නීති­වි­රෝධි හා සදා­චාර විරෝධී ක්‍රියා­ව­ලට සම්බ­න්ධ­වීම නිසා සමස්ත සංඝයා වහන්සේ ගැන සැක­යක් මතු­වෙන තත්ත්ව­යක් ඇතිවී තිබෙ­නවා. මෙවැනි චෝදනා සම්බ­න්ධ­යෙන් දැන් සමා­ජයේ විශාල කතා­බ­හක් පව­ති­නවා.

    මෙවැනි සිද්ධීන් හේතු­වෙන් විශේ­ෂ­යෙන්ම දාන­මාන දී සිවු­ප­ස­යෙන් භික්ෂුන් වහ­න්සේට උප­කාර කරන බෞද්ධ ගිහි ජන­තාව දැඩි ලෙස කම්පා­වට පත්වෙ­නවා. “අපි ගෞර­ව­යෙන් සල­කන සංඝ­ර­ත්නය මෙවැනි ක්‍රියා­ව­ලට සම්බන්ධ වන්නේ ද?” යන ප්‍රශ්නය ඔවුන් තුළ මතු වෙනවා. ඒ නිසා අප භික්ෂුන් වහන්සේ වශ­යෙන් සැදැ­හැති ජන­තා­වට දැඩි කන­ගා­ටුව ප්‍රකාශ කර­නවා.

    භික්ෂුන් වහන්සේ ලියා­ප­දිංචි කිරීමේ ක්‍රමය තිබු­ණත්, ලියා­ප­දිංචි නොවූ අයට පැහැ­දිලි දඬු­ව­මක් නොමැති වීම විශාල ප්‍රශ්න­යක්. මෙය පව­තින නීති ක්‍රමයේ දුර්ව­ල­තා­වක් ලෙස සල­කන්න පුළු­වන්. සංඝා­ධි­ක­ර­ණ­ය­කින් තීරණ ගත්තත් ඒවා ක්‍රියා­ත්මක කිරී­මට බලය තියෙන්න ඕනේ. එම නිසා පොලී­සිය, අධි­ක­ර­ණය රාජ්‍ය සමඟ සම්බන්ධ වූ නීති­ගත සංඝා­ධි­ක­රණ පද්ධ­ති­යක් අව­ශ්‍යයි.

    නීතිය කඩන භික්ෂු ප්‍රති­රූ­ප­ක­යන් සමා­ජයේ බහු­ල­වී­මත් සමඟ ඒක නව­ත්වන්න භික්ෂු නීතිය තියෙ­නවා, ව්‍යව­ස්ථාව තියෙ­නවා. නමුත් ඊටත් වඩා රාජ්‍ය නීති­යක් අපට අවශ්‍ය වෙනවා. නිකායේ නීති-රීති­ව­ලට අනු­ගත නොවන වැඩි­හිටි භික්ෂුන් වහ­න්සේගේ අව­වාද ඉක්මවා කට­යුතු කරන භික්ෂු­වට සංඝා­ධි­ක­රණ පවත්වා දඬු­වම් දිය යුතුයි. මෙවැනි සිද්ධීන් සලකා බලා, බෞද්ධ ශාස­නය තුළ ශක්ති­මත් නීති හා පාලන පද්ධ­ති­යක් හඳුන්වා දිය යුතුයි. මෙම තත්ත්වය පාල­නය කිරීම සඳහා සංඝා­ධි­ක­රණ පද්ධ­තිය නීති­ගත කර එහි තීරණ රාජ්‍ය අධි­කා­රිය මඟින් ක්‍රියා­ත්මක කළ යුතුයි.

    විදේ­ශ­ගත වන භික්ෂුන් වහන්සේ සම්බ­න්ධ­යෙන් දැඩි පරී­ක්ෂණ ක්‍රම­වේ­ද­යක් හඳුන්වා දිය යුතුයි. ඔවුන්ට නිල අව­සර සහ ආරා­ධනා ලිපි ඇතු­ළත් කර­ග­නි­මින් පූර්ණ පාල­න­යක් පව­ත්වා­ගත යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.